මඩකලපුව දිස්ත්‍රික්කයේ දැඩි නියඟයෙන් කුඩා වැව් බොහෝමයක් සිඳී ගොස් ඇති බව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු මඩකලපුව දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ එම් වඩිවේල් මහතා කියයි.
දිස්ත්‍රික්කයේ කුඩා වාරිමාර්ග වැව් 14කි. එයින් චෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් පහක් ද අනෙක් තැන්හි වැව් නවයක් ද ඇත.
මදුරන්කේනි පෙරිය කුලම්, මහිලඩිත්තීවු වැව, පලුකාමම් වැව, සෙවකප්පත්තු වැව, පොරතීවු පත්තු හා මහිලූර් වැව් මුළුමනින්ම සිඳී ගොස් ඇත.
කඩුක්කාමුනෙයි වැවේ අඩි පහක් ජලය ඇත.
මේ නිසා කුඹුරු වගාවන් ද පාළුවට ගොස් ඇතැයි පොලිසිය කියයි.
පවුල් 15,000ක් පානීය ජල හිඟයකට මුහුණ පා ඇතැයි ද, ඔවුනට බවුසර මගින් ජලය සපයන බව ද සහන සේවකයෝ කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd