(අංජුල මහික වීරරත්න)
වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට ගොවිජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) දින පාන්දර කොළඹ වරායට පැමිණියේය.
එම නෞකාවෙන් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් මෙරටට රැගෙන විත් ඇති අතර, ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් මෙම මඩ පොහොර ලබා දී තිබේ. 2022/23 මහ කන්නයේ වී වගා කළ එහෙත් 2023 යල කන්නයේ වී වගා කළත් නොකළත්, මෙරට ලක්ෂ 12ක් වන සියලුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පරිදි, හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොස්පේට් නිධියක් තියාගෙන, ආර්ථිකේ නැට්ටටම කෙල වෙලා තියෙද්දීත්, ඉතාම සරලව හදන්න පුලුවන් ට්‍රිපල් සුපර් පොස්ෆේට් ලංකාවෙ හදන්නෙ නැතුව පිට රටින්ම ගෙනෙන්. තාම ඕක හදන්න සැලසුමක් වත් තොපිට නැද්ද.
එහෙනම් මහ මැතිවරණයක් ළඟදීම තියන්න යන පාටයි