(ගයාන් සූරියආරච්චි)

නීති විරෝධී  මත්පෙති ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු  මත්පෙති 1,000 ක් සමග පේසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.