
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුතුපන්තිය ධීවර ගම්මානයේ මාදැලකට ලක්ෂ 350 අධික වටිනාකමකින් යුත් වෙම්බරු පරව් මත්ස්‍ය අස්වැන්නක් 7 දින සහ 8 දින ලැබි ඇති බව කියයි.
මුතුපන්තිය ධීවර ගම්මානයෙ පදිංචි මාදැල් හිමිකරුවෙකුට මෙලෙස 7 හා 8 දිනවල ඔහුගේ මාදැලට මෙලෙස මෑත කාල් ලැබුන දැවන්තම වෙම්බරු පරව් මත්ස්‍යයින් තොගය ලැබි තිබේ.
එක් වෙම්බරු පරව් මත්ස්‍යයකු කිලෝ 6 කට අධික බවත් මාදැල ඇදිමට එක්වු පිරිසට අමතරව මුතුපන්තිය ගම්මානයෙ විශාල පිරිසක් ද මාදැලට කොටුව සිටි මත්ස්‍යයින් ට්‍රැක්ටර් වලට පැටවිමට එක්වි ඇති බව කියයි.
දින දෙකක ලැබි ඇති මෙම මත්ස්‍ය අස්වැන්න කිලෝ 50000 (පනස් දහසකට) අධික බවද කියයි එක් කිලෝවක් රුපියල් 700,හා 750 බැගින් අලේවි කර ඇති බවද කියයි.
කෙසේ වෙතත් මෙතරම් විශාල මත්ස්‍ය අස්වැන්නක් මෑත කාලයෙ මාදැලකට ලැබුන පලමු අවස්ථාව බව කියයි.
මෙම මාදැල් හිමිකරුට පසුගිය වසර වලද සැලකිය යුතු මත්ස්‍ය අස්වැන්නක් ලැබි ඇති බව කියයි.
මාදැලට කොටු වු මත්ස්‍යයින් ට්‍රැක්ටර් රථ 20 කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් උඩප්පුවට රැගෙන ගොස් අලේවි කල බවද කියයි.


2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුතු පන්තිය ධීවරයන්ගේ අත මිට සරුවෙයි