මත්කුඩු ජාවාරම් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දෙවැනි පෙළ තැපැල් ස්ථානාධිපතිවරයකු ඇතුළු තිදෙනෙක් අප්‍රේල් 19 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (7) නියෝග කළාය.
මෙම නඩුවේදී රහස් පොලිසිය ඔවුන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ තුර්කියේ සිට මෙරට ශීඝ්‍රගාමී තැපෑලට කිලෝ ග්‍රෑම් 70ක් බර පාර්සල් 5ක් එවා අදාළ තැපැල් ස්ථානාධිපති මගින් අයථා ලෙස මුදල් ලබාගැනීමට කටයුතු කළ බවට තොරතුරු ලැබී ඇති බවයි.
මෙහි ප්‍රධාන සැකකරු කොළඹ දයා පාරේ තාවකාලිකව පදිංචිව සිටි පාකිස්තාන ජාතික මොහොමඩ් ඉර්ෆාන්, දෙවැනි සැකකරු වන කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායක කේ. ජේ.ජයලත් ඇන්තනි සහ තෙවැනි සැකකරු වන දෙවැනි පෙළ තැපැල් ස්ථානාධිපති පූගොඩ පදිංචි එච්.ලලිත් ප්‍රියන්ත ගුණසේකර යන අය එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd