
(රෝෂන් තුෂාර)
නීති විරෝධී ආකාරයෙන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් උපයා ගත්තේ යැයි කියන ඇඹිලිපිටියේ ජයසිංහ ආරච්චිගේ හේමන්ත යන සැකකරුගේ රුපියල් කෝටි 10කට අධික දේපල තහනම් කිරීමට රහස් පොලීසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද(28) කටයුතු කර ඇත.
ඇඹිලිපිටියේ නව නගරයෙහි පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයක් හා ඇඹිලිපිටිය තුන්කම ප්‍රදේශයෙහි පර්චස් 39.5 ක ඉඩම සහ ව්‍යාපාරික ස්ථානයක් මෙසේ ක්‍රියා විරහිත කර ඇත.
මුදල් විශුද්ධිකරණ පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබා ගෙන ඇති අතර මෙම දේපළ සැකකරු විසින් ඔහුගේ බිරිඳගේ නමට මිලදී ගෙන ඇති බවද පැවසේ.
නියෝජ්‍ය පොලිස්පති පවිත්‍රා දයාරත්නගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එම්.ආර්. විජයසේන මහතාගේ මූලිකත්වයෙන් ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකෙරේ.

2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් ජාවාරම්කරුවෙක්ගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි
කොක්කඩ නිලමේ Wednesday, 28 May 2025 07:14 PM
වැඩ පටන් ගත්තා. රස්සාවක් නොකර ප්‍රකෝටිපතියෝ වෙච්චි මෝඩ පුතාලා ප්‍රමුඛ හොර නඩය සූදානම් වෙලා සිටිනු...!
NishanthaWednesday, 28 May 2025 11:34 PM
ජීවිතේම රස්සාවල් නොකර අනුන්ගෙන් කාලා ඇඳලා බිලියන 7 ක පක්ෂ අරමුදලක් හදුපු අය ගැනත් හොයන්න ඕනෑ...
ADThursday, 29 May 2025 12:23 AM
මත් ජාවාරම්කරුවන්, රජය නිලධාරින් සහ දේශපාලකයින්ගේ සහ ඔවුන්ට සම්බන්ධව කටයුතු කළ සියලු දෙනා දූෂිත ගනුදෙනු මගින් උපයාගත් මුදල් සියල්ල රජය සතු විය යුතුවේ...