නිරූපණයට මෙන්ම රංගනයට දායකත්වය දක්වමින් තම ජීවිතය ගෙවන සාරවිට.lk සමග කතාබහට එකතු වන ඇය ඉසුරි හෙට්ටියාරච්චිය.
ඉසුරි කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස් වල Music Video දෙක තුනකටම රංගනයෙන් දායක වුණා.තව Photo-shootවලටත් ආරාධනා ලැබිලා තියනවා. ඒ වැඩ කටයුතුත් එක්ක තමයි මේ දවස්වල ජීවිතේ ගෙවන්නේ.
රංගනයෙන් දායක වුණ Music Video මොනවද?
මගේ මුල්ම music video එක ප්‍රදීප් රංගන අයියගේ “ඔබේ නමට පුදමි සදා” ඒක තමයි මගේ මුල්ම music video එක. ඊට පස්සෙ රොනී අයියගේ “පෙම් පුරාණේ” song එක. ඒ වගේම දර්ශන ඉලන්ගසිංහගේ “දෙමලිච්චි” කියන music videoවලට දායක වුණා.
ඉසුරි ඔයා මොන වගේ ආරාධනාද භාර ගන්නේ?
මට කරන්න පුළුවන් හොඳයි කියලා හිතෙන ආරාධනා සතුටින් භාර ගන්නවා.
ඔයාගේ මේ ගමනට උදව් කරන්නේ කවුද?
මගේ ගමනට හැමදේකටම උදව් කරන්නේ මගේ යාළුවා. එයා තමයි ඉෂාරා. මගේ මේ යන ගමනට හරි වැරැද්ද කියලා දීලා මේ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න මට එයා ගොඩක් උදව් කරනවා.
මේ වෙලාවේ ස්තුති කරන්න කවුද ඉන්නේ?
මුලින්ම ස්තුති කරන්න ඕනේ මට මගේ මුල්ම music video එකට ආරාධනා කරපු නිමන්ත වර්ණකුලසූරිය අයියට. එතනින් තමයි මගේ මේ ගමනට මුල්ම අඩිතාලම වුණේ. ඒනිසා මේ වෙලාවේ එයාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ වගේම, එයාට විශේෂ ස්තූතියක් කරන්න ඕනේ. ඊට පස්සෙ මගේ යාළුවා ඉෂාරා. ඒ වගේම මගේ ගමනට වචනකින් හරි උදව් කල අයට මං මේ වෙලාවේ ස්තූති කරනවා.
සටහන සහ ඡායාරූප - ඉෂාන් සංජීව
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මට හොඳයි කියලා හිතෙන ආරාධනා සතුටින් භාර ගන්නවා