මාසයකට සියලු විදේශ ගමන් නවත්වා මහජනයාගේ ප්රශ්න වලට විසදුම් දෙන්නැයි මෛත්රීපාල සිරිසේන ජනපති සියලු ඇමැතිවරුනට අද (08) උපදෙස් දුන්නේය.
වැට් බදු විරෝධය ඇතුළු විවිධ විරෝධතා පවත්වන සමයක ඊට මුහුණ දී මහජනයාට නිසි කරුණු ඉදිරිපත් කිරිමට මැති ඇමැතිවරුන් සුදානමින් සිටිය යුතු බව ද ජනපති කියයි.
COMMENTS
කරපු වැඩක් නැති නිසා දැන් ඉතින් යන්න ලැස්ති වුණොත් හොඳයි.(අ)
සමහරු වැඩ කරන්නේ තමන්ට ඡන්දේ දුන්නේ පිටරට මිනිස්සු කියල හිතලද මන්ද.. (ම).
පිටිගල මිලානෝ ට ඔක්කොම ඉක්මනින් අමතක වෙනේ වගේ . ලංකාවේ අපිට නමේ වැඩකෙරි ඇත. (අ)
ඔයාට කවුරුත් බය නැනේ අනේ (හේ)
මදැයි එහෙමවත් කාලයක් කට්ටිය මෙරටේ ඉන්නවා (නි)
ලංකාවේ කරගන්න බැරි ඒවා කරගන්නනේ රට යන්නේ. මොකෝ විදේශ ආයෝජන ගෙනෙන්න කියලද (නි)
මේ රටට හොඳ මිනිස්සු හොඳ නැහැ. ඉන්න ඕනෑ ඒකාධිපති නායකයෝ. එතකොට නෝ කතා, නෝ සිනා වහල්ලු වගේ වැඩ කරනවා. එතකොට වැඩ පෙන්වන්න පුළුවන්නේ. ප්රජාතන්ත්රවාදය ඕනෑම නැහැ (නි)
මාසෙකට? ඇයි ඔයතරම් දිග කාලයකට විදෙස් ගමන් නැවැත්තුවේ දෙවියනේ? (නි)