මීලඟ පාර්ලිමේන්තුවේ තීරනාත්මක බලවේගය බවට ජනතා විමුක්ති පෙරමුණ පත් වෙන බව ජනතා විමුක්ති පෙරමුනේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් මහතා අද නාමයෝජනා බාර දීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවසුවේය.
‘‘ජනතා විමුක්ති පෙරමුණ අටවෙනි පාර්ලිමේන්තුවේ ශක්තිමත් නියෝජනයක් ලබා ගන්නවා. ඒක ස්තිරයි, සහතිකයි. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව ගම්පහ දිස්ත්‍රික්කය තුළින් ශක්තිමත් නියෝජනයක් පාර්ලිමේන්තුවට යවනවා.
ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ඉතිහාසයේ සිට මේ රටේ ජනතාවත් එක්ක දේශපාලනය කරලා ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල කැපකිරීම් කරලා එයට නායකත්වය දීලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා කොළ, පාට, නිල් පාට දේශපාලනය ප්‍රතික්ෂේප කරල ජනතා විමුක්ති පෙරමුණත් එක්ක මේ රටේ ජනතාව අත්වැල් බැඳගන්නවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් පහුගිය කාලේ පුරාවටම සැලකිය යුතු ජනතා නියෝජනයක් ලැබුනා. එයිටත් වැඩිය ශක්තිමත් නියෝජනයක් මෙවර ලැබෙනවා කියන එක අපිට පැහැදිලිව පේන්න තියෙනවා. කොහොම උනත් මීලඟ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂයටවත් ශ්‍රී ලංකා නිදහස් සන්දානය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්දානයටවත් බහුතර බලයක් ගන්න බැහැ. ඒක තමයි ඇත්ත.
රටේ ජාතික දේශපාලනයේ දිසානතිය තීන්දු කරන ප්‍රබල සාධකය බවට පත්වෙන්නෙත් ජනතා විමුක්ති පෙරමුණයි. ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ විශ්වාසය තුළින් මෙවර මැතිවරණයට රටපුරාම ශක්තිමත් කන්ඩායම් ඉදිරිපත් කරලා අපි තරඟ වදිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වප්නා කියන දේ ඇත්තනම් (මම නම් විශ්වාස කරන්නේ නැහැ) කෝකටත් කියලා මගේ ඡන්දේ මේ පාර රනිල් මහත්තයට දෙනවා. වැඩි වාසිය තියෙන්නේ රනිල් මහත්තයට නිසා ඡන්ද බෙදන්න හොද නැහැනේ. දිනන එක උඩින්ම දිනන්න රනිල් මහත්තයට දෙනවා. එතකොට ඔය කාගේවත් සහය ඕනේ නැහැනේ. (ර)
මේක හැමදාම දාන තැටියනේ. අසන්ත කියනවා වගේ රටට දෙයක් කරන්න ලැබුන අවසතාවට පයින් ගහලා දැන් කටින් බතල කොළ සිටවනවා. (නදී)
කොළපාට,නිල්පාට දවල් හීන සහ රෑ හීන මාරුවෙන් මාරුවට පෙනිලා දැන් අපිට එපාවෙලා තියෙන්නේ. හොරු ටික කුදලාගෙන ගොස් දස වඳ සමඟ හිරගෙවල් වලට දමන හීනය දකින්න කාගේ පිහිටද? (නි)
ජවිපෙ තමා අපේ එකම පැතුම. (අ)
මමත් මෙවර ජනතා විමුක්ති පෙරමුණට (ම)
මම ඉස්සර තිබුණු ජවිපෙට කැමති නැහැ. නමුත් දැන් තියෙන නම්‍යශීළි ජවිපෙට කැමතියි. ජිවිතේ පළමු වතාවට මෙවර ජවිපෙට ඡන්දය දෙනවා. (ර)
රතු මල්ලිලා කට්ටිය මෙදා පාර අන්තර්ජාලෙන් ඡන්දෙ කරනවා වගේ.. කරලා බලන්න.. කරලා බලන්න. 17 වෙනිදට බලන්න. (ර)
ලොකු පක්ෂ දෙකේම වැඩිපුර ඉන්නෙ හොරු සහ නූගත්තු. නූගත් ඇමතියෙක්ට අපේ දරුවො වඳිනවා බලනවට වඩා අඩුගානේ උපාධියක්වත් තියෙන ඇමති කෙනෙකුට දරුවෙක් වඳිනවා බලන්න මම කැමතියි.(නදී)
මම සිතන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණට වැඩි බලයක් ලැබේ කියා. ජනතා විමුක්ති පෙරමුණ හොඳයි එන ඕනෙම රජයක වැරදී පෙන්වා විවේචනය සඳහා. එයට අනුර කුමාර හොඳ කතිකයෙක් පාර්ලිමේන්තුවේ සිටියාම ඇති. ඔවුන්ගේ දේශපාලන ක්‍රමය අද ලෝකයට අපේ ලංකාවට ගැලපෙන්නේ නැහැ. කොහොමත් ලංකාවේ බලවත් පක්ෂ දෙක එජාපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඔවුන්ට හේත්තු නොවී සුළු පක්ෂ වලට එන්නට බැහැ. (නදී)
අපිට නම් අතීතය තවමත් මතකයි හොඳට (නි)
මේ දවස්වල අපේ ඇස් කන් හොදට වැඩ කරනවා. ඒ නිසා කරන කියන දේවල් දෙතුන් වතාවක් හිතල බලලම කිව්වොත් හොඳා. (නදී)
දේශපාලනය කියන්නෙ කුඩු, එතනෝල්,කොමිස් ,පගා,අවනීතිය නෙමෙයි.ජේවීපී එකට වෑඩි බලයක් ආවොත් ලංකාව දියුණුවෙයි. (නි)
අනුන්ගේ යටතේ 41 කට වඩා තනියම 4 ක් වටිනවා. කොහොම උනත් මෙදා පාර අපි දෙනවා බැටේ. (නදී)
ජය වේවා ඔබට! (නි)
ප්‍රබල විරුද්ධ පක්ෂයකට මගෙන් සුබ පැතුම්! (නි)
අපි දන්නවා එයාලා ගැන (නි)
මෙවර අනුරාධපුරයෙන් ජේවීපීයෙන් එඅක් අයකු හෝ පාර්ලිමේන්තුවට යවන්න කියලා මම අනුරාධපුරයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (ර)
ජේ වී පි එකට මේ පාර සන්දානයත් සමග එකතුව හොද ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීමට හැකිවෙතැයි පතමු. එජාපයට අදික බලයක් හිමි උවහොත් ඔවුන් වල්මත්ව ක්‍රියා කරනු ඇත. (නදී)
වැට බඳින්න බැරි කටට මොනවා කියන්න බැරිද? මැතිවරණ ඉතිහාසයම පෙරලා බැලුවොත් මොවුන් මුළු දිවයිනේම ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය කීයද ? මේ කතාව නිකම්ම නිකන් පුස් වෙඩිල්ලක් (නදී)
ජවිපෙට මේවර ආසන 20 ලැබෙනවා. රට ගැන සිතා වැඩ කරන්න. (නදී)
අාසන 41 න් 65 ක් ගත්තත් මේක කරන්න බැහැ මේ සිස්ටම් එක ඇතුලේ. ඒක නිසා 67 අවුරුද්දක් රැවටීච්ච එකේ වෙනසකට දීල බලමුද. (බ)
මගේ රටේ ජනතාවට බුද්ධිමත්, රටට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට වාසනාව ශක්තිය ලැබේවා! (නි)
පිවිතුරු යහපාල මතක තියාගන්ඩ ලංකාවේ දේශපාලන පක්ෂ අතුරින් පිවිතුරුම පක්ෂය ජ වී පෙ බව.ඔබගේ පක්ෂ දෙකම කරන්නේ වේදිකාව මත නැග මිනිසුන් රැවටීමයි. ජනතාව රැවටීම දැන්නම් අසීරුයි ජ වී පෙ ජය ස්ථීරයි. (බ)
50 වසරක් තිස්සේ දකින සිහින! (නි)
සල්ගාදු, ඒ කියන්නේ දැන් තියෙන්නේ ලංකාවට ගැළපෙනම ක්‍රමය.ඒක මමත් පිළිගන්නවා. ලංකාවේ මිනිසුන්ට මීටත් වැඩිය මොන හොඳ ක්‍රමද? (නි)
අතීතේ මතක අය තමයි මේ පාර ජේවීපී එකට ඡන්දෙ දෙන්න ඕනෑ. 88-89 ගැන කියවනවා ඇරෙන්න මෙයාලා මහජන සල්ලි ගසකලා, කුඩු එතනෝල් ගෙන්නලා මේ රට විනාශ කළාද? දැන් අවුරුදු 70ක් තිස්සේ මේ රට දියුණුවක් කියලා ලබා තියෙන්නේ මොනවද? ප්‍රධාන පක්ෂ 2ම තමන්ගේ ගෝලයන්ගේ බඩ පුරවන එක විතරයි කරන්නේ. රටේ ජනතාව ගැන හිතන්නේ නැහැ (නි)
අනිත් අයට හැකිනම් මට බැරි ඇයි පිල් මාරු කරන්න? අද සිට මම ජවිපෙට කඩේ යනවා. ජවිපෙට ජය!ජනතාවට ජය! මවුබිමට විජයග්‍රහණය! (නි)
අනේ මන්ත්‍රීතුමෝ. ජනතාව ඔබලාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 41ක් දීල වතාවක් තීරක බලවේගය බවට පත්කළා මතක නැද්ද?එදා මොලේ කල්පනා කරලා වැඩ කළා නම් අද මේ රට පාලනය කරන්නේ ඔයාලා.දැන් ඒවා හීන හොදේ.මේ පාර එක්කෝ ඒ.ජා.ප.ය..නැත්නම් සන්ධානෙම තමා. (බ)
රටට ආදරය කරන ජේවීපී පිරිසක් පාර්ලිමේන්තුවට යවමු. පොඩි පොඩි පුද්ගලික වාසි වලට ඡන්දෙ දෙන්න එපා. රටට හොඳක් වෙන්න ජේවීපීයට ඡන්දෙ දෙන්න. (නි)
සචිත් හරියට හරි (නි)
මේපාර වැඩි බලයක් ඹබලාට ලැබෙනවා බුද්ධිමත් ජනතා පැතුම. ජවිපෙ ට ජයවේවා (බ)
තරුණ කොටස් බුද්ධිමත්ව සිතා මෙවර ජවිපෙට ජන්දය දෙන්න. (ම)
සන්ධානයේම අය දැනටමත් පරාජය බාරඅරගෙන තිබෙන බව පැහැදිලියි.එක තමයි යථාර්තය.මෙවර විරුද්ධ පක්ෂය ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට එනබව පැහැදිලියි.(ම)
දවල් හීන..(බ)
ජවිපෙ කියා පක්ෂයක් නොතිබුණි නම්, මේ වන විට ලංකාව යනු තවත් සොමාලියාවකි.(ම)
ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ ප්‍රබල විරුද්ධ පක්ෂයක් ගොඩනගන්න අපගේ පූර්ණ සහායෝගය.ජයවේවා.! (බ)
මමත් මෙවර ඡන්දය පාවිච්චි කරන්න ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණට. අනිත් ප්‍රධාන පක්ෂ දෙකම කරන්නෙ බොරුව බව පේනව. බලයට ආවට පස්සෙ දුන්න පොරොන්දු එකක්වත් ගැන තැකීමක් නෑ. බලයට ආපු වෙලේ ඉදන් බලන්නෙ හම්බ කරන්නෙ කොහොමද කියල.(බ)
කොහෙත්ම නැ, රටේ අවාසනාවට මෙවර රජයක් පිහිටවීමේ තීරක බලය වන්නේ දෙමල සන්ධානය. නමුත් ඔව්න් සමග රජයක් පිහිට වුවොත් ටික කාලයක් යනකන් බටහිරින් අපිට පොඩි ආධාර ටිකක් හම්බවෙනවා. අවරුදු කිහිපයකින් පසු අපිට ඇහැරෙනකොට වෙන්ට තියෙන සියලු දේ වී අවසානයි. පුලුවන්නම් මේ ගැටයෙන් බේරෙන්න උත්සහ කරමු. (බ)
කොළපාට,නිල්පාට දවල් හීන සහ රෑ හීන මාරුවෙන් මාරුවට පෙනිලා දැන් අපිට එපාවෙලා තියෙන්නේ. හොරු ටික කුදලාගෙන ගොස් දස වද සමඟ හිරගෙවල් වලට දමන හීනය දකින්න කාගේ පිහිටද? විනයක් ඇති පක්ෂයකට තමයි විනයක් ඇති , රටක හදන්න පුළුවන්. (ස)
අයුක්තියට අසාධාරණට කතා කරන්නේ ජවිපෙ විතරයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා. මෙවර අපේ ඡන්දය ඔබට (නි)
මහත්වරුනි,නුඹලාට ජනතාව සළකන්න බලාගෙනයි ඉන්නේ. (නි)
මෙදා එජාපය දිනනවා. එහෙත් එය පාලනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ බලය වැඩිකරමු. හොරු, මංකොල්ලකාරයින්ගෙන් වැඩක් වෙන්නේ නැහැ. (නි)