මැති ඇමතිවරුන් එහාට මෙහාට පනින පැනිලි පනින්න ගස් උඩ යන රිළවුන්ටත් වඳුරන්ටත් බැරි බව ප්‍රවීණ නාට්‍යවේදී හා දේශක ජයලාල් රෝහණ මහතා පවසයි. ඒ මහතා එසැණ සමග සාකච්ඡාවකට එක්වෙමින් එසේ කීවේය.
‘හෙට අනිද්දා වෙනකොට පැටවුන්ට පනින්න පුරුදු කරන්න වදුරු අම්මලයි රිලා අම්මලයි තමන්ගේ පැටවු අරන් අපේ පාර්ලිමේන්තුව පැත්තට අවොත් පුදුමවෙන්න දෙයක් නැහැ. මගේ පොඩි කාලේ මේ විදියට පනින එක්කෙනයි මම දැකලා තිබුනේ. ඒ කෝට්ටේ ආසනේ ජිනදාස නියතපාල මන්ත්‍රීවාරයයි. අද බලන්නකෝ පනින පැනිල්ල. තව කට්ටියක් තරගෙ ගැන කලකිරිලා අයින් වෙලා ලු. මට හිතෙන්නේ එයාලා තමන්ට ගැලපෙන පක්ෂයක් හැදෙනකනුයි බලන් ඉන්නේ. මේ හැමෝම රටට ආදරේට රටේ ළමයින්ගේ අධ්‍යාපනයට ආදරේට පාර්ලිමේන්තු යන්න දගලනවා නෙමෙයි. තමන්ගේ සුඛ විවරණයට තමයි මේ දගලන්නේ. තව දෙයක් මම දැක්කා. අපිට පන්සිල් පද පහ කියලා දීලා ඒ මාර්ගේ අපිට යන්න කියලා දෙන හාමුදුරුවරු කිහිප නමක් හොරුන්ට මදාවියන්ට කුඩු කාරයින්ට මන්ත්‍රී පදවි අරන් දෙන්න පෙළපාලි යනවා. පුදුම විහිළුවක්නේ මේක. අද වෙනකොට රටේ පවතින දේශපාලන වාතාවරණය ගැන කිව්වොත් සන්ධානේ ඇතුලේ කසිලි බිසිලි ගොඩයි. එක එක තුරුම්පු එලියට එනවා. ඒකේ වාසිය එක්සත් ජාතික පක්ෂෙට තියෙනවා. මොකද ගෙයක් ඇතුලේ අම්මයි තාත්තයි දරුවොයි රණ්ඩු වෙනකොට පිටින් ඇවිත් ගහලා යන්න ලේසියිනෙ. හොඳ බුද්ධිමත් අපේක්ෂකයෝ ටිකක් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරලා තියෙනවා. රටේ ජනතාවත් ඒ පිළිබඳ හොද වැටහිමක ඉන්නේ. ඒ නිසා තනිවම මැතිවරණයකට ගිහින් ඔවුන්ගේ දේශපාලන ඉතිහාසේ වැඩිම මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු යවන්න මේ ගමන ඔවුන්ට පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.‘
‘මම රට රට වල සංචාර සඳහා ගිහින් තියෙනවා. මේ ළඟදී ඉතාලියටත් ගියා. නොයෙක් නගරවලට ගියා. අපේ අයත් එක්ක කතා කළා. හැබැයි ඔවුන් ලංකාවේ දේශපාලනය ගැන මුලාවකයි ඉන්නේ. කව්රු හරි කියන දෙයක් අනුව ඔවුන් පක්ෂයක් බදා ගන්නවා. මම ඔවුන්ගෙන් ඉල්ලන්නේ රටේ සිදුවෙන හොරකම දුෂණය මත්කුඩු ජාවාරම ගැන හොද අවදියෙන් ඉන්න. ඒවාට කව්ද සම්බන්ධ කියලා හොයලා බලන්න. මධ්‍යස්ථව දේශපාලනය ගැන හිතන්න. එතකොට ඔබ රටට ආදරය කළා වෙයි. ‘ යනුවෙන්ද ජයලාල් රෝහණ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තය ජ වී පෙ ට ඡන්ද ටිකක් අරන් දුන්න වගේ. (ස)
ඔබතුමා ඔබතුමාගේ ගෞරවය කෙලෙසගන්න හදන්නේ දේශපාලනයට ගැවිල. (ස)
මෙතුමා උගතෙක් බුද්ධිමතෙක් වශයෙන් සලකන්නේ ටෙලි නාට්‍ය දෙක තුනක රඟපෑමෙන් නොවේ .ඇත්තටම ඔහුට ශාස්ත්‍රපති උපාධි දෙකක් තිබේ .එලෙසම ඇසු පිරු තැන් ඇති නිරහංකාර බුද්ධිමතෙකි . (අ)
ජවිපෙ නියෝජනය වැඩි කරන්න ඕනේ නැත්නම් 2010 ආපු සන්දානේ කරපු හරිය අපිට හොදට තේරෙනවා. අසාදරණයට එරෙහිව කතාකරන්න ජවිපෙ අවශ්‍යයි (නදී)
අනිල් රෝහණ කියන්නෙ එතකොට තමන්ට හිතට දැනෙන දේ කතා නොකර නිවටයෙක් වගේ ඉන්න කියලද ? (නදී)
මේ වගේ ව්‍යවස්ථාවක් තිබෙන තුරුත්, මේ රටේ නියම මහත්මා දේශපාලනයක් ඇතිවෙන තුරුත් ඔය පැනිල්ල නවත්වන්න ලැබෙන්නේ නැහැ. ඔය ව්‍යවස්ථා හදන මහා ලොකු උගතුනුන්ටත් මේ පැනිල්ල ගැන මතක් වෙන්නේ නැහැ. නැතිනම් මහත්මා දේශපාලනයක් ගැන වැටහීමක් හෝ තැකීමක් නැහැ. (නදී)
වල්වැදුණු ජනතාව හරිමඟට ගැනීමට දැනුවත් කිරීම ගැන ඔබට ගරුකරනවා (නි)
මම ඔබතුමා එක්ක එකඟයි. ඔබට ජය! රටට ජය! (නි)
සිංහලයාගේ විනාශායට සහ එකමුතුකම නැති කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ නම් පාදඩයන්. (අ)
දහනමවෙනි සංශෝධනයෙන් මෙම පැනීම වැලැක්වීමට යෙදු වගන්තිය ඉවත් කිරීමට මුල් වූ සියලු දේශපාලකයන් ගැන ජන්ද දායකයෝ තීරණයක් ගනු ඇතැයි සිතමු .(ම)
ජයලාල් රෝහණ වියතුනි. ඔබේ අවංක අදහස් දැක්වීමට මගේ ප්‍රණාමය. ඔබවන් වියතුන් වැඩි වැඩියෙන් ඇවැසි යුගයකයි අපි ඉන්නේ. බුද්ධිමතුන්ගේ ඉදිරිපත්වීම ජාතියේ ඉදිරි යහ පැවැත්මට මහා ශක්තියක්. (නදී)
ජවිපෙට අද මුල අමතක වෙලා රෝහණ සහෝදරයව මරපු එවන්ට හේතුවෙලා වර්තමා නායකයා රනිල්ට හේතුවෙලා කාට කාටත් තේරෙයි තමන් ඉන්න තැන 17 වෙනිදට හැමෝම රට විනාශ කළා (අ)
ජවිපෙ ගැන හැමෝම ඔවුන්ගේ පරණ භීෂණ ගැන පුන පුනා කියවනවා. ඒවා ඇත්ත. වරදකරුවන් ඉන්නවනම් ඇයි නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ? කෙසේවෙතත් දැන් ඔවුන් දේශපාලන ප්‍රවාහයට පැමිණ අවසන්. පරණ තැටි රත් කර කර ඉන්නේ නැතිව අලුතෙන් රොටි දාගන්න හැටි කල්පනා කලොත් නේද හොද? මෙවර ජන රැල්ල හැටියට ජවිපෙ කොහොමත් ඉදිරියට එනවා. ඒ හම්බන්තොට හා කඩුවෙල කැස්බෑව හෝමාගමින් (අ)
"ජවිපෙ මන්ත්‍රීවරු වැඩිපුර යැවුවොත් ඒකේ වාසිය රටේ පොඩි මිනිහටයි." 39 දෙනෙක් 94 දී යැවුවත් රටවැසියන්ට තියා එයාලටවත් වාසියක් උනේ නෑනේ. (ස)
මම ඉතාම හොදින් ගරු කරන පුද්ගලයෙක් තමයි මේ මහත්මයා. කතාව ඇත්ත අපි ජේ.වී.පී එකටත් ඡන්දේ දීලා බලන්න ඕනේ. මේක හොද අවස්ථාවක්. මම හිතනවා ජනතාව බුද්දිමත් කියලා (නදී)
රිලවට අගෞරව කරන්න එපා. උන් ඔක්කොම ගස් ගෙම්බෝ (නදී)
ජයලාල්, උඹලා වගේ දියුණු මිනිස්සු අඩු හින්දා තමයි හොරුන්ට, මංකොල්ලකාරයන්ට රට පාලනයට එන්න පුළුවන් වෙන්නේ. (නදී)
ඇත්ත තමයි. දැන් රිළවු පරාදයි අපේ අයට (නි)
ඒ ගැනනන් කියලා වැඩක් නෑ.(හේ)
ගිය පාර්ලිමේන්තුවේ ජවිපෙ තුන් දෙනයි හිටියේ කරපු හරිය මදිද? 2005 දී 39 ක් හිටියේ සංධාන ලේබල් යටතේ එත් එදත් සුනාමි සහන මණ්ඩලයට එරෙහිව එලියට බැහැල ඒක අක්‍රිය කලා මතකද? එදා නම් මහින්දත් ඡන්දෙ දුන්නේ සුනාමි සහන මණ්ඩලයට පක්ෂාව. (අ)
ඔය ක්‍රමය වෙනස් කරන්න අමාරුයි (නි)
බුලතින් හංසයට, එතනින් අලියට (නදී)
ඔය ක්‍රමය ඇතිකළේ කවුද එතකොට? (නි)
රටේ ප්‍රධාන පක්ෂ තුනම මට නම් වැඩක් නැහැ. මේ පාර මගේ මනාපය අලුත් තැනකින් පටන්ගන්න ඕනෑ (නි)
මහත්තයෝ, දේශපාලනය ඔබතුමාට ගැළපෙන්නේ නැහැ. අපි ඔබතුමාට හරිම ආදරෙයි, ඔබතුමා අපිව සතුටුකළා. හොඳ අදහස් කියලා දුන්නා. කිසිම දේශපාලකයෙක්, කිසිම පක්ෂයක්, වර්ණනා නොකර වගේම විවේචනය නොකර ඔබගේ ගමන පමණක් යන්න (නි)
ඔබතුමා හොඳ උගත් මහත්මයෙක්. ඒත් ඉතින් ප්‍රවේශමෙන්! පේනවනේ දේශපාලනය කරන්න ආ කලාකරුවන්ට උගතුන්ට වෙච්ච දේ (නි)
ජයලාල් කියන කතාවට මම එකඟයි. වැඩේ ඉතින්, අපි ජවිපෙට 41ක් දුන්නා. කෝ, වැඩක් වුණාද? දැන් පෞද්ගලික තරහට මහින්දට ගහනවා, එජාපෙ වක්‍රව පුම්බනවා. අන්තිමට, එජාපෙ ගොඩයයි, ජනතාව විතරක් නෙමෙයි ජවිපෙත් හාන්සිවෙයිද කියලයි මට බය (නි)
අත්තෙන් අත්තට පනින අය කවදාහරි බිම වැටිලා පස්ස බිම ඇනගන්න බව ඔවුන්ටම තේරේවි... (නි)
හොඳ අදහස් ටිකක්.බොහොම ලස්සනයි. (නි)
ජවිපෙ මන්ත්‍රීවරු වැඩිපුර යැවුවොත් ඒකේ වාසිය රටේ පොඩි මිනිහටයි.අනිත් පක්ෂ වලින් යැව්වොත් නම් ඒකේ බරත් පොඩි මිනිහටම තමයි. ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම ගැන අද බොහෝ වියතුන් කතාවෙනවා.ඒක හොඳ ප්‍රවණතාවයක්.හැමදාම කාටහරි කඩේ යන උගත් යැයි කියාගන්නා අයට වඩා මෑත කාලයේ පෙරට ආ වියතුන්ගේ නැගිටීම සංවාදය අනාගතයට හොඳ පෙරනිමිත්තක් යැයි පෙනෙනවා (නි)
ටෙලි නාට්ටි දෙකතුනක පෙනිහිටියට ඔබ හිතාගන්න් එපා ඔයා මේ රටේ ලොකු බුඋධිමතෙක් කියල.ඔයා කෙවට්ටය වගේ මිනිහෙක්.එමනිසා පාඩුවේ එකත්පසෙක ඉන්න. (ස)
පක්ෂ භේදයකින් තොරව කවුරුත් තේරුම් ගතයුතු ප්‍රකාශයකි. විදේශ රටවල සිටින බොහෝදෙනා ගැන මෙතුමා කියන දෙය පිළිගත හැකිය. යමක් කරගසාගෙන ඉන්නවා මිස කරගසාගෙන ඉන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමක් දකින්නට නොමැති වීම කණගාටුවට කරුණකි. (නි)
ඒ කට්ටියගෙයි රිළවුන්ගෙයි මොකක්ද තිබෙන වෙනස? (නි)
අපිට ලස්සන රටක් තිබෙනවා.එදා ඉඳලා දේශපාලුවෝ අඩු වැඩි වශයෙන් රට විනාශ කළ නිසා අපි ඔක්කොම අමාරුවේ දාලා තියෙනවා. යුද්ධය නිර්මාණය වුණෙත් ඒ වගේ අඥාන දේශපාලන තීරණ නිසා.ඒ සඳහා ජනතාව වගකිවයුතු නැහැ.දුක්වින්ඳේ අසරණ සිංහල දෙමළ මිනිස්සු.ඒ නිසා මෙවර නියම වෙනසක් කළයුතුයි.අපි එකතුවෙලා රට හදමු. (නි)
කාලෙකට පස්සේ අද හොඳ කතාවක් ඇහුවා (නි)
ජයලාල් මහත්තයාගේ කතාව අගය කරනවා (නි)
ඔබතුමා කියන්නේ සහතික ඇත්ත (නි)
ජයවේවා! (නි)
ඉතා හොඳ කතාවක් (නි)
මමත් ඔබතුමා සමඟ 100%ක් එකඟයි (නි)
සහතික ඇත්ත කතාව! (නි)
මේ පුද්ගලයා කොහොමත් කවටයෙක් නේ. ගණන් ගන්නා එපා.(නදී)
හොදම අදහස් ටිකක් (නදී)
සරත් මහත්තයෝ මම කිවේ ඔබවැනි නිවටයෙක්ට නෙවෙයි ජයලාල් මහතාටයි මොකද එතුමා දේශපාලනය නොකලට මිනිසුන්ට වටිනා මිනිසෙකි දේශපාලනය කතානොකරන කෙනා නිවටයෙක් වන්නේ කෙසේද (අ)
එජාපයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි රට කරපු හැටි අපි හොඳට දැක්කා. තාත්තා කාලා, කාලා නතර කරපු තැනින් පුතා පටන් ගන්නවා (නදී)
මෙතන උඩින් ලාල් කියල එක්කෙනෙක් කොමෙන්ට් එකක් දාල තියෙනවා. ඒ කුඩු ලාල්ද දන්නේ නැහැ (නදී)
100%ක් එකඟයි. (ර)
මම ඔබ සමග 100% එකඟ වෙනවා. රටේ සාමාන්‍ය පුරවැසියෙක්ගේ සිතුවිලි ඔබ හරි අපුරුවට ගොනුකර තියෙනවා. හුඟක් අය තමුන් පණ්ඩිතයන් විදිහට සලකාගෙන කතා කරනවා, තවත් සමහරු පාට, පක්ෂ වල බැලයන් වෙලා දේශපාලුවන් කරේ තියාගෙන අන්ධයින් ලෙස ක්‍රියා කරනවා.(නදී)