
(සුජිත් හේවාජුලිගේ )
විදුලිය, ගෑස් සහ ආහාර ද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කෑම වියදම සියයට 30කින් පමණ ඉහළ නැග ඇතැයි වාර්තා වේ.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ආහාර සඳහා මාසයකට ලක්ෂ 90 ක පමණ මුදලක් වැයවූ අතර එය දැන් කෝටිය ඉක්මවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා වැය කරන මුදලින් සියයට 60 කට අධික සංඛ්‍යාවක් වැය කෙරෙන්නේ එහි කාර්ය මණ්ඩලයේ ආහාරපාන වෙනුවෙන් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බොහෝ දුරට ආහාරපාන ලබා ගන්නේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පමණි. බොහෝ දුරට එය මාසයකට දින 8ක් පමණ වේ.
සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවද පැවසෙයි.
එහෙත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය මාසය පුරා(රජයේ වැඩ දිනවල )පාර්ලිමේන්තුවෙන් ආහාර සහනදායි මිලකට ගන්නා බව සඳහන් වේ.
පාර්ලිමේන්තුවේ ආහාරපාන නාස්තියද ඉහළ අගයක පවතින අතර ආහාර ද්‍රව්‍ය පිට කිරීමද පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට 2000කට ආසන්න පිරිසක් ඇතුළත් වෙති.
පාර්ලිමේන්තුවේ ආහාර සඳහා යන වියදම මැති ඇමැතිවරුන්ගේ ආහාර වියදම ලෙස පමණක් හුවා දැක්වීම වැරදි බව මේ අතර මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ.
පාර්ලිමේන්තුවේ ආහාරපාන සඳහා යන වියදම වැඩිවී ඇත්තේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම සහ ආහාර පිසීමට යොදා ගන්නා ගෑස් සහ විදුලිය මිල විශාල වශයෙන් ඉහළ යෑම නිසා බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකං පිනට කන බොන හැත්ත ට ඕක තේරෙන්නේ නැහැ .
භෝජනාගාරය පුද්ගලික අංශයට දෙන්න. අවශ්‍ය අයට කෑම මිලදී ගන්න පුලුවන්. අනෙකුත් අයට ගෙදරින් ගේන්න පුලුවන්. අනික, පාර්ලිමේන්තුවට සේවකයො 2000ක් අවශ්‍ය ඇයි කියලා හිතාගන්න බෑ
මන්ත්‍රීවරු කාර්ය මණ්ඩලය විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන් පිනට කන්න එන සුජිත් හේවාජූලිගේ ඇතුළු මාධ්‍ය නඩයකුත් ඉන්නවා. ඇයි ඒව ගැන ලියන්නෙ නැත්තෙ.
මුන් රට කනවා මදිවටද ඕකේ කෑම ගිල්ලවන්නෙ
පාර්ලිමේන්තුවේ නිළධාරින් හා පළාත් සභා ආණ්ඩුකාරවර කාර්‍යාලයේ නිළධාරින් සදහා රජයේ මුදලින් ආහාර දෙනවා අනෙක් රජයේ සේවකයින් හා නිළධාරින් සේවය කරන්නෙ නැද්ද මේවා එක් පිරිසක් සදහා විශේෂ වරප්‍රසාදයක් වෙනවා ඒ අයට විවිධාකාරයෙන් දීමනා දෙනවත් ඇති ඉතාමත් අසාධාරණ වැඩක් .ඇයි මේවාට වෘත්තීය සමිති නිහඩව ඉන්නෙ කියලා පැහැදිලි නැහැ රජයේ සමහර සේවකයින්ට දෙවේලක්වත් කන්න නැහැ රටේ බොහොමයක් පිරිස් එක වේලක්වත් නැතුව ඉන්නෙ මගේ ඊළඟ ඡන්දය මෙවැනි අසාධාරණ නවතන අයට පමණයි
පාර්ලිමේන්තුවේ අයට රට කාලා තවම ඇතිවෙලා නෑ...
මේ අයට පුන්නක්කු දුන්නා නම් ගාණ අඩුකරගන්න තිබුණා...
වැඩකරන අයට ගෙවල්වලින් කෑම ගේන්න බැරිද? අනෙක් ආයතනවල වගේ...?
පින් බත්කාරයින්...!