(බුලත්සිංහල ලක්මි කුඩලිගම)

මතුගම ඩිපෝවෙන් ධාවනය වන සියළු බස් රථ සේවකයන්ගේ වර්ජනයක නිරත වීම නිසා  පාසල් සිසුන් ඇතුළු සියලු මගීජනතාව පීඩාවට පත්ව සිටිති.

මතුගම ඩිපෝවේ බස් රථ සේවකයන් දෙදෙනකුට පසු ගිය (11)දා සවස පැලවත්ත නගරයේදි පහරදුන් සැකකරුවන් අත් අඩංගුවට නොගැනීමට විරෝධය දක්වමින් සේවකයෝ මෙසේ වර්ජනයේ නිරත වෙති.

මතුගම - පැලවත්ත මාර්ගයේ ගමන් වාර පිළිබඳ ප්‍රශ්නයක් මුල් කරගනිමින් පසු ගිය (11)දා ලංගම රියදුරකු සහ කොන්දොස්තරවරයකු පුද්ගලික බස් සේවක පිරිසකගේ පහරකෑමට ලක්වු බව ලංගම සේවක පිරිස කියති.

පහර කෑමට ලක්වු සේවකයකු තවමත් රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටින අතර සිද්ධිය පිළිබඳ මීගහතැන්න පොලිසියට පැමිණිලි කර ඇතැයිද ලංගම සේවකයෝ කියති.