(මනෝප‍්‍රිය ගුණසේකර)
බන්ධනාගාර තුළට පිටතින් මත්ද්‍රව්‍ය පැමිණෙන බවට ලැබුණු තොරතුරු වලට අනුව සමහර බන්ධනාගාර නිලධාරීන් සහ සමහර රැඳවියන් සම්බන්ධයෙන් බරපතල තීන්දු තීරණ ගැනීමට සිදුවු බවත් බන්ධනාගාර තුළ සිට මත්කුඩු ජාවාරම් කරන ඉතිරි ටික දෙනාත් වෙනත් බන්ධනාගාර වලට මාරු කරන බවත් අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද (21) පැවසුවාය.
නඩු ප‍්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් අලුත්කඬේ අධිකරණ සංකීර්ණයේ ස්ථාපනය කරනු ලැබු ප‍්‍රථම ස්ථිර තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් තලතා අතුකෝරල මහත්මිය එසේ පැවසුවාය.
තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණ ශාලාවෙන් පිටත කොරිඩෝවේදී මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් එසේ කී තලතා අතුකෝරල මහත්මිය ජේ.ආර්. ජයවර්ධන මහතා හදපු ව්‍යවස්ථාව 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එය වෙනස් කළ නමුත් එය මේ වන විට යළිත් වෙනස් වී ඇති බවත් කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ වර්ථමාන ජනාධිපතිවරයාට පමණක් යැයිද කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයේ සුබසිද්දිය වෙනුවෙන් අවංකව ඕනෑම තීරණයක් ගැනීමට බිය නොවන්න. එවන් තීරණ ගැනීම්වලට අවංක පුරවැසියන් කිසිලෙස විරුද්ද නොවනු ඇත.
අර පහුගිය දවස්වල කිව විදිහට කුඩුකාරයන්ට මරණ දඩුවම දෙන්නේ නැද්ද ? එහෙම හිරේ ඉඳන් කුඩු බිස්නස් කරන එක්කෙනෙකුට දෙන්නෙකුට මරණ දඩුවම දුන්න නම් , අනිත් ඈයෝ මාරු කරන්න එපා කියා කියා වැලිකඩ වහලවල් උඩ නැගගෙන දඟලන එකක්ක නැහැ,
රවින්ද්‍ර මහතා වෙත .. අද වෙනකන් ජනතාවගේ පැත්තෙන් බලල නිවැරදි තීන්දු ගත්ත එකම අමතිකෙනේකුටවත් යහතින් ඉන්න ලැබුනද කැබිනට්ටුවේ .. ඔබ නිදාගෙනද හිටියේ