(ගයාන් සූරිය ආරච්චි)
වාහනයක් පරීක්ෂා කරන අතරවාරයේදී වාහනය තුළට ගංජා දමා තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට තැත් කළ බව කියන කොල්ලුපිටිය පොලිසියට අනුයුක්ත කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.
තරුණයන් පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කොල්ලුපිටිය ප්‍රදේශයේදී කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී කොස්තාපල් වරයෙකු විසින් මෝටර් රථයට ගංජා දමා තරුණයන් අත්අඩංගුවට ගැනීමට ගිය බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කර තිබුණි.
ඒ පිළිබඳව විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ නියෝග පරිදි එම කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ තහනම් කිරීම නොවේ සේවයෙන් නෙරපීම කරන්න ඕනේ
මේ වගේ අයට මරණ දඬුවම දෙන්න ඕනෑ හරිනම්... අහිංසක පොඩි එකෙක්ව ගංජාකාරයෙක් කරලා මුලු අනාගතයම අදුරට දමන නීතිය රකින අය නේද මෙහෙම කරන්නේ
ඔන්න ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කරන හැටි, වීඩියෝවක් නොතිබ්බනම් අර අහිංසකයd අද බොරුවට ගංජා කාරයෙක් වෙලා අන්තිමට පාතාලයෝ හැදෙන්නේ මේවගෙන් තමා ඉතින්