මොනරාගල දඹගල්ලේ කටුපැළැල්ලේ ව්‍යාපාරිකයකුගේ ගෙදර විදුලි මිටර පෙට්ටියේ තිබු රුපියල් හාරලක්ෂ විසි දහසක් හා පවුම් දෙකකට ආසන්න රන් දම්වැලක්ද අත් පළදනාවක්ද සමඟ විදුලිබල මණ්ඩලයේ කාර්මික සාහයකයෙක් දඹගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට පැමිණි කාර්මිකයා එම මුදල් හා භාණ්ඩ රැගෙන යද්දීම පොලීසියට කොටු වී ඇතැයි කියති.
ව්‍යාපාරිකයාගේ නිවස මීට පෙර දෙවරක්ම හොරුන්ගේ ග්‍රහණයට ලක්වුයෙන් ආරක්ෂාව සඳහා මේ භාණ්ඩ හා මුදල් මීටර් පෙට්ටියේ සඟවා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හිතලා කරා කියන්න අමාරුයි. මොකද හිතලා කරා නම් මේතරම් මුදලක් මොවුන් තියන්නේ නැහැ. මට හිතෙන විදිහට ගෙහිමියා සහ පොලිස් නිලධාරියා එක්ව කල හොර කමක්. මොවුන් දැනගෙන ඉන්න නැතිව ඇති විදුලිය විසන්ධි කරන්න එදා එන බව. මෙච්චර මුදලක් තිබිලත් විදුලි බිල නොගෙවා හිටියා කියන එක හිතා ගන්නත් බැහැ. පව් අහිංසකයාගේ ජොබ් එක. මේ ගැන වග කිය යුතු පුද්ගලයෝ සොයා බැලිය යුතුයි. (නදී)
හොරා ගැන සමහරුන්ට තියෙන්නේ පුදුම අනුකම්පාවක් නේ (නදී)
මොන මෝඩයවත් ඔය වගේ තැනක ඔච්චර සල්ලි දාන්නේ නැහැ (නදී)
වක්කඩේ හකුරු හැංගුව වගේ කතාවක්.(ස)
ව්‍යාපාර ගැන මොලයක් තිබුනාට සාමාන්‍ය දැනීම,සමාජ ආශ්‍රය ගැන මොලය කලඳක්වත් නැත.එචචරයි මට කීමට ඇත්තේ.(හේ)
මොකක්ද මේ කියන අරුම පුදුම කතාව. ගේ හිමිය ලග ලොකු මුදලක් තියෙනවා නම් ඇයි බිල නොගෙව්වේ ? (නදී)
ලක්ෂ 4ක් ගෙදර හංගාගෙන ඉන්න මනුස්සයා ඇයි විදුලි බිල ගෙවල නැත්තේ. දුප්පත් මනුස්යෙකුත් නෙමෙයිනේ. අනේ මන්ද අපේ මිනිස්සුත් තමන්ගේ හැමදේම කරගන්නවා අනුන්ට ණයවෙලා හරි. එ්ත් තමුන් වෙන කෙනෙකුගෙන් ගත්ත ණයක්, බිලක් ගෙවන්න තමයි හරිම අමාරු (නදී)
සල්ලි තියෙද්දී බිල නොගෙව්වේ මොකද දන්නේ නැහැ (නදී)
විදුලි මීටරය විදුලිබල මණ්ඩලයේ දේපළක් නේ. ඉතින් කොහොමද ඒක සල්ලි පරිස්සම් කරන්න පාවිච්චි කරන්නේ.. එකත් වරදක් නේ.. අනිත් ඒක මේ තරම් සල්ලි තියාගෙන ඇයි විදුලි බිල ගෙව්වේ නැත්තේ.. ඒ ගැනත් හොයල බලන්න..(දිල්)
ලයිට් බිල ගෙවන්න සල්ලි නෑ ඒත් මේතරම් සල්ලියක් හංගලා තිබුණා.විශ්වාස කරන්නත් බෑනේ (දිල්)
මේක අලුතින් හඳුන්වා දියයුතු බිල ගෙවීමට පසුම ක්‍රමයක්.මුදල් මීටර පෙට්ටියේ තියනවා. මනු කියවන්නා බිල සටහන් කරලා මුදල් අරගන යනවා. (දිල්)
බිල නොගෙවා ඉතුරු කරගත් සල්ලි ද දන්නේ නෑ නේද (දිල්)
ලොවෙත් නෑ
මේක නම් පොලිසිය හා ව්‍යාපාරිකයා එකතු වෙලා කරපු මගඩියක්. මොන මනුස්සයාද එළියේ තියෙන පෙට්ටියේ මෙතරම් ධනයක් සගවන්නේ. විදුලිය විසන්දි කරන්න ආපු මනුස්සයා විදුලිය විසන්දි කරන්න අාපු එකට දීපු පරිප්පුව තමයි මේ. ව්‍යාපාරිකයා පොලිසිය හොදින් දන්නා කෙනෙක් වෙන්න ඇති. පව් අර මනුස්සයාගේ රස්සාව. ඔන්න යහ පාලන රජයක යුතුකම අවංක පරීක්ෂණයක් කරන්න.(නදී)
මෙයා පසුගිය රජයේ කවුරු හරිද ? (නදී)
කරුණාකරලා මේ ගැන හොයල බලන්න. විදුලිය විසන්දි කරන්න එනබව දැනගෙන කරපු වැඩක් වෙන්න පුළුවන්. මට හිතෙන්නේ මුදලාලි හිතල කරපු දෙයක්. (ර)