ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම එරට වේලාවෙන් අද උදෑසන ආරම්භ වූ අතර, උදෑසන 10 වෙද්දී, ලෝක් සභාවේ ආසන 543 න්, ආසන 304 ක් හිමි කර ගත් නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂ සන්ධානය, පාලක කොංග‍්‍රස් පක්ෂය අභිබවා අති විශිෂ්ට ජයක් හිමි කර ගන්නා ලකුණු පෙන්නුම් කළේය.
ඒ අනුව මෝඩි ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වනු ඇත. පාලක කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට ආසන 75 ක සීමාවේ සිටි බව ද වාර්තා විය.
මුලින්ම තැපැල් ඡන්ද ගණන් කෙරුණු අතර, ඉන්පසු ගෝව ප‍්‍රාන්තයේ ලෝක් සභා ආසන දෙකෙන් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ බව ඉන්දීය මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
ලොව දීර්ඝතම මැතිවරණය ලෙස වාර්තා අතරට ද එක් වුණු ඉන්දීය මැතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම බොහෝ වශයෙන් සිදු වූයේ ඉලෙක්ට‍්‍රානික ඡන්ද ප‍්‍රකාශන යන්ත‍්‍ර ආධාරයෙනි. එහෙයින් ප‍්‍රතිඵල නිකුත් කිරීම ද කඩිනම් විය.
මැතිවරණ අනාවැකි අනුව භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය ආසන 279 ක් හිමිකර ගනු ඇතැයි පැවැසිණි. බහුතර බලය හිමි කර ගැනීමට නම් ඔවුන්ට අවශ්‍ය වන්නේ ආසන 272 ක් පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුලත් කොලේ සීනුව පංචායුදය නැහැ නේද එහෙ (දිල්)
මොධි මහතාට ශුබ පැතුම්. බලු නැට්ටෙන් බල්ලා වනවන්න හිතපු ජයලලිතාට එසේ කරන්නට නොහැකිවීම ගැන සතුටු වෙනවා. (මුදී)
ආසියානු රටවල බල තන්හාවේ කෙළවරක් නැහැ. මීමුත්ත, මිත්තනිය පියා, සහ පුතා වශයෙන් බල අරගලය දිගටම ගෙනියනවා. කිසිම දේශපාලන හත්මුතු පරම්පරාවක් සදාකාලික නැහැ කියලා අපේ ආසියාවේ දේශපාලන පවුල් වලට නම් කවදාවත් තේරෙන්නේ නැහැ. (ස)
අපේ රටට බැරි ඇයි මේ වගේ විද්‍යුත් මැතිවරණ ක්‍රමයක් ගෙනල්ලා වියදම් අඩු කරන්න. (ස)
කොන්ග්‍රස් පක්ෂයට ගාන්ධි පවුල නැති වීම අපිට හොඳක්. මෝඩි මහතාගේ ජයග්‍රහණය අපිට හොඳක් වන්නට ඉඩ තිබෙනවා (නි)
වෙනස්වීම හොඳයි. ඒත් මෝඩි සහ ජයලලිතා අතර ඉදිරියේදී ඇතිවන සන්ධානගත වීම, ලංකාවට කරන බලපෑම නම් හොඳ එකක් වෙයි කියලා හිතන්න අමාරුයි (නි)
කිසිම දෙයක් සදාකාලික නැහැ කියලා තේරුම් ගන්න බැරිම ආසියාවේ දේශපාලකයන්ට තමා. (නි)
නව අගමැතිතුමාට අන්තවාදය පරාජය කරන්න ලැබේවා! (නි)
මෝඩිගේ සන්ධානය කිසිම ගැටළුවක් නැතුව අනෙක් ප්‍රධාන පක්ෂවල උදව්වක් නැතිව බහුතරයක් ලබාගත්තොත් එකේ වැඩිම වැදගත්කමක් තියෙන්නේ අපිටයි. දැන් පවතින ආණ්ඩුව බලයට පත් උනේ ජයලලිතලගේ සහයෝගයෙන් නිසා ඒ ආණ්ඩුවට කොන්ද කෙලින් තියාගන්න බැරි උනා. ඒත් භාරතීය ජනතා පක්ෂය එහෙම අනෙක් පක්ෂවල උදව්වකින් තොරව පත් වෙනකොට ඒ ආණ්ඩුවට ශක්තිය වැඩි. ඒක අපිට සුභාදායකයි.! (ස)
අපේ රටටත් ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමය ආවොත් හොඳයි. (නි)
පටන් ගත්ත ගමන්ම ජාතිය ඉදිරියට දාගෙන.ඉස්මිල් , ඇයි අපිට ශ්‍රී ලංකිකයෝ විදිහට ලෝකෙට යන්න බැරි.අපි සිංහල ජාතිකයෝ.එත් ලෝකය ඉදිරියේදී අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ .මිනිසුනේ ගෝත්‍රික වාදය ,ආගම් වාදය , මනසින් තුරන් කරමු.අපි හැමෝම මිහි මවගේ දරුවෝ වෙමු. මෝඩිට ශ්‍රී ලංකික අපගේ සුභ පැතුම්. (ස)
නරේන්ද්‍ර මෝඩි මහතා ඉන්දියාවේ බලය ලබා ගැනීම, ඔහු මධ්‍යස්ථ මතධාරීයෙකු වීම අප රටට වාසිදායක වීමට ඉඩ ඇති අතර ජයලලිතා ජයරාම් මෙනවිය සමග ඇති තරඟකාරී තත්වය තුළ එම ජයග්‍රහණය අපට කෙසේ බලපාවිදැයි ගැටලුවකි. (ස)
සුළු ජාතිකයන් හොඳින් තේරුම් ගත් නරෙද්‍ර මෝඩිට මගෙන් පැතුම්, (ස)
අනේ ඉස්මිල්, යන්නකෝ ඉන්දියාවට! ලොකු උදව්වක්! (ස)
සදාකාලික නම් නැහැ තමයි බමුණු. නමුත් පරම්පරාවකට සෑහෙන කාලයක් මේ සෙල්ලම කරන්න පුළුවන් බව දකුණු ආසියාතික පසුගාමී බහුතර ජනතාව ඔප්පු කර තිබෙනවා. (නි)
ලබන මහ චන්දෙදි ලංකාවේ වෙන්නෙත් ඕකම තමා. (ස)
පාලක කොංග්‍රස් පක්ෂයට අත්වූ ඉරණම අපේ රටටත් ළඟදීම අත් වෙනවා. (ස)
සමන් ඔයා ඉන්නේ ලංකාවේද? මහින්ද රාජපක්ෂ සිටින තාක් කල් විපක්ෂය සිහිනයක් පමණි. (ස)
ඒ ලංකාවේ සාධාරණ මැතිවරණයක් තිබුනොත් විතරයි. (ස)
පාලක පක්ෂයට අත් වූ ඉරණම අපේ රටටත් ළඟදීම අත්වේවි. (ස)
ඔබට ජයෙන් ජය! (නි)
නරේන්ද්‍ර මෝඩි ජයග්‍රහණය ලැබුවේ රකින්න පරම්පරාවක් නැති නිසා. මිනිස්සු පිලිගන්නවා දුෂණය නැහැ කියා.(නදී)
නලින්, සින්දුව මතකද, ඉන්දියාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (නදී)
එයාලටත් මෝඩයෙක් ඉන්න එක කොච්චර දෙයක් ද? (ස)
ඔබට ජය පතනවා ඒ වගේ ම දැනට ඉන්දියාව ලංකාව පිළිබඳව ක්‍රියා කරන ආකාරය වෙනස් වේවි කියල හිතනවා. (ස)
රනිල්ව එ ජා ප නායකත්වයෙන් අයින් කරගන්න පුලුවන් වුනොත් අද හෙටම, ඊලඟ මහ චන්දෙදි ලංකාවේ ප්‍රතිපලයත් අනිවාර්යෙන්ම ඔය වගේ වෙනවා.බැරි වුනොත් අපි හැමදාම අහන ප්‍රතිපලය තමයි. අද මේ ආණ්ඩුව රකින එකම ආරක්ෂක වැට රනිල් වික්‍රමසිංහ. (ස)
වහා ලංකාවේ මිනිස්සුත් බුද්දිමත් තීරණයක් ගතයුතු අතර වෙනසක් ඇතිකළ යුතුයි (දිල්)
මොනවා වුනත් අපේ රටට හොද නම් කොටියට නරක නම් අපිට ඕන එච්චරයි. ලංකාවේ ඊළගට තියෙන්නෙ ජනාධිපතිවරණයක්නෙ? මේකත් එක්ක පටලවාගෙන බොරුවට හීන දැකලා වැඩක් නැහැ (දිල්).