මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි නියගයෙන් පොළොන්නරුව ,මැදිරිගිරියේ අඹගස් වැව ඇතුළු ගම් රැසක පානීය ජලය බලවත් ප්‍රශ්නයක් වී ඇත.
වැව් පතුළේ ඉතිරි වු මඩ කඩිතිවලින් කළගෙඩි පුරවාගන්නා කාන්තාවෝද බොහෝ වෙති.
ඡායාරූප ක ග කරුණාරත්න
විල්පත්තුවේ වන සතුන්ට ජල හිගයක් නැති සැටියකි.
ඡායාරූපය ජනක සේනාරත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" දැයට කිරුල ". (අ)
කණගාටුදායක පුවතක් (අ)
බොන්න වතුර පොදක් ඉල්ලන අපේ ළමයි හට වතුර බවූසරයක් යවන්න ධානපතියෙක් මේ රටේ නොමැතිද (අ)
රජ ගෙදරට ත් මේ ප්‍රශ්නය ආවොත් මොන දෙවියන්ට කියන්නද ? (අ)
මේ පැතිවල ඉන්න මිනිස්සු හැමදා දුක් විදිනවා. ඒත් ඒ අය තේරුම් ගන්නේ නැහැ දුක් විදින්නේ මේ රටේ පාලකයන් කරන වැරදි වලින් කියා. පව් අසරණ මිනිස්සු (නදී)
කාර් රේස් වලට යන සල්ලි වලින් ටිකක් අරගෙන මේ මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් දෙමු. මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස්වෙන දියුණුවක් හැර වෙනත් දියුණුවකින් ඇති පලයක් නෑ. (අ)
දෙවියනි ඔබත් මෙසේනම් ,මා කාටද දුකපවසන්නේ.(අ)
මහනුවරට පැයකට දෙපාරක් විතර වහිනවා . ලංකාවෙත් හැටි .(අ)
මේක තමා පවත්නා දේශපාලනයේ ප්‍රගතිය. මොනවද මේ ගැන පක්ෂයට ලැදි ආධාරකරුවන් කියන්නේ බලමු. (නි)
කොළඹ තියෙන පිකටින් මර්දන ජල බව්සර කීපයක්වත් පොළොන්නරුවට යවමුද ? (නි)
දැක්කද, අපි හදාගත්ත අධිවේගේ ලස්සන? (නි)
ජල කළමනාකරණය පිටරැටියන්ට ඕනෑ විදියට කරන්න ගියාම මෙවැනි අභාග්‍යසම්පන්න අවස්ථා ඇතිවෙනවා. (නි)
පළමුවන පින්තූරේ නළලට අතගසාගෙන ඉන්න අම්මා දැක්කම හරිම දුකක් හිතට දැනෙනවා (නි)
මේ මිනිසුන්ට බොන්න වතුර සපයන්න කෙනෙක් නැද්ද? (නි)
ඔයගොල්ලෝ එන්නකෝ කොළඹ හතේ කඩෙන් ආප්ප කාලා යන්න. තද අව්වේ දවල් 12ටත් වතුර විදින මල් එහෙ තියනවා (නි)
හදවත සසල කරන ඡායාරූප පෙළක්.අනේ මේ අයට පිහිටක් වෙන්න තියෙනවා නම්.... (නි)
ආසියාවේ ආශ්චර්යය මිනිස්සු මඩ වතුර බොති (නදී)
මේ උදවිය මොන දුකක්ද විඳින්නේ? පළාතේ වගකිවයුත්තන් දන්නවද මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියලා. (නි)
පිරිසිදු වතුර ඉල්ලා ආණ්ඩුවෙන් වෙඩි කා නසිනවට වඩා මඩ වතුර බීම යෙහෙකැයි ඔවුන් සිතනවා ඇති. (නදී)
අනේ අපොයි, මේ අපේම මිනිසුන් නේද? (නි)
පායන කාලවලට ගම් වලට බීමට ජලය ලබාදුන් එක සුද්දාගේ කාලයේ ඉඳලම තිබුන දෙයක්නේ. අපි දියුණු වෙච්ච පාර දැන් ඒවත් නවත්තලාද? ඇයි මේ මිනිසුන්ට වතුර ටිකක් බෙදලා දෙන්නේ නැත්තේ? (නි)
කෝටි ගණන් කාර් රේස් වලට වියදම් කරන රටේ අසරණ වූ මිනිසුන්ට වතුර බිඳක් දෙන්නවත් සල්ලි නැහැ! (නි)
මෙන්න මේ නිසා තමයි අපි පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් සදහා අප්‍රිකාවට ලබා දුන් ඩොලර් මිලියන ගණනක ආධාර මුදල ඉතා ඉහළින් අගය කළයුත්තේ. (නි)
මේවා දැක්කම පපුව පිච්චිලා යනවා.පවු මේ අහිංසක මිනිස්සු. (නි)
අනේ දෙවියනේ! මේ මඩ වතුර කොහොමද බොන්නේ? (නි)
අපේ මහා මිනිස්සුන්ගේ ඇස් පොට්ට වෙලාද මෙවෙනි දේවල් නොපෙනෙන්නේ ......මේ අසරණ මිනිසුන්ට ජලය සපයන මාර්ගයක් සොයන්න බැරිද ......වැඩකට නෙති දේවලට මිලියන ගණන් වියදම් කරනවා (දී)
පවු අහිංසක මිනිස්සු (නි)
ධාර්මිශ්ඨ මිනිසුන් ජීවත්වන කාලවලදී බවභෝගයන්ගෙන් පිරී ඉතිරී සෑමට සතුට ගෙන එන්න දෙවියන් සුසුදු කාල වලදී වැසි වස්සනවා (නදී)
මෙම පෙදෙස්වල ජීවත්වන දුප්පත් ගොවි ජනතාවට ද පානීය ජල පහසුකම් ලබාදීම ගැන බලධාරින්ගේ අවධානය යොමුවේවා ! (දී)
ආසියාවේ ආශ්චර්ය! (දී)
ළඟදීම අපි ජල ගාස්තු වැඩිකරනවා (දී)
අනේ අම්මේ, පිපාසයට දිය පොදක් සොයා යන නුබේ මුහුණ මොන තරම් අසරනකමකින් ඉන්නවද කියල පේනවා.., අනුරගේ ඇක්සිඩන්ට් එකට කොච්චර කොමෙන්ට්ස් දාලද, මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් කෝ කොමෙන්ට්ස්....? (දී)