
(රංජිත් රාජපක්ෂ)
නල්ලතන්නියේ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්රාපතයෙන් වූ මාර්ගයකට පෙරලිමෙන් එම මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු දික්ඔය මූලික රෝහලට ) ඇතුළත් කළ බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.
පස්වරු 4:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් මස්කෙළිය ශ්රී පාද මාර්ගයේ නෝර්වුඩ් රෝක්වුඩ් ප්රදේශයේදිය.
ශ්රී පාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑලිය දක්වා මෝටර් රථය ධාවනය කරවන අවස්ථාවේ රියදුරුට නින්දයෑමත් සමග මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන රෝක්වුඩ් වතුයායට පිවිසෙන මාර්ගයට පෙරැළි මෙම අනතුර සිදු වී ඇත.
අනතුර සිදු වන අවස්ථාවේ මෝටර් රථය තුළ සිව් දෙනෙකු ගමන් කර ඇතත් ඉන් තිදෙනෙකුට පමණක් තුවාල වී ඇතැයි අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන නෝර්වුඩ් පෙලිසිය කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩි පහලොවකට ප්රපාතයක් කියන්නේ කවුද? අඩි පහලොවක වලක් නැතිනම් කානුවක් නැතිනම් අගලක් කිව්වා නම්නේ හරි.