මත්තේගොඩ හමුදා කඳවුරේ පිපිරීමක හඩ ඇසෙන බව ඒ ආසන්නයට ගිය කහතුඩුව පොලීසිය කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද ඒ බව තහවුරු කළේය.
එහෙත් එහි ගිය පොලිසියට කඳවුර තුළට පිවිසීමට ඉඩ ලැබී නැත.
කඳවුරේ ගේට්ටු වසා ඇතැයි පොලීසිය කියයි.
මත්තේගොඩ හමුදා කඳවුරේ පිපිරීමක හඩ ඇසෙන බව ඒ ආසන්නයට ගිය කහතුඩුව පොලීසිය කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද ඒ බව තහවුරු කළේය.
එහෙත් එහි ගිය පොලිසියට කඳවුර තුළට පිවිසීමට ඉඩ ලැබී නැත.
කඳවුරේ ගේට්ටු වසා ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මේ වගේ ප්‍රශ්න වලදී තමයි පොලිසිය තමන්ටත් ඇඟිලි ගහන්න බැරි දේවල් රටේ තියෙනවා කියලා දැනගන්නේ. තව ප්‍රභල දේශපාලකයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් වුණොත්, එතකොටත් දැනගන්නවා තමන්ට කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා කියලා. හැබැයි පාරේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට නම් සීමාවන් බලපාන්නේ නැහැ (නි)
පොලිසියට බැහැ හමුදා කඳවුරකට ඇතුළුවෙන්න. පොලිසියට අයිති සිවිල් කටයුතු. හමුදාව තුළ ඒ සඳහා වෙනම පොලිසියක් ඇත. (නි)
එකට තමා මිලිටරි පොලිසිය ඉන්නේ , අනිත් අය කල බල වෙන්නේ ඕනේ නැහැ, (අ)
නීතිය නොදන්නා පොලීසිය. (ස)
අපි දන්න විදියට නම් රටක තියෙන්නේ එක නීතියයි. ඒ නීතියට හැමෝම යටයි (නි)
ඒක ඇතුළට පොලිසිය ගියා නම් එතනත් ඉවරයි. හමුදාවේ වැඩ හොයන්න අදාළ නිලධාරීන් ඉන්නවනේ. අනික පොලිසිය හොයනවා නම් තව කොයිතරම් දේවල් තියනවද හොයන්න? (නි)
මෙයට වඩාත්ම සුදුසු හමුදා පොලිසිය මැදිහත්වීමයි. පොලිසියට මේවා පිළිබඳ දැනුම අල්පයි. අනතුරක් වෙන්නත් ඉඩ තියෙනවා. මොනවා වුණත් ගේට්ටු වසා තැබීම සුදුසුයි (නි)
හමුදාවට පොලීසියේ ආරක්ෂාව අවශ්‍ය නැහැනේ! එහෙම අවශ්‍ය වුණොත් එයාලා කියයිනේ! අවසර නොමැතිව කඳවුර තුළට පොලිසියට ඇතුළුවිය නොහැකියි (නි)
පිපිරීම වුණේ හමුදා කඳවුර ඇතුළේ නිසා මම හිතන්නේ ඒ ගොල්ලෝ ඒක බලාගනීවි. (නි)
හමුදාවේ දේවල් වලට අනවශ්‍ය විදිහට පොලිසියේ මහත්වරු මැදිහත්වෙන්න අවශ්‍ය නැහැනේ. (නි)
කොහොම වුණත් මොනවා කිවුවත් අන්තිමට පොලිසියට එන්නම වෙනවා. අපි දන්න විදියට නම් රටක තියෙන්නේ එක නීතියයි. ඒ නීතියට හැමෝම යටයි (නි)
එකත් හරි තමා හොරු එනකොට ගෙවල් දොරවල් වහගන්න එපාය, මොන කරදර වෙලා තිබුනත්. (අ)
අපි දන්න විදිහට නම් පොලීසියට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ තැනක පුලුවන් (නි)
හමුදා කදවුරක් , කියන්නේ මොකක්ද කියල පොලිසිය දන්නේනැද්ද? අවසර නොමැතිව කිසිවෙකුට ඇතුළුවිය නොහැකිය , හමුදාවේ දේවල් එයාල විසඳගනිවී, පොලිසියට අයත් කොටස හරියට කළොත් හොදටම ප්‍රමාණවත්ය, මතකනේ තුන්නාන සිද්ධිය, නොදන්නා තැන්වලට ගොස් ඔලුව දැමීම අනතුරු සහිතය,(අ)
මේ වගේ අවස්ථාවක අවශ්‍ය වන්නේ පොලිසිය නෙමෙයි ගිනී නිවන රථ. ගිනි නිවන රථ ඇතුලට යන්න අවසර දීල තියෙන්නේ. මොකද පොලිසියෙන් ඇවිල්ල කටින් පිඹල ගින්න නිවන්නද එයාල ඇතුලට ගන්න කියන්නේ. හමුදාව දන්නවා හදිසි අවස්ථාවක කොහොමද මුහුණ දෙන්නේ කියල. පොලිසියට ආරක්ෂාව ඕන වුණාම හමුදාව එනවා මිසක් හමුදාවේ ආරක්ෂාවට මොනම රටකවත් පොලිසිය එන්නේ නැහැ. (අ)
හමුදාවේ දේවල් වලට අනවශ්‍ය විදිහට පොලිසියේ මහත්වරු මැදිහත්වෙන්න අවශ්‍ය නැහැනේ හමුදා කදවුරක් , කියන්නේ මොකක්ද කියල පොලිසිය දන්නේනැද්ද? අවසර නොමැතිව කිසිවෙකුට ඇතුළුවිය නොහැකිය(අ)
මේවායින් පොලිසියේ නමත් කැතවෙනවා නේද? එතකොට මොකක්ද මේකට පොලිසිය ගත් පියවර? ආපසු හැරීගියාද? (නි)
එහෙමයි අපේ නීතිය එතකොට. (නි)
මම මේ සටහන දාන්නේ මේ සඳහා කිසිම තේරුමක් නැතුව ප්‍රතිචාර දාපු අයටයි. ඔබ මේ ගැන නොදන්නවා නම් නිහඩව ඉන්න. තමන්ගේ තරම අන් අයට පෙන්වන්න එපා සහෝදරයා. හමුදා කඳවුරක බෝම්බ ගබඩාවක පිපිරීමකට පොලීසිය මොකටද? ඒකට කඳවුර තුළ බෝම්බ නිෂ්ක්‍රීය අංශයක් තිබෙනවා. ඒක එයාලා බලාගනීවි. මේ වගේ වෙලාවට ගේට්ටු වසා දමන්නේ ආරක්ෂාවට. (නි)
ඇති ඔයින් බේරුනා! (නි)
මට නම් හැඟෙන්නේ ඕක ඇතුළේ ප්‍රශ්නයක් කියලයි (නි)
අනුර ඔයා හරි. නිතිය දන්නවා නම් ඇතුලට එන්න ඉඩ දෙන්න ඕනි. එයාලා හිතාගෙන ඉන්නේ රටේ සිවිල් නීතිය හමුදා නීතිය කියලා. (නදී)
ඇයි මේවාට වගකියන්න පුලුවන් ඉහළ නිලධාරීන් නැද්ද? (නි)
හමුදාවේ දේවල් වලට අනවශ්‍ය විදිහට පොලිසියේ මහත්වරු මැදිහත්වෙන්න අවශ්‍ය නැහැනේ (නි)
පොලිසිය ඉන්නේ සිවිල් ආරක්ෂාවට මිසක් යුධ හමුදා ආරක්ෂාවට නෙමේ. (අ)
මේ මුළු ලංකාව ඇතුළත ඕනෑම තැනකට යන්න පොලිසියට පුළුවන් වෙන්න ඕනෑ (නි)
යුද්ධ හමුදා කඳවුරක් තුල සිවිල් නීතිය බල නොපායි. අවසර නොමැතිව පොලිසියට ඇතුල්විය නොහැක.(අ)
අනුරංග, ඔයාගේ අදහස හරියටම හරි (නි)