IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මිණි මුතු මෝරා ගාලු එයි

ගාල්ල වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක දැලට පැටලී මියගිය මිනිමුතු මෝරකුගේ සිරුරක් අද ගාල්ල ධීවර වරායට ගෙනවිත් තිබිණි. අඩි 12ක් පමණ දිගැති කිලෝ ග්‍රෑම් 350ක් පමණ බරැති මේ මෝරාගේ මස් ආහාරයට ගත නොහැකි බව ද ධීවරයෝ කියති.

fish galle 600

SAM_9004 SAM_9005 SAM_9016



අදහස් (0)

මිණි මුතු මෝරා ගාලු එයි

නිමන්ත Tuesday, 21 October 2014 12:39 PM

පව් අහිංමක සතා මරපු එක නම්. ඒත් අපේ රටේ කීයෙන් කී දෙනාද මේ සතා දැකලා තියෙන්නේ. ඌ මැරිලා උනත් හැමෝටම දැන් සියසින් දැකගන්න පුලුවන්නේ (නදී)

:       0       0

ගයාත්‍රි Wednesday, 22 October 2014 01:00 AM

මෙතන ඉන්න ගොඩක් අය අදහස් දාලා තියෙන්නේ හරියට මාලු කෑල්ලක් කටේ තියන්නේ නැති ගානටනේ (නි)

:       0       0

නිහාල් Friday, 24 October 2014 05:05 PM

ඇත්තටම හොඳ පුවතක් (නදී)

:       0       0

අංජන Tuesday, 21 October 2014 01:12 PM

කරෝල වලට ගනී (නදී)

:       0       0

රවී - ඕමාන් Tuesday, 21 October 2014 07:03 AM

ගහටත් නෑ බඩටත් නෑ..... පව් අහිංසකයා.... (අ)

:       0       0

ලයා Tuesday, 21 October 2014 07:05 AM

ඉක්කයි මූයි ගාලු ඇවිත්,,,,,, මූව දාලා ඉක්ක ගිහින් (අ)

:       0       0

ඉෂාරා Tuesday, 21 October 2014 07:06 AM

කන්නත් බැරි නම් අපරාදේ ඒ සතාගේ ජීවිතේ (අ)

:       0       0

ලලිත් Tuesday, 21 October 2014 07:10 AM

ධීවරයන් කීවට මාලු වෙළෙන්දෝ ඕක කියන්නේ නැහැනේ. (හේ)

:       0       0

චන්ද්‍රිකා රාජපක්ෂ Tuesday, 21 October 2014 07:16 AM

මේ වගේ විස්මිත දේවල් වෙන්නේ ගොඩක් දුරට, දකුණු පළාතෙන්. ඒක නිසා දකුණේ අපිට මේක නම් ලොකු දෙයක් නෙමෙයි. මිනි මුතු මෝරව බලාගන්න මිතුරනේ (නදී)

:       0       0

අරුණ Tuesday, 21 October 2014 07:22 AM

ලෝකේ ඉන්න ලොකුම මාලුවා. වදවීගෙන යන මාලුවෙක්ට මෙහෙම කරපු එක ලොකු අපරාදයක් (නදී)

:       0       0

මිහිර Tuesday, 21 October 2014 07:30 AM

කෑවත් නැතත් ඒ සතාගේ ජීවිතේ අපරාදේ. ඇයි ඔහොම සත්තු මරන්නේ.(හේ)

:       0       0

හෂාන් Tuesday, 21 October 2014 02:45 PM

ලස්සන සතෙක්. අහිංසක ජීවිතයක් (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 21 October 2014 08:11 AM

පොඩි පැටියෙක් වගෙයි. අපරාදේ.(හේ)

:       0       0

තරු Wednesday, 22 October 2014 04:41 AM

අනේ මේ කට්ටිය හරියට කියවලා බලන්න අාපහු මොකද්ද කියලා තියෙන්නේ කියලා මියගිය මෝරෙකුගේ සිරුරක්..... ඕක තමයි අපේ කට්ටියගේ වැරැද්ද.. කිසිම දෙයක් හරියට බලන්නේ නැතුව තෙරුන් ගන්නේ නැතුව කියවන්නේ නැතුව අහන්නේ නැතුව බොරුවට ප්‍රශ්න දාගන්නවා .(හේ)

:       0       0

තිසර මනුරන් Friday, 24 October 2014 04:37 AM

මුහුදේ මාළු අල්ලනකොට එක එක මාළුවා ‍තෝර තෝරා අල්ලන්න බැහැ. අහුවෙන එකා අල්ලාගෙන එනවා. නිකන් බොරුවට ධීවරයින්ට කෑගහගෙන එන්න එපා. අපි දකුණේ බලපිටියේ කොල්ලෝ. (නි)

:       0       0

තිසර මනුරන් Friday, 24 October 2014 04:41 AM

මාළු අල්ලනකොට අහුවෙන එකා අල්ලාගෙන එනවා මිසක් තෝරලා බලලා අල්ලන්න බැහැ. ජීවිතේට මුහුදක් දැකලාවත් නැති අය බොරුවට කෑගහනවා. අපිනේ දන්නේ මුහුදේ මාළු අල්ලන්න විඳින දුක ගැන. (නි)

:       0       0

මැක්සි Tuesday, 21 October 2014 04:38 PM

මෝරුන්ගේ කොයින්ද මස්? (නි)

:       0       0

සීදේවි Tuesday, 21 October 2014 10:26 AM

පව් මෙයා මෝරා. (නදී)

:       0       0

නීෂා Tuesday, 21 October 2014 10:31 AM

මොනා කරන්නද දැන් ඉතින් වල දානවා මිසක් (නදී)

:       0       0

රුවන් Tuesday, 21 October 2014 08:53 PM

ඇත්තටම දුකයි. පව් අහිංසක සතෙක්. මුහුදේ හරි සන්තෝෂයෙන් ඉන්න ඇති (නි)

:       0       0

ධම්ම Tuesday, 21 October 2014 12:19 PM

කපලා කෑලි ගොඩට ගෙනාවා නම් නොකා ඉඳියි අපේ අයියලා. (නදී)

:       0       0

එස් ප්‍රනාන්දු Tuesday, 21 October 2014 12:22 PM

අපි සෙට් වෙලා අාස්චර්යක් කරමු. මෝරගේ පන ගමු. මේක ආසියාවේ අස්චාර්යනේ. පුළුවන් බැරි නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1598 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 631 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site