කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකුට එරෙහිව මුද්‍රණය කරන ලද මඩ පත්‍රිකා තොගයක් සමඟ තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.

පිට කෝට්ටේ සිට ඇතුළු කෝට්ටේ දෙසට ත්‍රීරෝද රථයකින් එම පත්‍රිකා ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.