බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය හත් වැනි වරටත් පවත්වන මාතෘ භුමි වන්දනා දේශාභිමානි ගී දැහැන සහ රණවිරු උපහාර උළෙල ඉරිදා (09) සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා ක්වීන්ස්බරි ඕල් සේන්ට්ස් දේවස්ථාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම ප්‍රසංගයෙන් උපයන මුදල් උතුරු නැගෙනහිර අවතැන්වූ ජනතාව නැවත පදිංචිකරවීම සහ ඔවුන්ගේ සුභසාධන අරමුදලට සහ ළමා ශිෂත්ව අරමුදලට බැරකරන බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විශිෂ්ට ආදර්ශවත් වැඩක්. (නි)
මෙය කුමන අකාරයේ වැඩසටහනක්ද? (නදී)
ඉතා හොඳ කටයුත්තක්. සංවිධානය කළ සියළු දෙනාටම සුබ පැතුම්! (නි)
දිවි පරදුවට තබා රට බේරාගත් අභීත සෙන්පති සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ටත්, යුද්ධයෙන් අවතැන් වූ පවුල් වලටත් කරන මෙම ඇගයීමට මා අලහප්පෙරුම මහතා ඇතුළු තරුණ කැලට ප්‍රණාමය පුද කරනවා. (නදී)
රට බේරා ගත් වීර සෙන්පති සරත් ෆොන්සේකාට සහ රණවිරුවන්ට ජයවේවා!. ඔවුන් අගයන ලන්ඩනයේ අලහප්පෙරුම ඇතුළු තරුණ කැලට ජයවේවා! (නදී)
රටට අමතකවූ, අපට රටක් ලබාදුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව එංගලන්තයේ අලහප්පෙරුම මහතා ඇතුළු තරුණ කැලට මතක් වීම භාගයකි. (නදී)
පුක්කුස වැනි සියලු දෙනාම මෙම උත්සවයට සහභාගී වී අදහස් ප්‍රකාශ කරන්න. යහපත් යමක් කරන්න තිබෙන අමාරුව ගෙදර සිට අදහස් දානවට වඩා කෙතරම් අමාරුදැයි එවිට තේරේවි. මෙවැනි ආදර්ශවත් තරුණ පරපුර අප පැසසිය යුතුයි. දිරිගැන්විය යුතුයි. (නි)
මේ පිරිස කවදත් හොඳ වැඩක් කරන ආදර්ශමත් දේශප්‍රේමී තරුණ පිරිසක්. කිසිම පටු දේශපාලනයක් ගාව ගන්නේ නැහැ. ලකුණු දාගන්නෙත් නැහැ. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කරන දෙයකුත් නෙමෙයි. පසුගිය වසරේත් මම සහභාගී උනා. මෙවරත් ගිහින් උපරිම සහය ලබා දෙනවා. සුබ පැතුම්! (නදී)
මම සෑම වසරකම මෙම උත්සවයට සහභාගි වෙනවා. පොදුවේ සියලුම රණවිරුවන් සිහිකරනවා. උසස් නිලධාරීන්ට වඩා යුධබිමේ මියගිය දුප්පත් ගම්වල තරුණ සෙබළුන් ගැනත් සඳහන් කරනවා. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නම ගාවලා සමහරු අදහස් දාලා තියෙන්නේ යටි අරමුණක් හිතේ තියාගෙන බව පැහැදිලියි. (නි)
පක්ෂ පාට භේද නැතුව, පටු අරමුණු ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී මියගිය සහ ආබාධිත රණවිරුවන් සිහිකරන මෙම උත්සවය කරන අප සංගමයට කවුරුත් එක සමානයි. පැමිණි කෙනෙකුගෙන් නිවැරදි තොරතුරු ලබාගන්න. (නි)
හොඳයි ඒ දේ අගයන්න අපි කැමති.(හේ)
ලංකා මාතාවගේ නම, විවිධ දේශපාලනික අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගැනීමට යොදවා නොගන්නා ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලමි. මාතෘ භුමිය පාටකින්, ලකුණකින් තොර සියලු ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයකි. (අ)
විශිෂ්ට කටයුත්තක්. ලංකාවෙන් පිට ජිවත් වුවත් මෙවැනි උතුම් දේ සිදුකිරීම පැසසිය යුතුයි. උත්සවයත් එහි පරමාර්තත් සාර්ථක වේවා. (අ)
දිලීප,නිශ්ශංක, චන්දන හා සුනේත්‍රා වෙත, ජර්මනියේ සිට පැමිණ මේ උත්සවයට සහභාගිවූ අයෙක් ලෙස ඔබ තිදෙනාට කිව යුතුව ඇත්තේ හිටපු යුධ හමුදා පති ෆොන්සේකා මහතා සම්බන්ධ කර ඔබලා ට කලින් කෙහෙල් කැණ පන්නන්න කියා දුන්න පුද්ගලයා ට අමතක වූ වැදගත් කාරණය නම් එම උත්සවයේදී ෆොන්සේකා මහතා ඇතුළු යුධ ජයග්‍රහණයට උර දුන් සියලු විරුවන්ගේ රූප ඇතුලත් පින්තුර දැක ගත හැකි වුයේ එදින රාත්‍රියේ ප්‍රදර්ශනය වූ කෙටි චිත්‍රපටයකින් වූ වත් ඊට පැය ගණනකට පෙර මේකියන "විරුවන්" මෙය දැක ගත්තේ කෙසේද යන්නත්ය. එමෙන්ම ඒ චිත්‍රපටයේ ආරක්ෂක ලේකම් හා ජනාධිපතිගේ පින්තුර පෙන්වුවත් ජනක අලහප්පෙරුම වැනි අවංක දේශප්‍රේමියෙකු පිළිබඳව ලංකා රජයට වැරදි පින්තුරයක් මවා පෑමට මේ අවස්තාව ප්‍රයෝජනයට ගෙන ඇති බව වේදනාවෙන් හෝ පැවසිය යුතුව තිබෙනවා. "මිනිසුන් පොලු ගසන්නේ පල ඇති රුකටයි" (නදී)
සුභ පැතුම් !(අ)
පුක්කුස ඇත්ත නමින් ලියන්නකෝ නියම පිරිමියෙක් වගේ. හැමදාම විවේචනය කර කර ඉන්නේ නැතිව වැඩක් කරන්නකෝ. කොරහේ කිඹුල්ලු දකින එක මානසික රෝගයක්. (අ)
මේ අය හැමදාම කළේ මේ වගේ ප්‍රයෝජනවත් දේවල් (නි)
ඉතා වැදගත් ආරංචියක්. දැනුම් දුන්නාට ලංකාදීපයට තුති! (නි)
තම රුධිරයෙන් සහ මාංශ වලින් මිහි කත පොඟවා නැවත සුවය ලබා රණ බිමට වැද අපට රටක් ලබා දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව සමරන්නට ජනක අලහප්පෙරුම මහතා කරන මෙම කාර්යයට අපද දායක වෙමු. (නදී)
මෙය ඉතා උතුම් කටයුත්තක්. ඉහළින්ම සාර්ථක වේවා! (නි)
යුද්ධයෙන් අවතැන්වුණු පිරිසටත් රට බේරා ගැනීමට යුද වැදුණු අභීත සෙන්පති සරත් ෆොන්සේකා ඇතුළු සේනාවනුත් මුල් කරගෙන අලහප්පෙරුම මහතා කරන කාර්යය සාර්ථක වේවා!(හේ)
වැඩක් කරනකොට විවේචනය කරන්න නම් කට්ටිය ඕනෑතරම්.... (නි)
මෙම ප්‍රසංගය සංවිධානය කරන අලහප්පෙරුම මහතා කවදත් යමක් කරලා මුහුණ ප්‍රදර්ශනය කරගන්න කෙනෙක් නෙමෙයි. දේශපාලන බේදයක් නැහැ. උපන් බිමට ආදරය කරනවා. මම දන්න දේ මේ ලිව්වෙ. ඔබතුමාගේ මේ කටයුත්ත සාර්ථක වේවා! (නි)