මන්නයක් අමෝරාගත් මිනිසෙක් නඩත්තු නඩුවක වගඋත්තරකරුවකු පසුපස හඹා යමින් මතුගම මහේස්ත්‍රාත් උසාවි භූමියට ද අද ඇතුළු විය. ඔහුගේ මව ද එහි සිටි බව පොලීසිය කියයි.
ඒ අවස්ථාවේ මහේස්ත්‍රාත් දක්ෂිකා චාමිණී විජේබණ්ඩාර මහත්මිය අධිකරණ කටයුතු අත්හිටුවා විනිශ්චාසනයෙන් නැගිට ගියාය.
වගඋත්තරකරු අධිකරණ ශාලාවට දිව ආවේය.
තව මිනිසෙක් ඔහු ලුහු බැන්දේය.
ඔහු ළඟ තුබූ මන්නය ඒ වන විට උසාවි ගේට්ටුව අසල ලෑලි ගොඩකට තබා තිබිණි. ඇසිඩ් බෝතලයක් ද එහි විය.
පොලිසිය එම පුද්ගලයා ද, ඔහුගේ මව ද අත්අඩංගුව ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අණ්ඩර දෙමල වැඩක්ද මේ? (නි)
ඔන්න අරය නිදහස් ලු.(නදී)
දෙමල චිත්‍ර පටවල දේවල් අද ලංකාවේ සැබෑ ජීවිතයේ දක්නට ලැබීම මොන තරම් කනගටුවක්ද?අද රටේ සාර ධර්ම පිරිහිලා. පත්තරයක් අරන් මුලසිට අග දක්වා දුෂණ වංචා මිනීමැරුම් මංකොල්ල,බාලඅපරාධ ස්ත්‍රී ධුෂණ,හැම දේකටම මුල රටේ නීතිය වල වල් වදීමී.පොලීසිය නිතිය ක්‍රියාත්මක කලොත් විතරය් රට හැදෙන්නේ!(ස)
ටෙලි ඩ්‍රාමා එකක් වගේ (නි)
නීතිපති තුමනි, මෙයාව නම් නිදහස් කරන්න එපා. මොකද නඩුකාරතුමියත් ඇස් දෙකෙන්ම දැක්කනේ. (නදී)
දම්, මමත් එකගයි (නි)
ඔව් චතුල මමත් ඔයාට එකගයි.(නදී)
හේරත්, ගුරා හිටගෙන කොරනකොට ගෝලයෝ දුව දුවා කොරනවා කියන්නේ මේවට නේද ? වචනයේ පරිශුධියෙන්ම නියමයි.
මට නම් ඉවසා ගන්න බැරි තරමට හිනා. උසාවියටම ගිය එක හොදයි. (නි)
මේ ත්‍රාස ජනක කතාවේ චරිත කීපයක්... මන්නකරු ,සැකකරු,විනිශ්චයකරු,පොලිස්කරු,සියලු දෙනාම 'කරු' වීම තමයි ලස්සන . (නි)
ගුරා හිටගෙන කොරනකොට ගෝලයෝ දුව දුවා කොරනවා කියන්නේ මේවට නේද ? (නි)
මට හොඳටම විශ්වාසයි මෙම පුද්ගලයා සාධාරනය නීතියෙන් ඉටුනොවූ අසරණයෙක් බව. මම නම් හිතන්නෙ වල්වැදුනු නීතිය හමුවෙ රටේ මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ කියලා. (නි)