IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැති සබේ පෙරහුරුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ පෙරහුරුවක් අද (6) පෙරවරුවේ පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ අනුව එම උත්සවයට අදාළ සියලු කටයුතු අද දිනයේ රඟ දැක්වෙන බව වේත්‍රධාරිවරයා පැවසීය.

වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් නැවත විවෘත කෙරෙන්නේ ලබන 8 වැනිදා පෙරවරුවේය.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩි මුර සහ හමුදා උත්තමාචාර කිසිවක් මෙවර ඇතුළත් නොවේ. රටේ ආර්ථික තත්වය හේතුවෙන් උත්සවය චාම් ආකාරයෙන් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.

උත්සවයට විදේශයන්හි ශ්‍රී ලංකා තානාපතිවරු රැසක්ද සහභාගී වෙති.තානාපතිවරුන් ඇතුළු අමුත්තන් වෙනුවෙන් කෙටි තේ පැන් සංග්‍රහයක් පමණක් පාර්ලිමේන්තුවේදී පිළියෙල කෙරෙනු ඇත.

මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

 



අදහස් (0)

මැති සබේ පෙරහුරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site