
(අංජුල මහික වීරරත්න)
අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින් නිල කටයුතු සඳහා විදේශ ගතවීමේදී මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රජයේ අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්,මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට දුන් දීමනා මෙලෙස කප්පාදු කෙරෙනු ඇත.
මෙම වියදම් කප්පාදු කිරීමේ තීරණය මාර්තු විසි වැනි දා සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, අනියම් දීමනා ගෙවීමේදී අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කුසලතා සංවර්ධනයට අදාල විදෙස් ගතවීමේදී එක් දිනකට අමෙරිකා ඩොලර් 40ක් බැගින් උපරිම දින 30ක් සඳහා ගෙවූ දීමනාව අමෙරිකා ඩොලර් 25ක් දක්වා අඩු කොට දින 15ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම නිල දූත කාර්යන් හෝ වෙනයම් විදෙස් රාජකාරී කටයුත්තක් සඳහා රජය නියෝජනය කරමින් විදෙස් ගත වීමේදී එක් දිනකට අමෙරිකා ඩොලර් 75ක් බැගින් උපරිම දින 15ක් සඳහා ගෙවූ දීමනාව ද අමෙරිකා ඩොලර් 40ක් දක්වා අඩු කොට දින 10ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබෙි.
සංයුක්ත දීමනා ගෙවීමේදී රටවල් කාණ්ඩ පහක් යටතේ පළමු හා දෙවන ගණය යටතේ ගෙවීම් කළ සියළු දීමනාවන් 30% කින් අඩු කිරීමටද තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම රජයේ නිල සංචාරයකදී දූත පිරිසට නායකත්වය දෙන අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි හිමිවන අමෙරිකා ඩොලර් 750ක් වන සංග්‍රහ දීමනාවද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්ය්ටා ඔහොම කියලා හිතේ හැටියට දෙනවා ඇති.මුන්ව විශ්වාස කරන්න පුළුවන් එවුන්ද
මෙය කාලෝචිත පියවරකි. විදේශ ගමන්වල අවශ්‍යතාවය ගැනද තීරනය කිරීඑමට විද්වත් මන්ඩලයක් නම්කිරීම සුදුසුය. පුහුනුවක් ලබා එන අය මගින් අනෙක් අයට පුහුනුවක් ලබා දීම මගින්ද ප්‍රතිපල සාර්තක කර ගත හැකිවෙයි.
මැති ඇමැති ඇතුලු දේශපාලු හොරු හැත්තට උන් ලබන වැටුපට දිමනාවලට ආදායම් බදුත් ගහපල්ලා.
සිංහලේ ගෑනු ටික වලං හෝදලා එවන ඩොලර් වලින් රට යන දේශපාලනේ...
හොඳවැඩක් කියල කියන්නත් සමහරු අකමැතියි
ඕව කටින් විතරයි, මිනිස්සු රවට්ටන්න , හොර තක්කඩි
ඕවා කෙරෙයි ඉතින් බලාගෙන ඉන්න