IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මත් වැරදි වලට 881ක් පොලිස් දැලේ

(අංජුල මහික වීරරත්න)

පොලිසිය සහ හමුදාව එක්ව ඊයේ දිනයේ කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 881 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය කියයි.

අපරාධ වලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 22 දෙනෙකුද වරෙන්තකරුවන් 389 දෙනෙකුද මෙම මෙහෙයුමේදී  අත්අඩංගුවට පත්ව ඇත.

රටතුළ  ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහාත් සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහාත් මෙහෙයුම් ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතී. 

2025-08-04 දිනය පුරා ශ‍්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6141 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. එහිදී පුද්ගලයන් 23321 දෙනෙක්ද වාහන 9459ක්ද යතුරු පැදි 7019ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත. 

එකී මෙහෙයුම් වලදී නීති විරෝධී ගිනි අවි 4ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙකී මෙහෙයුම් අතරතුරදී මහාමාර්ගයේ රථවාහන වැරදි සම්බන්දයෙන්ද මෙහෙයුම් පුලූල් කර ඇති අතර ඒ අනුව බීමත් රියදුරන් 97ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. එමෙන්ම අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වෙනත් වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3314ක් සදහාද ශ‍්‍රී ලංකා පොලීසිය මගින් නෛතික පියවර ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කර දැමීම සදහාත් සංවිධානාත්මක අපරාදකරුවන් මර්දනය කිරීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණයත් ශ‍්‍රී ලංකා පොලිසියේ හා ත‍්‍රිවිධ හමුුදාවේ මැදිහත් වීමත් මත සෝදිසි මෙහෙයුම් දෛනිකව ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

 

 

 



අදහස් (0)

මත් වැරදි වලට 881ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site