‘නාවික හමුදාව නිල නිවස ඉල්ලා සිටිනවා නම් අපට බලෙන් ඉන්න බැහැ. නමුත් එම නිවස බාර දුන්නොත් මටයි දරුවන්ටයි යන්න තැනක් නැහැ‘ යැයි රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය එසැණ සමග පැවසුවාය.
තමන්ගේ ආරක්ෂාව සහ රැකවරණය ජනතා විමුක්ති පෙරමුණ බාරගන්නා බවට ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය කියා සිටියේ මෙතෙක් තමන් පිළිබඳ කිසිදු සෙවීමක් නොකර තමන්ගේ ඇමැතුමකට පිළිතුරු නොදෙන ජනතා විමුක්ති පෙරමුණ තමන් බාරගන්නේ කෙසේද යන්න එම පෙරමුණෙන් ප්‍රශ්න කරන බවයි.
මෙම චෝදනා අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ එසැණට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් ළඟ තිබු දේපල වලට මොකද වුණේ (අ)
සැලකුවද නැද්ද තියල ඒ මනුස්සය ඇරෙන්න වෙන කවුද දන්නේ. ඉතින් චෝදනා අසත්‍ය බව කියන්නේ කොහොමද. අපි නොදන්නා රතු අලි (බ)
ඇත්ත ඇත්ත. මෙතෙක්කල් නොකළ දේ ඉදිරියට බලාපොරොත්තු වෙන්න බැහැ (නි)
ඒ කාලේ මැරුණ, මැරුව අහිංසකයින්ගේ දරු පවුල් වලට මොනවාද වෙන්නේ (බ)
මෙතෙක්කල් ජේවීපිය රෝහණ විජේවීර මහතාගේ පවුල වෙනුවෙන් කළදේවල් අපිට පැහැදිලි කරන්න. (නි)
අපිත් පිළිගන්නවා ඒ කතාව (නි)
ඇත්තටම මේ නෝනගේ ඡන්ද වටිනා කම නම් හරිම ඉහලයි , දැනටම කට්ටිය සෙට් වෙලා ඇති මාර්කට් කරන්න , නෝනේ බලාගෙන පරෙස්සමෙන් (අ)
මම නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)
ජේවීපිය මේ ගැන මොකද කියන්නේ? (නි)
ජේවීපිය මේකට මාධ්‍ය කැඳවලා ස්ථාවරය පැහැදිලි කරන්නේ නැත්තේ ඇයි? (නි)
ඒවා ගැන හොයා බලන්න වෙලාවක් තුබුණේ නැති හැඩයි (නි)
තමන් හිසට තම අතමය සෙවණැල්ල (නි)
අන්තරේ ළමයිට කිව්වා නම් ශ්‍රමදානයක් දාලා ගෙයක් හදවලා දෙයි. (ම)
අනේ ඇත්තට ප්‍රභාකරන් මැරුණේ කොහමද කියල විවාද කරන අය විජේවීර මැරුණේ කොහමද කියල අහන්නේ නැහැනේ .(අ)
මහජන මුදලින් යැපුන කාලේ ඉවරයි. (ම)
කොහොමද ඉතින් ප්‍රභාකරන්ව මැරුවා වගේ තමයි. (අ)
යූ එන් පී ආණ්ඩුවකට ජේ වී පී එක සපෝර්ට් කළා මිස විජේවීර මැරුවේ කොහොමද කියල පරීක්ෂණයක් ඉල්ලුවේ නැහැ. (අ)
මටයි දරුවන්ටයි කියන්නේ දැන් දරුවන්ට අවුරුදු 35 පැනල නේද?තාවමත් දරුවෝ ඉගෙන ගන්නවද මේක හතර බිරි කතාවක්නේ මහත් මියෙනි.දැන් වත් තනියෙන් යැපෙන්න බලන්න මොකද දරුවන් රස්සාවල් කරනවා ඇතිනේ.ලජ්ජා නැද්ද තවත් ඔහොම රැදෙන්න. 1980 -1984 කලේ නේද ඔතනට ගියේ. (බ)
ජවිපෙ මේ දිනවල අලි වෙස් අරගෙන මහා වනන්තරේ බටකොළ කනවා. (බ)
රෝහණ විජේවීර මැරුවට ජීනිවා මානවවාදීන් කට ඇරියද? (බ)
විජේවීරගේ අනින් මිනීමැරුම් කියක් සිදුවෙන්න ඇත්ද.නමුත් මොහුව නීතිය මගින් වැරදිකරුවෙක් නොකළ එක එදා කල විශාල වරදකි. (අ)
කොහොම මැරුණත් මරුවත් මොකෝ එයත් ත්‍රස්තවාදියෙක් නේ රට අල්ලන්න ගිය ප්‍රභාකරන් වගේම.අහිංසක මිනිස්සු මර මර (නිවේදකයෝ නළුවෝ )කටවල් කප කප ජාතික දේපොළ විනාස කර කර .ලියන්න දේවල් ගොඩයි ජේ වී පී එක කරපු දේවල් (අ)
එහෙම එයාලව බලාගන්නත් ඕනෑද? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)
දැන් අපි කවුරු කියනදේද පිළිගන්න ඕනෑ? (නි)
ඡන්ද වෙන්දෙසියකට ද බාර ගන්නේ (අ)
රෝහණ විජේවීර මහත්මයා ජිවිතක්ෂයට පත් වුණේ කොහොමද? (අ)
ෆොන්සේකා, ඔයා මොනවද මේ කියවන්නේ? විජේවීර කියන්නේ ජාතික වීරවරයෙක්. (නි)
ජේ.වී.පී. එකනම් විශ්වාස කරන්න එපා (අ)