මහජන පීඩාවක් වන අයුරින් කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගියැයි මඩපාත එස් ඇන් ඩී කර්මාන්ත ශාලාවේ හිමිකරු උදයන්ත ද සිල්වා රුපියල් පන්ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා අද නියෝග කළේය.
තමා වෙනුවෙන් වෙනත් නියෝජිතයකු ඉදිරිපත් කිරීමට අවසර දෙන්නැයි හිමිකරු විසින් කළ ඉල්ලීම ඉවත දැමූ මහේස්ත්‍රාත් නඩු විභාගය අවසන් වන තුරු අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.
අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගමන් ද තහනම් කැරිණි.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම අහිංසක මිනිස්සු.ඒ ගොල්ලන්ට මේකේ තේරුමක් නැහැ .විස දුමක් එනවා කියල විතරයි දන්නේ. ඔය මිනිස්සුන්ව දැනුවත් කරන්න වැඩ පිළිවෙලක් ඕනේ. හාමුදුරුවොත් යන්නන් වාලේ පස්සෙන් යනවා, හාවා දිව්වා වගේ.දුවන අරමුණ කවුරුත් දන්නේ නැහැ, අපේ කෙල්ලෝ කොල්ලන්ට රැකියා ඕනේ. ඒකට ට කර්මාන්ත ශාලා තව තව අරින්න ඕනේ. ප්‍රශ්න වලට විසදුම් හොයන්න ඕනේ,කර්මාන්ත ශාලා අවට නිවාස වලින් සහ පරිසරය මාස කිහිපයකට සැරයක් පරීක්ෂා කරන්න. කර්මාන්ත ශාලා වේ නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කරන්න ඕනේ. අද ලෝකේ හැම තැනම තහනම් ඒවා කරනවා. ඕවට තමි මහජන සෞක්‍ඛ්‍ය පරීක්ෂකවරු සහ කර්මාන්ත අමාත්‍යංශයෙන් නිලදාරීන් දාන්න ඕනේ. ඕක ලෝකේ හැම තැනම කරන ක්‍රියා වලියක් දැන් වත් ඇහැරෙන්න ඕනේ ,කර්මාන්ත වහල අයිති කාරයව හිරේ දාලා රැකියාව කරන අය පාරට දාන එක නෙමේ වැඩේ. ඇත්තටම තම ලංකාව තියෙන්නේ හුඟක් පිටි පස්සෙන්.(නදී)
සුක්ෂම අයුරින් කම්හල් වල අඩුපාඩු සොයාගෙන ජනතාවත් රජයත් අපහසුතාවයට පත් කරන්න හදන දේශපාලන ත්‍රස්තවාදී කණ්ඩායමක් මේ දවස්වල සැරිසරනවා වගේ (නි)
කම්මල් වැසීමත් හොඳ නැහැ. ජනතාව පීඩාවට පත්වීමත් හොඳ නැහැ. දියුණු වෙනවාද? ණයට කනවාද? සමබර කරගත යුතුයි. කර්මානත කලාප ගැන අදහස කොහොමද බලධාරියනි. ඒත් ප්‍රවාහනය?, බලධාරීන් ඉන්නවාද? (ස)
නියමයි , ලංකාවේ ඔක්කොම කර්මාන්තකරුවෝ උසාවියට ගෙනිහින් දඬු කදේ ගහමු. ඊට පස්සේ ඒ වගේ වැඩ කරන එවුන්ට හුලන් බොන්න කියමු.ලංකාවේ කර්මාන්ත බැහැ , ටුවරිසම් බැහැ, කැසිනෝ බැහැ, මේක පුදුම රටක්. රටක දියුණුව තමා කර්මාන්ත. (ස)
අපේ ජොබ් නැති වුණා.අපිට වහ කන්ද වෙන්නේ.අපිත් මැරෙනවා කම්හක ඇතුලෙම. (ස)
කර්මාන්තවල් කියන්නේ රටක හදවත වගේ.ගෙවල් තිබෙනවා කියලා කර්මාන්ත ශාලාවල් වැහුවොත්, කොහොමද රට දියුණු වෙන්නේ? (නි)
කම්හල් හිමියෝ හිර කරන් ඉඳල වැඩක් නැහැ. ඒක ජාතික අපරාධයක්, පරිසර හිතකාමී විදියට ඉදිරියට ගෙනියන්න ඒ මනුස්සයට උදවු කරමු. සංජීව ඔයත් මේ වෙලාවේ කැසිනොවේ ගුණ වයන්න එන්න එපා.තැටිය රත් වෙච්ච වෙලේ රොටිය පුච්ච ගන්න හදන්නේ මට පෙන්නේ ඔබේ කට්ටිය, ඒක වැරදි. (ස)
කර්මාන්තශාලා රට තුල ඉදි කල යුත්තේ මිනිස් වාසයකින් තොර පැති වලය.එවිට රටේ දියුණුව සහ මහජනයාගේ සෞඛ්‍යයට හානියක් නොවේ. (ස)
ලංකා භුමියේ මෙතරම් ඉඩ තියෙද්දී කර්මාන්ත ශාලාව අස්සේම ඇයි ගෙවල් හදන්නේ (අ)
මඩපාත වගේ මිනිස් වාසයෙන් අඩු තැන්වල කර්මාන්ත ඉදිකරනවා, කර්මාන්ත ඉදි වීමත් සමග එම ප්‍රෙද්ශ ශ දියුණු විම නිසා මිනිස් වාසය වැඩි වෙනවා, දියුණුව බලන් ඉන්න බැරිකොට ප්‍රශ්න ඇති කරනවා. අපි වැරදි හදාගන ඉදිරියට යන්න උදව් කරන්න ඕන, නැතිනම් අපේ දරුවන්ට යන එන මන් නැතිවේවි. (නදී)
කර්මාන්තශාලා රට තුල ඉදි කල යුත්තේ මිනිස් වාසයකින් තොර පැති වල, මේක තියෙන්නේ නිවාස සංකීර්නයක!! හිමිකරු වගේම අවසර දුන් අයත් උසාවි කදවන්න ඕන!!!! (ස)
ඉසෙල්ලා රතුපස්වල දැන් මඩපාත හෙට?? කටුනායකද?? නැත්නම් වෙනත් කරමාන්ත පුරයකද?? ඔහොම යන්නකෝ හෙට අනිද්දට මොකද වෙන්නේ කියල බලමු...ඔන්න අපේ මිනිස්සු උදව් කරන විදිහ...ඔය කර්මාන්තශාලා නිසා ඔය පැත්තේම කීදෙනෙක්ගේ පවුල් යැපෙන්නේ ඇද්ද?? දැන් ඒ පවුල් බලන්නේ කවුද?? (ස)
ජේ එස් හා මොහොමඩ් හරියට හරි. (නි)