IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මීටර 400 ශූර ප‍්‍රසන්න තරග බිමෙන් සමුගනී

මීටර 400 (පිරිමි) ඉසව්වෙන් ආසියාවේ ජයකෙහෙළි නැංවූ ක‍්‍රීඩකයකු වන ප‍්‍රසන්න අමරසේකර අනිද්දා (20) තරගබිමෙන් සමුගැනීම නිල වශයෙන් ප‍්‍රකාශට පත් කිරීමට නියමිතය.

ප‍්‍රසන්න අමරසේකර

ජාතික  ක‍්‍රීඩා විද්‍යායතනයේදී එදින පස්වරු 4ට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අමරසේකර සිය තරග බිමෙන් සමුගැනීම ප‍්‍රකාශයට පත් කරයි.
එම අවස්ථාවට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් හා අමරසේකරගේ සමකාලීනයන් වන ප‍්‍රවීණ මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක්ද සහභාගි වෙති.
තරග බිමෙන් සමු ගැනීමට ගත් තීරණය ගැන ලංකාදීපය කළ විමසුමකදී පැවසූවේ ඊට විශේෂ කාරණාවක් හේතු නොවූවත් කිසියම් කලකිරීමකින් තමා පසුගිය කාලය ගෙවූ බවයි.
පසුගිය කාලයේ තමා ලබාගත් ජාත්‍යන්තර ජයග‍්‍රහණ රටේ නිසි ඇගයීමට ලක්වූයේද යන්න සැක සහිත බවත් එහෙත් තායිලන්ත විවෘත මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී පදකක්මක් දිනූ ක‍්‍රීඩිකාවකට නිවෙසක් පවා තෑගිලෙස පිරිනැමුණු බව ඔහු පැවසීය.
තායිලන්ත විවෘත මලල ක‍්‍රීඩා ශුරතාවලියේදී දිනාගත් රන් පදක්කම් පමණක් බෑග් එකක් පිරෙන්න තමා ළඟ තිබෙන බවත් ඔහු පැවසීය.
32හැවිරිදි එක්දරු පියකු වන ප‍්‍රසන්න අමරසේකර වසර 2005 දී මීටර් 400 (පිරිමි) ඉසව්වේ ඉහළට දස්කම් දැක්වූයේ තත්ත්පර 45.47කටය. එහිදී ඔහු ඔලිම්පික් ”ඒ” ශ්‍රේණියේ පරිසාදන  මට්ටමට ළඟා වීමටත් සමත්විය.
1998 සිට ජාත්‍යන්තර තරවලට සහභාගි වන ඔහු මේවන විට ආසියානු ගෝන්ප‍්‍රී පළමු ස්ථාන 10ක් දෙවැනි ස්ථාන 13 න් හා තෙවැනි ස්ථාන හතක්ද, ආසියානු ක‍්‍රීඩා  උළෙල රිදී පදක්කම් දෙකක්ද (2), ආසියානු ශූරතා රන්  පදක්කමක් හා රිදී පදක්කම් තුනක් බැගින්ද හා ලෝකඩ පදක්කම් දෙකක්ද දිනාගෙන සිටියි.
ආසියානු ගෘහස්ථ මලල ක‍්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම් දෙකක්ද ලෝක හමුදා ක‍්‍රීඩා උළෙලේදීත් එක් ලෝකඩ පදක්කමක්ද දිනා ඇති ප‍්‍රසන්න ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලි දෙකකදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
කෙසේ වූවත් වරක් ඔලිම්පික් පරිසාදන මට්ටම ඉක්මවා යමින් දස්කම් දැක්වුවත් ඔහුට ඔලිම්පික් උළෙලකට සහභාගිවීමේ අවස්ථාව හිමිව නැත. ප‍්‍රවීණ මලල ක‍්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා ඔහුගේ පෞද්ගලික පුහුණුකරුයි. අන්තර් ජාතික තරග බිමේ අවසන් වරට තරග වැදුණු ඔහු 2011 වසරේ මැයි මාසයේදී පැවති ආසියානු ගෝන්ප‍්‍රී මලල ක‍්‍රීඩා ශූරතවාලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.
මීටර 200 ඉසව්වෙන්ද දස්කම් දැක්වූ ඔහු ආසියානු ගෝන්ප‍්‍රී තරගවලදී එම ඉසව්වෙන් තරගවැදී රන් පදක්කම් ද දිනාගෙන තිබේ.
වෘත්තියෙන් ඔහු යුද හමුදාවේ බලලත් නිලධාරියකු ලෙස සේවය කරයි. මලල ක‍්‍රීඩිකාවක් වූ ගයානි ගේ‍්‍රටා සමග විවාහ ගිවිසගත් ඔහු වල්හැපුතැන්න මහ විදුහලේ හා බණ්ඩාරවෙල ධර්මපාල මහ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
තරග බිමෙන් සමුගැනීමෙන් පසු මැදි දුර ධාවන උපදේශකවරයකු ලෙස කටයුතු කිරීමට අමරසේකර අපේක්ෂා කරයි.



අදහස් (0)

මීටර 400 ශූර ප‍්‍රසන්න තරග බිමෙන් සමුගනී

අරවින්ද Tuesday, 19 February 2013 12:04 PM

ඔබට් සුභ අනාගතයක් (දී)

:       0       0

වරුණ Monday, 18 February 2013 11:52 AM

මෙයත් කිරි කලයේ ගොම හලාගත්තා නේද ? . (ස)

:       0       0

සම්පත් Monday, 18 February 2013 12:07 PM

ඔබ‍ට ජය . (ස)

:       0       0

තිලකගේ Tuesday, 19 February 2013 04:05 PM

අයුක්තිය, අසාදාරණය රජ නොකරන රටකට මා රැගෙන යන්න උතුමානෙනි.(නදී)

:       0       0

අරුණ Monday, 18 February 2013 10:26 PM

අපේ යුගයේ අවසන් පුරුක සුසන්තිකා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 65 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site