
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මින් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ මියගොස් සිටින හෙයින් එම විශ්‍රාම වැටුප් ඔවුන්ගේ බිරින්දෑවරුන්( වැන්දඹුවන්) ලබා ගන්නා බව වාර්තා වේ.
විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 15 කට ආසන්නය.
එම වාර්තාවේ දැක්වෙන අන්දමට විශ්‍රාම වැටුප් ලබා ගන්නා හිටපු කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 15කි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් විසි තුන් දෙනකුද විශ්‍රාම වැටුප ලබා ගන්නා බව සඳහන් කරන එම වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ස්වාමීන් වහන්සේලා පස් දෙනකුද විශ්‍රාම වැටුප් ලබන බව සඳහන් කරයි.
එල්ලාවල මේධානන්ද, උඩුවේ ධම්මාලෝක, කොටපොල අමරකීර්ති,අක්මීමන දයාරත්න, අපරැක්කේ පුඤ්ඤානන්ද එම ස්වාමීන් වහන්සේලා වෙති.
විශ්‍රාම වැටුප් ලබන කලාකරුවන්වන හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4කි. මාලනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, උපේක්ෂා ස්වර්ණමාලි සහ රන්ජන් රාමනායක එම සිවු දෙනා වෙති.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මන්ත්‍රීවරු දෙදෙනෙක්ද විශ්‍රාම වැටුප් ලබති. අර්ජුන රණතුංග සහ සනත් ජයසූරිය එම දෙදෙනාය.
දේශපාලන, ආගමික සහ කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතකු මෙන්ම සන්නිවේදකයකු වන ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර ඔහුටද විශ්‍රාම වැටුපක් හිමි වන්නේය.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපෙන් (රුපියල් 54000) තුනෙන් එකකට එනම් රුපියල් 18095ක මුදලට, තවත් රුපියල් 25000ක දීමනාවක් එක්වීමෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප සැකසෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 43095කි. රුපියල් 25000ක දීමනාව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපට එක්වූයේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ කාලයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ කරලා... සාධාරණ සමාජයක් සඳහා වූ වැඩ... ඇයි මේ අයට මිනිස්සු තාම නොගහන්නේ...!
අනේ ඉතින් මේ කෝටි 15ත් මන්ත්‍රීලා ගන්නේ නොවැම්බර් වෙනකම් පමණයි නේද? මේ අතර අතට නොගෙන පොතට ගන්නා තුන්දෙනාගේ නම් විශ්‍රාම වැටුප් වෙනසක් නොවෙයි කියලා හිතෙනවා. මොකද උන්දැලා විශ්‍රාම ගන්නේ නැහැ කියලා කියන හින්දා රටේ මිනිස්සු හිතන්නේ මාලිමා ප්‍රචාරකයෝ කියන රජයේ වියදමක් වුණත් උන්දැලා ගන්නේ නැහැ කියලා තමයි... එහෙම මිනිස්සු ලංකාවේ පාලනය වෙනස් කරන්න ඡන්දය දෙනවා. (මාලිමා නීතිවේදියෙක් 18 වැනි ඉරිදා අරුණට කියලා තිබුණා ඔවුන්ට ආගමක්, ජාතියක් නැහැ කියලා අපේත් කෙනෙක් ඉන්නවා. එයාත් කියන්නේ එහෙමම තමයි නුවණැත්තෝ සිතත්වා...)
ඔය විශ්‍රාම වැටුප අවුරුදු 60 න් පසුව, දේශපාලයෙන් විශ්‍රාම ගිය පුද්ගලයන්ට ගෙවන්න. 60ට අඩු හෝ සක්‍රීය දේශපාලනේ ඉන්න මිනිස්සුන්ට ගෙවන්න එපා.
25000 දීමනාව අද රාත්‍රිෙය්ම අවලංගු කළ යුතුයි. ජනතාව පත්කරලා තවමත් ජනතාවගෙන් යැපෙන එකට ලැජ්ජා විය යුතුයි. සමහර අය මොන සේවයක් කළාටද විශ්‍රාම වැටුපක් දෙන්නේ?
පිටරට වසර 10-15 ස්ථිර පදිංචිව සිටින අය තවමත් ලංකාවට ඇවිත් විශ්‍රාම වැටුප් හදාගෙන යනවා. පසුගිය සතියෙත් එහෙම හදාගෙන ගිය අය මම දන්නවා. මේ අය රුපියල් මිලියන ගණන් මෙහේ හොයනවා. පවුල් පිටින් ද්විත්ව පුරවැසිභාවයක් තියනවා. ලංකාවේ විශ්‍රාම වැටුප ගෙවීම ගන්න එවුන්ට වඩා රටේ තත්වය දැනදැනම ගෙවන විශ්‍රාම වැටුප් එකේ එවුන් අපරාධකාරයින්. මේවා කොතරම් තවමත් වෙනවාද?
දැන් මේ රටේ සතර අත, උඩ යට සදිසාව පුරාවටම විසිරී සිටින්නෝ මිනිස් පුලන්නෝ (අනුන්ගෙන් යැපෙන්නෝ) ම නොවේ ද?