පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ක් පමණ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක (ටග් යාත්‍රා) කොළඹ වරායේ විනෝද සංචාරයකට ඊයේ (9) පස්වරුවේ සහභාගි ඇත.
මෙම විනෝද චාරිකාවට හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ද සහභාගි වී ඇතැයි දැන ගන්නට ඇත.
වරායට සම්බන්ධ ප්‍රබල අමාත්‍යවරයකුගේ ඉල්ලීමකට අනුව වරාය අධිකාරිය මෙම කුඩා නෞකා වෙන්කර ඇති බවත් එම පිරිසට වරාය අධිකාරියේ භෝජනාගාරයෙන් සියලුම ආහාර සහ පාන වර්ග සැපයූ බවත් වාර්තා වේ.
මෙම සංචාරය සඳහා වරාය අධිකාරියට රුපියල් ලක්‍ෂ 25 කට අධික මුදලක් වැය වන බවත් සංචාරය සඳහා මුහුද හෑරීම සඳහා යොදාගන්නා විශේෂ ටග් යාත්‍රාවක් වරාය අධිකාරිය වෙන්කර තිබූ බවත් දැනගන්නට ලැබුණි.
වරායට සම්බන්ධ ප්‍රබල දේශපාලනාඥයාගේ පෞද්ගලික ලේකම්වරියක මෙම මස 8 වැනිදා මෙම චාරිකාව සඳහා අවශ්‍ය ආහාර පාන සහ ද්‍රව්‍ය ලැයිස්තුවක් වරාය අධිකාරියෙන් සපයන ලෙස වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
සංග්‍රය සඳහා පහත සඳහන් දෑ ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් කාැණිකව ඉල්ලා සිටිමි ලෙස සඳහන් කරමින් පහත ලැයිස්තුව ඉල්ලා තිබේ.
චීස් සැන්ඩ්විච්, බටර් කේක්, ෆිෂ් රෝල්, අයිස් කෝපි, පේපර් කප්, කුඩා වීදුරු, හැදි සහ ගෑරුප්පු, කුඩා පිඟන්, පුටු (කවර සහිත) එක වර්ගයකින් 55 බැගින්, වතුර බෝතල් (පොඩි) 60 ක්, ටිෂූ පැකට් 5 ක්, ටෙන්ට් එකක් පුටු 10 ක් සහ මේස සහිත (ඇමති ආරක්‍ෂක අංශය සඳහා) ලෙස එම ලැයිස්තුවේ සඳහන්ව තිබුණි.
ඊට අමතරව සංග්‍රහය පිළිගැන්වීම සඳහා වරාය කාර්ය මණ්ඩලයේ 5 දෙනකු ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ.
මෙම චාරිකාව සඳහා වරාය අධිකාරිය සතු ‘හංසකාව’ සහ දිය කොවුල්ලා යන යාත්‍රාවන් පසුගිය දෙසැම්බර් මස 13 වැනිදා යොමු කළ ලිපියක් හරහා වෙන්කර ගෙන ඇති බව ද එම ලිපියේ සඳහන් වේ.
නව වසරේ ආරම්භ වෙනුවෙන් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් කෛාළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් සංවිධානය කර ඇති බවත් ඒ සදඟා සහභාගි වන සියලු දෙනා වරාය පරිශ්‍රයේ චෛත්‍ය පාර ප්‍රධාන පිවිසුම අසළට ඊයේ පස්වරු 6.00 ට පැමිණ ලෙස ප්‍රබල දේශපාලනාඥයා ආරාධනා පත්‍රයක් ද මන්ත්‍රීවරුන්ට යොමු කර තිබූ බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් කියන්නෙ මේන්න මේවට තමා. කමක් නැහැ අවසන් භෝජන සංග්‍රහය මකත් වෙනව. ඒත අපේ බදු සල්ලිම තමා.
අපි බදු ගෙවන්න ඕනේ මේවට නේද? රජයේ වියදම් අඩු කරන්නේ නැතිව, මහජනයා හූරා කාගෙන ජෝගි නටන මැටි ඇමටිලට පාඩම් උගන්වන එක සෑම අයකුගේම වග කීමක්. අපිට පටි තද කරන්න කියන ජනාදිපතිට මේවා පෙන්නේ නැතුව ඇති. අහ... මට අමතක වුන ගෝනවල සුනිල් ආරක්ෂා කරපු යට මේවත් කජ්ජක්ද?
සිරිපාලයා (නිදිමතයා) සල්ලි අවභාවිතා කරනවා හරියට ගෙදරින් ගෙනෙල්ලා වගේ. මුන් ඔක්කොම වනචාරී අපතයන්..
රටට සාපයක් වෙච්ච අමන මහින්ද රාජපක්ෂගේ තවත් සක්කිලි වැඩක්
හ්ම් සටහන් කර ගත්ත 69 ලක්ෂයේ ජනතාව වෙනුවෙන්
කොච්චර මිනිස්සු අමාරුවෙන් හිටියත් මුන්ගේ දුෂණ නාස්තිය නතිවෙලා නැ .මේ එකෙක්වත් ඊලග පාර පාර්ලිමේන්තුවේ තියන්න අවශ්‍යය නැ
මේක තමයි අපේ රටේ දේශපාලන ය. අහිංසක ජනතාව බදුවලට යට වෙලා හුස්ම ගන්න බැරිව ඉන්නවා. මොවුන් රටේ සල්ලිවලින් විනෝද වෙනවා
සංවිධානය කරපු තක්කඩි ඇමතියාගේ සහ සහභාගි උන දේශපාලුවන්ගේ නම් ටික කියා ගන්නත් බැරි තරම් කොන්ද පණ නැති මාධ්‍ය සදාචාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය ..
ඔය තියෙන්නේ රනිල් ඔයාගේ පංතියේ අයගේ කෙරුවාව...
මේවා යකෝ අපේ බදු සල්ලි ,දෙවියන් නේ ඔබ කොහෙද ඇයි මුන්ට දඬුවමක් දෙන්නේ නැත්තේ ,රනිල් ගෙන් නම් කවදාවත් මේවාට දඬුවම් නැහැ දෙවියනේ
වැඩි කරපු වැට් එකෙන් කරන්න දෙයකුත් තියෙන්න එපැයි .අපේ හාමුදුරුවනේ
බයියන්ට දැන් සැපද?