උසස් පෙළ විභාගය පැවැත්වෙද්දී මඩකලපුවේ පාසලක විභාග මධ්‍යස්ථානයක ජංගම දුරකතන භාවිත කරමින් සිටි බව කියන සිසුන් දෙදෙනකුගේ විභාග තහනම් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා විභාග පනතට අනුව උපරිම දඩුවම් ලබා දෙන බව ද ඔහු සදහන් කරයි.
විභාග ශාලා තුළට ජංගම දුරකතන රැගෙන යෑම තහනම් බවත්, දුරකතන රැගෙන යන අපේක්ෂකයකු දුටුවහොත් විභාගයෙන් පසුව හෝ ඒ බව විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස අනිත් අපේක්ෂකයන්ගෙන් ඉල්ලන බවත් කොමසාරිස්වරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුවෙන්ම මේ දරුවන්ගේ දෙමවුපියන් දැනුවත් කරන්න ඕනෑ මේ වැඩේ වැරදියි කියලා. (නදී)
නිතිය කාටත් පොදුයි (නදී)
නීතිය සාධාරණම නැහැ හැමෝටම.පොඩ්ඩන්ට නම් හරියට කෙරෙනවා..! සමහර ලොකු ප්‍රබලයන්ට පොඩ්ඩක් විතර නීති බලධාරීන් නැමෙනවා. දෙමාපියන්ට වඩා කපටියි දැන් අළුත් පරම්පරාව. නව තාක්ෂණය නරකටත් පාවිච්ච් කරනවා. (නි)
මෙවැනි නීතිවිරෝධී දේවලට සමාව දුන්නොත් අනික් ළමයි පවා මේ වගේ දේවල් කරන්න පුළුවන්. නීතිය කාටත් පොදුයි (නි)