IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මතෘ භුමි වන්දනා ඉරිදා ලන්ඩන් නුවර

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය හත් වැනි වරටත් පවත්වන මාතෘ භුමි වන්දනා දේශාභිමානි ගී දැහැන සහ රණවිරු උපහාර උළෙල  ඉරිදා (09) සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා ක්වීන්ස්බරි ඕල් සේන්ට්ස් දේවස්ථාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මෙම  ප්‍රසංගයෙන් උපයන  මුදල් උතුරු නැගෙනහිර අවතැන්වූ  ජනතාව නැවත පදිංචිකරවීම සහ ඔවුන්ගේ සුභසාධන අරමුදලට සහ ළමා ශිෂත්ව අරමුදලට බැරකරන බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම කියයි.

10710598_10152882141364427_7087371391211112550_n



අදහස් (0)

මතෘ භුමි වන්දනා ඉරිදා ලන්ඩන් නුවර

චමිල Saturday, 08 November 2014 09:53 PM

මේක විශිෂ්ට ආදර්ශවත් වැඩක්. (නි)

:       0       0

සේපාල රත්නායක Sunday, 09 November 2014 11:19 AM

මෙය කුමන අකාරයේ වැඩසටහනක්ද? (නදී)

:       0       0

ජයසිංහ Saturday, 08 November 2014 10:50 PM

ඉතා හොඳ කටයුත්තක්. සංවිධානය කළ සියළු දෙනාටම සුබ පැතුම්! (නි)

:       0       0

දිලීප සේනාරත්න Sunday, 09 November 2014 11:32 AM

දිවි පරදුවට තබා රට බේරාගත් අභීත සෙන්පති සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ටත්, යුද්ධයෙන් අවතැන් වූ පවුල් වලටත් කරන මෙම ඇගයීමට මා අලහප්පෙරුම මහතා ඇතුළු තරුණ කැලට ප්‍රණාමය පුද කරනවා. (නදී)

:       0       0

නිශ්ශංක පෙරේරා Sunday, 09 November 2014 12:08 PM

රට බේරා ගත් වීර සෙන්පති සරත් ෆොන්සේකාට සහ රණවිරුවන්ට ජයවේවා!. ඔවුන් අගයන ලන්ඩනයේ අලහප්පෙරුම ඇතුළු තරුණ කැලට ජයවේවා! (නදී)

:       0       0

චන්දන හෙට්ටිආරච්චි Sunday, 09 November 2014 12:14 PM

රටට අමතකවූ, අපට රටක් ලබාදුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව එංගලන්තයේ අලහප්පෙරුම මහතා ඇතුළු තරුණ කැලට මතක් වීම භාගයකි. (නදී)

:       0       0

වෛද්‍ය අමරසේකර Sunday, 09 November 2014 01:07 AM

පුක්කුස වැනි සියලු දෙනාම මෙම උත්සවයට සහභාගී වී අදහස් ප්‍රකාශ කරන්න. යහපත් යමක් කරන්න තිබෙන අමාරුව ගෙදර සිට අදහස් දානවට වඩා කෙතරම් අමාරුදැයි එවිට තේරේවි. මෙවැනි ආදර්ශවත් තරුණ පරපුර අප පැසසිය යුතුයි. දිරිගැන්විය යුතුයි. (නි)

:       0       0

අරලිය ගුණරත්න Sunday, 09 November 2014 01:14 AM

මේ පිරිස කවදත් හොඳ වැඩක් කරන ආදර්ශමත් දේශප්‍රේමී තරුණ පිරිසක්. කිසිම පටු දේශපාලනයක් ගාව ගන්නේ නැහැ. ලකුණු දාගන්නෙත් නැහැ. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කරන දෙයකුත් නෙමෙයි. පසුගිය වසරේත් මම සහභාගී උනා. මෙවරත් ගිහින් උපරිම සහය ලබා දෙනවා. සුබ පැතුම්! (නදී)

:       0       0

වෛද්‍ය රණතුංග Monday, 10 November 2014 02:13 AM

මම සෑම වසරකම මෙම උත්සවයට සහභාගි වෙනවා. පොදුවේ සියලුම රණවිරුවන් සිහිකරනවා. උසස් නිලධාරීන්ට වඩා යුධබිමේ මියගිය දුප්පත් ගම්වල තරුණ සෙබළුන් ගැනත් සඳහන් කරනවා. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නම ගාවලා සමහරු අදහස් දාලා තියෙන්නේ යටි අරමුණක් හිතේ තියාගෙන බව පැහැදිලියි. (නි)

:       0       0

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය Monday, 10 November 2014 02:21 AM

පක්ෂ පාට භේද නැතුව, පටු අරමුණු ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී මියගිය සහ ආබාධිත රණවිරුවන් සිහිකරන මෙම උත්සවය කරන අප සංගමයට කවුරුත් එක සමානයි. පැමිණි කෙනෙකුගෙන් නිවැරදි තොරතුරු ලබාගන්න. (නි)

:       0       0

සරත් පියසේන Sunday, 09 November 2014 04:53 AM

හොඳයි ඒ දේ අගයන්න අපි කැමති.(හේ)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Saturday, 08 November 2014 02:00 PM

ලංකා මාතාවගේ නම, විවිධ දේශපාලනික අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගැනීමට යොදවා නොගන්නා ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලමි. මාතෘ භුමිය පාටකින්, ලකුණකින් තොර සියලු ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයකි. (අ)

:       0       0

උපුල් Saturday, 08 November 2014 03:18 PM

විශිෂ්ට කටයුත්තක්. ලංකාවෙන් පිට ජිවත් වුවත් මෙවැනි උතුම් දේ සිදුකිරීම පැසසිය යුතුයි. උත්සවයත් එහි පරමාර්තත් සාර්ථක වේවා. (අ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 10 November 2014 05:33 PM

දිලීප,නිශ්ශංක, චන්දන හා සුනේත්‍රා වෙත, ජර්මනියේ සිට පැමිණ මේ උත්සවයට සහභාගිවූ අයෙක් ලෙස ඔබ තිදෙනාට කිව යුතුව ඇත්තේ හිටපු යුධ හමුදා පති ෆොන්සේකා මහතා සම්බන්ධ කර ඔබලා ට කලින් කෙහෙල් කැණ පන්නන්න කියා දුන්න පුද්ගලයා ට අමතක වූ වැදගත් කාරණය නම් එම උත්සවයේදී ෆොන්සේකා මහතා ඇතුළු යුධ ජයග්‍රහණයට උර දුන් සියලු විරුවන්ගේ රූප ඇතුලත් පින්තුර දැක ගත හැකි වුයේ එදින රාත්‍රියේ ප්‍රදර්ශනය වූ කෙටි චිත්‍රපටයකින් වූ වත් ඊට පැය ගණනකට පෙර මේකියන "විරුවන්" මෙය දැක ගත්තේ කෙසේද යන්නත්ය. එමෙන්ම ඒ චිත්‍රපටයේ ආරක්ෂක ලේකම් හා ජනාධිපතිගේ පින්තුර පෙන්වුවත් ජනක අලහප්පෙරුම වැනි අවංක දේශප්‍රේමියෙකු පිළිබඳව ලංකා රජයට වැරදි පින්තුරයක් මවා පෑමට මේ අවස්තාව ප්‍රයෝජනයට ගෙන ඇති බව වේදනාවෙන් හෝ පැවසිය යුතුව තිබෙනවා. "මිනිසුන් පොලු ගසන්නේ පල ඇති රුකටයි" (නදී)

:       0       0

සන්ධ්‍යා Saturday, 08 November 2014 03:21 PM

සුභ පැතුම් !(අ)

:       0       0

බන්දුල Saturday, 08 November 2014 04:15 PM

පුක්කුස ඇත්ත නමින් ලියන්නකෝ නියම පිරිමියෙක් වගේ. හැමදාම විවේචනය කර කර ඉන්නේ නැතිව වැඩක් කරන්නකෝ. කොරහේ කිඹුල්ලු දකින එක මානසික රෝගයක්. (අ)

:       0       0

කුලතුංග Monday, 10 November 2014 12:44 PM

මේ අය හැමදාම කළේ මේ වගේ ප්‍රයෝජනවත් දේවල් (නි)

:       0       0

නයනි Saturday, 08 November 2014 05:01 PM

ඉතා වැදගත් ආරංචියක්. දැනුම් දුන්නාට ලංකාදීපයට තුති! (නි)

:       0       0

සුනේත්‍රා ධර්මප්‍රිය ලන්ඩනය Sunday, 09 November 2014 04:06 PM

තම රුධිරයෙන් සහ මාංශ වලින් මිහි කත පොඟවා නැවත සුවය ලබා රණ බිමට වැද අපට රටක් ලබා දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව සමරන්නට ජනක අලහප්පෙරුම මහතා කරන මෙම කාර්යයට අපද දායක වෙමු. (නදී)

:       0       0

නාමලී Saturday, 08 November 2014 05:09 PM

මෙය ඉතා උතුම් කටයුත්තක්. ඉහළින්ම සාර්ථක ‍වේවා! (නි)

:       0       0

චන්ද්‍ර වලිසිංහ Sunday, 09 November 2014 09:50 AM

යුද්ධයෙන් අවතැන්වුණු පිරිසටත් රට බේරා ගැනීමට යුද වැදුණු අභීත සෙන්පති සරත් ෆොන්සේකා ඇතුළු සේනාවනුත් මුල් කරගෙන අලහප්පෙරුම මහතා කරන කාර්යය සාර්ථක වේවා!(හේ)

:       0       0

ටෝනි Saturday, 08 November 2014 05:19 PM

වැඩක් කරනකොට විවේචනය කරන්න නම් කට්ටිය ඕනෑතරම්.... (නි)

:       0       0

නිමල් ශාන්ත Saturday, 08 November 2014 06:35 PM

මෙම ප්‍රසංගය සංවිධානය කරන අලහප්පෙරුම මහතා කවදත් යමක් කරලා මුහුණ ප්‍රදර්ශනය කරගන්න කෙනෙක් නෙමෙයි. දේශපාලන බේදයක් නැහැ. උපන් බිමට ආදරය කරනවා. මම දන්න දේ මේ ලිව්වෙ. ඔබතුමාගේ මේ කටයුත්ත සාර්ථක වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site