විශ්‍රාමික හමුදා සැරයන්වරයකුගේ (84) බැංකු ගිණුමකින් පිටකොටුව, කෙසෙල්වත්ත, කොළඹ ටෙලර් යන්ත්‍රවලින් රුපියල් 1,49,000 ක් ලබාගත් බව කියන මුණුපුරෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.
විශ්‍රාමිකයාගේ මිනිපිරියගේ සැමියා බව කියන එම පුද්ගලයා අම්බලන්ගොඩ, පිටකොටුව හා තවත් ස්ථාන කිහිපයක අපරාධ කිහිපයකටද සම්බන්ධ වරෙන්තු කරුවකු බවත් පොලිසියට තොරතුරු ලැබී ඇත. ටෙලර් කාඩ් පත සහ රහස් අංකය සොරාගෙන දින 5 කදී 13 වරක් ඔහු විශ්‍රාමිකයාගේ ගිණුමෙන් මුදල් ලබාගෙන ඇතැයිද එම මුදල්වලින් සමාජ ශාලාවලට ගොස් ඇතැයිද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉස්සරහට ඔයිට වඩා දරුණු දේවල් අහන්න දකින්න ලැබේවි. මේවා එක රැයින් නතර කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. (නදී)
වයසට ගියාට පස්සේ, දුර්වල උනහම ඇවිදගන්න අමාරු වෙනවා. ඉන්පසු පවුලේ ලග හිතවෙතෙකුට රහස් අංකය ලබාදී ටේලර් යන්ත්‍රයෙන් මුදල් රැගෙන එන ලෙස දන්වනවා. ඒ හිතවතා ගෙනුත් රහස් අංකය වෙනත් කෙනෙකු අතට පත්වූ විට මෙවැනි දේවල් සිදු වෙනවා. (නදී)
මේකට තාක්ෂණය දියුණුවීමද පළි? ඔය මොන තාක්ෂණය නැතත් සීයාව රවට්ටලා හරි බලෙන්හරි සල්ලි ගන්න මුණුපුරාලා දන්නවා. ඒකට සීයලා මුණුපුරාලා වෙන්නම ඕනෑ නැහැ. ඕනෑම දක්ෂ වංචනිකයෙකුට ඕනෑම උගතෙකු රවටන්න පුළුවන්. (නි)
ළමයෙක් හදන්න නරකම රට ලංකාව බව මගේ හැගීමයි.(හේ)
මුණුබුරෙක්ද? කුනු බුරෙක්ද (නදී)
බැංකුත් මේ කාඩ් පාර්භෝගිකයන්ගේ ඇඟේ ගහනවා. නමුත් වයසක කෙනෙකුට මේ වගේ තාක්ෂනය මුල් වූ මෙවලමක් භාවිතය හැකි ප්‍රායෝගික හැකියාව සාපේක්ෂව අඩුයි. රහස්‍ය අංකය කාටවත් දෙන්න එපා කියල කොච්චර කිව්වත් ඒක සිද්ධ වෙනවා ඉතා අඩුයි. දුන්නේ නැතිනම් අඩු ගානේ අමතක වෙනවා කියල කොහේ හරි ලියල හරි තියා ගන්නවා. (නදී)