1987 සිට යුද්ධයෙන් අහිමි වු දේපළ වෙනුවෙන් වන්දි ඉල්ලා අසුඑක් හැවිරිදි ව්‍යාපාරිකයකු සටන් වදී .
මඩකළපුව එරාවුර්හි ව්‍යාපාරිකයකු වු ඇස්මිස් වල්ගම මහතා සිය දුක් ගැනවිලි දේශපාලනඥයින්ට හා රජයේ නිලධාරීන්ට කොතෙකුත් කියා සිටියත් මෙතෙක් සහයක් ලැබී නැත.
කොටි කළබල සමයේ සුභ සාධන කඳවුරුවල රැකවරණය ලැබු ඔහු දැන් හබරණ පදිංචිව සිටී.
එරාවුර් හි පදිංචිව සිටි දකුණේ පවුල් 52 ට පමණක් කොන් කරන්නේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කරයි.
ගාල්ලේ සිට එරාවුර් ගිය ඔහු කියනුයේ තමාට කඩ කාමර 72 ක් තිබු බවයි.
මහළු වයසේ සිටින තමාට හිත සතුටින් මැරෙන්නට හැකි සේ මෙම ප්‍රශ්නයට විසඳුමක් දෙන්නැයි ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියන්නේ නෑ වගේ..? නගින්න ගහක් උඩට..කරමු මාරාන්තික උපවාසේ.. (ස)
පහුගිය ඡන්ද ප්‍රතිපල දිහා බලලා ආණ්ඩුව තේරුම් ගන්න ඕනි ආණ්ඩුවට ඡන්දෙ දෙන්නේ සිංහල මිනිස්සු විතරයි කියලා. ඒත් ආණ්ඩුව සිංහල මිනිහටම නේද මෙහෙම කරන්නෙ.. (ස)
මෙය එක් සංවේදී කතාවක් පමණි. ත්‍රස්තවාදී සමයේ අවතැන් වූ සිංහලයන් ගැන අද කවුරුත් කතා කරන්නේ නැත. නමුත් කේ පී ලා, පිල්ලෙයාන්, කරුණා වැනි මැරයන් අද රජ සැප විඳිනවා. (ස)
අනේ සීයෙ..ඕක තමා ලෝක ධර්ම තාවය,, ගිය දේ ගියා. දැන් පිනක් දහමක් කරගෙන සියලු ආසාවල් අත අරින්න ඕන කාලෙ. (දී)
පිනක් දහමක් කරගෙන ඉන්න මාමේ (දී)
යනකොට අරගන යන්ට බැරී වුණට උරුමය ඔහුටය.(නදී)
අනේ පියාණෙනි, ඔබ ගැන බොහොම දුකක් ඇති වෙනවා. ඔබලාගේ ජිවිතෙන් වැඩි කොටසක් රට වෙනුවෙන් කරලා ඔබ වැනි කෙනෙක් මෙහෙම දුක් විඳින එක ගැන.. (ස)
ලක්ෂ්මන් ජයවර්දන ,වල්ගම මහත්මය ඉල්ලන්නේ තමන්ට නැතිවුන දෙයින් සොච්චමක් විතරය් .එය විහිළුවකට ගන්න තරම් පහත් තත්වයට වැටෙන්නෙපා. ටිකක් හිතන්න.ඔය එක්කෙනෙක් විතරය්. උතුරු නැගෙනහිර හිටි සිංහල මුස්ලිම් කී දෙනෙක් අද අනාතද?. රජය දෙමල ජනතාවගේ හිත දිනාගන්න නොකර දෙයක් නැහැ. එහෙත් අනාත වුන අනෙකුත් ජාතීන්ට තවම කාගේවත් පිහිටක් නැහැ.නව නින්දිත පිල්ලෙට,දයස්පොරවන්ට කඩේ යන්නන්ට ඉදිරිපත් කල යුත්තේ මේ මිනිසුන්ගේ අදෝනාවන්. නමුත් හැමෝම නිහඩය්.එහෙවු මිනිසුන්ව තමය් ඔයාල පාපන්දුවක් කරගන්න හදන්නේ. දුකය් හලෝ (දී)
හරිනම් මේ නියම සිංහලයාගේ සියලු දේ ඔහුට හිමිවිය යුතුය. නීතියෙන් ඔහුට ඒ සියල්ල හිමිකරදිය යුතුය. ඔහු මරුන දවසකට තවත් සිංහලයෙක් එහෙ හිමිකරු වේවි. (අ)
ලොකු මහත්තයෝ ලංකාවේ බීරි අලින්ට ඔව කියල වැඩක්නැහැ (අ)
මෙතුමාගේ එරාවුර් කඩ කාමර වල අයිතියත්, ඒවා නැවත ගොඩ නැඟීමට වන්දියකුත් ආධාර මුදලුත් සමඟින් ලබා දෙනවා නම් හොඳයි. මෙය වග කිවයුතන්ගේ යුතුකමකි. (ස)
යු.එන්.පී එකටමේකට ඉදිරිපත් වෙන්ඩ බැරිද. රජයෙන් යම්කිසි සහනයක් අරන් දෙන්ඩ. එරූර් වල සිංහල ගමක් හදන්ඩ අපේ රජයට පුළුවන්. (නදී)
මේ සීයා ඇඳලා ඉන්නේ සුදු පාට. නිල්/කොළ/රතු/ අලි/බුලත්/කොටි පාට ඇන්දා නම් ප්‍රශ්නේ විසදන්න පහසුයිනේ. (නි)
ගියදේ ගියා මාමේ. ලද දෙයින් සතුටු වෙලා ජීවිතේ ඉතුරු කාලය හිතේ සතුටින් ඉන්න. (ස)
දැන්වත් මේවට පිළියම් යෙදුවොත් හොදයි නේද? රජය මැදිහත් වුණොත් තමයි හොද. උතුරේ ජීවත් වෙලා සිටි අනෙක් ජාතින්ටත් සමාන අයිතීන් තියෙන්න ඕනෑ (නි)
මිනිසෙකුගේ අසරණකම විහිළුවට ගන්න එක වැරදියි.(නදී)
අමිල කටුනායක ලංකාදීප පුවත් පත බීරි අලින්ට කියන්නේ නැහැ හෙණ්ඩුවෙන් අනිනවා .කොහොම ස්තුති කරන්නද මන්දා.?(නදී)
මෙහෙම ප්‍රතිචාර දාන්නේ ඇයි. ඔයාලටත් මෙහෙම වුනාට මතක් වෙයි ලියපුවා.(නදී)
මොනවා වුණත් වල්ගම මහතා හා සමාන සිංහල මුස්ලිම් ජනතාව කොතෙකුත් ඔය ප්‍රශ්න වලට මැදිහත් වී අවුරුදු ගානක් දුක් විදිනවා.වගකිවයුතු උදවිය යුතුකම් පැහැර හරිනවා සේම,මේ අසරණ පුද්ගලයන්ට රජයෙන් මිස වෙන අය උදව් කරන්නේ නැහැ.මේවට දැන්වත් වහා පිළියම් යොදා,මොවුන්ව ආරක්ෂා නොකළොත්,ඉදිරියේ ඔවුන්ගේ වාසභූමි සොයා ගැනිමට නොලැබිය හැකියි. (නි)
මෙතුමාගේ අයිතිවාසිකම් මෙතුමාට ලබාදීමට රජය බැදී සිටිය යුතුයි (නි)
සිංහල අයිතිය ගැන කතා කරන අයට මේ වියපත් සිංහලයාගේ දුක් ගැනවිල්ල ඇසෙන්නේ නැද්ද?? මෙවැනි අය කී දෙනෙක් ඇත්ද? (ස)
"මොකටද කාසිබාගේ හොයා තියා යනකොට ගෙනියනවද අනේ ඔයා" කලශූරිගේ සින්දුව මතක්වුනා.(නදී)
පව් අසරණයා.ඔය විහිළු කරන අයට හොඳක් සිද්ධ වෙන්න එපා. (ස)