
අනුරාධපුරය ගොවිජන සේවා කාර්යාලයේ නීති නිලධාරිනිය පැදවූ මෝටර් රථය ඇල්ල ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදු වූ අනතුරකින් ඇයගේ පියා, මව සහ අවුරුදු තුන හමාරක් වයසැති පුත්‍රයා එතැනම මියගොස් ඇතැයි නාගොල්ලාගම පොලීසිය කියයි.
අනතුරට පත් මෝටර් රථය පදවාගෙන ගිය නීති නිලධාරිනි චන්දිමා වර්ණකුලසූරිය සහ ඇයගේ පුංචි අම්මා වන එම්.එම්. පුංචිමැණිකේ යන දෙදෙනා බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද නාගොල්ලාගම පොලීසිය සඳහන් කරයි.
එම අනතුරෙන් මියගොස් ඇත්තේ, නීති නිලධාරිනියගේ පියා වන සුනන්ද වර්ණකුලසූරිය, මව වන එම්.එම්. ලීලාවතී සහ ඇයගේ පුත්‍රයා වන ආදිත්‍ය මනුල නමැති තිදෙනාය.
නීති නිලධාරිනිය පැදවූ මෝටර් රථය අනුරාධපුර–කුරුණෑගල මාර්ගයේ වේගයෙන් ගමන් කර තිබූ අතර, වේගය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා හෝ ඇයට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පනින්නට ඇතැයි සැක කරන බව ද නාගොල්ලාගම පොලීසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.
තුවාලකරුවන් මුලින් වාරියපොළ දිසා රෝහලටත්, පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලටත් ඇතුළත් කළ බව ද ඔහු පැවැසීය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින එක් රෝගියකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
අනතුරට පත් පිරිස අනුරාධපුර ගුවන්තොටුපොළ අසල, ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් ඊයේ උදෑසන කුරුණෑගල හරහා කොළඹ බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
අනතුරෙන් මෝටර් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදු වී ඇති අතර, රථයේ වායු බැලුනය ක්‍රියාත්මක වීම හේතුවෙන් මෝටර් රථය පැදවූ කාන්තාව තුවාල ලබා බේරී ඇති බව ද පොලීසියේ නිලධාරියෙක් කීවේය.
මෝටර් රථය අනතුරට පත් වූයේ, මෝටර් රථය පැදවූ නීති නිලධාරිනියට නින්ද යාම හේතුවෙන් ද නැති නම් වේගය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා දැයි විමර්ශනය කරන බව ද ඔහු පැවැසීය.
පුෂ්පකුමාර ජයරත්න, රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ,සංජීවනී කෝට්ටේගොඩ, සිසිර නන්දන කැලේගම, උපුල් හේරත් සහ බී.ජී. චතුරංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd