රාඩා ආයතනයේ සිදු වුණැයි කියන වංචාව සම්බන්ධයෙන් තමා පටලවා මඩ ගසනුයේත් තමාට එරෙහිව කුමන්ත්‍රණය කරන්නේත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රහස් පොලිසියට ප්‍රකාශයක් දී එළියට පැමිණ චෝදනා කෙළේය.
‘දූෂණ විරෝධී පෙරමුණ කියා පෙරමුණක් හදාගෙන එතැනින් තමයි පොලිස්පතිට යොමු කර තියෙන්නේ.මෙය සම්පූර්ණයෙන් මට මඩ ගහන්න මගෙන් පළිගන්න කරන දෙයක්. චම්පික ඇමතිතුමාට මං කියනවා මං නිසි දේකට නැමෙන්නේ නෑ. මට පාඩමක් උගන්වන්න එතුමාට බැහැ. මම මේක ගෙනියන්න පුළුවන් අන්තිම තැනට ගිනිහින් මේ සටන ගෙනියනවා. එතුමා මේකට යොදාගෙන තියෙන්නේ ඔහුගේ ගෙදර වැඩ කරන කොල්ලා වගේ ඉන්න නිශාන්ත වර්ණසිංහ. ‘ යැයි ද අලස් මහතා පැවසීය.
රාඩා ආයතනයෙන් කොටින්ට මුදල් දුන් බවට ලැබුණු තොරතුරු අනුව ඒ ගැන පැමිණිලි කළ බවත්, කොටින්ට උදව් කරන කිසිවකුට ගැලවීමට ඉඩ නොතබන බවත්, කිසිවකුගේ තර්ජනවලට බිය නොවන බවත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (10) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
රාඩා යනු මහින්ද රාජපක්ෂ රජය සමයේ 2006 දී පිහිටවූවකි. එහි සභාපති වූයේ ටිරාන් අලස්ය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා ද ඒ ගැන අදහස් දැක්වීය.
ටිරාන් අලස්, චම්පික රණවක සහ නිශාන්ත වර්ණසිංහ මහත්වරු දැක්වූ අදහස් පහත වීඩියෝවලින්...
(වීඩියෝ සහ ඡායාරූප තරිඳු ජයවර්ධන සහ ජයමාල් චන්ද්‍රසිරි)
ටිරාන් අලස් මහතා - (වීඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)
චම්පික රණවක මහතා - (වීඩියෝ තරිදු ජයවර්ධන)
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා - (වීඩියෝ තරිදු ජයවර්ධන)
(ඡායාරූප තරිදු ජයවර්ධන)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චම්පික නැත්ත ඇත්ත කර පෙන්වන කෙනෙක් ලෙසයි මම නම් දකින්නේ. කකුළුවා නටන්නේ දිය රත්වෙනතුරුලු (නි)
අලස් මහතා එහෙම වරදක්ක් කළේ නැත්නම් ටිකක් නිහතමානී වෙලා ඇමතිතුමාට එය කියන්න. රණවක මහතා එහෙම මඩගහන හෝ පළිගන්න මනුස්සයෙක් නොවෙයි.ඔබ උඩඟු වී කතාකරන්නේ එක්කෝ ඔබ ඒ වරද කරන්න ඇති. එහෙම නැත්නම් ඔබ මොකද ඔච්චර තරහගන්නේ? ලංකාව ගොඩක් කුඩායි. එය තුළ සමගියෙන් වන්න නම් ටිකක් ඉවසන්න පුරුදුවෙන්න (නි)
දැන්නම් වැඩ වලට වඩා මඩ වැඩියි වගෙයි (නි)
මම නම් දන්නා විදිහට යම් වැඩක් නොකර එයට මුදල් ගැනීම,මුදල් ගැනීමට ආධාර කිරීම වංචාවක්. 1971 දී මෙරට ගම්සබාවක ගම්පතිවරයෙක් ළිං සාදන්නේ නැතුව ,ළිං සැදුවායි කියමින් මුදල් ලබා ත්තා. එදා සිටි ගරු ඇමතිතුමා ඔහුව තනතුරෙන් ඉවත්කළා. මෙයයි එදා දේශපාලනය. නමුත් අද? මෙහි සත්‍ය අසත්‍යතාවය පරීක්ෂණයේදී හෙළිවේවි.එතෙක් චම්පික ඇමතිතුමාට හෝ පැමිණිලිකාර පක්ෂයට බැනීමෙන් වැඩක් නැහැ. (නි)
සමන්ති ,ඔබ 100% හරි. අපිට අහන්න තියෙන්නේ එපමණයි. (නි)
මේවා තමන් හදා ගත්ත මඩ. . ගහන්නේ කවුරුද කියල වැදගත් නැහැ. (ම)
සමහරු තමන්ගේ වාසියට ඕනෑම දෙයක් කරනවා (නි)
ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැනේ! (නි)
ටිරාන් අලස් මුලින් හිටියේ සන්ධානයට සම්බන්ධ නැති පක්ෂවල. ඔහු සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයේ පවා සිටියා. එතුමාව හිරෙන් නිදහස් කරගන්නත් මුල්වුණා. ඇයි චම්පික ඇමති ඒ කාලයේ මේ ප්‍රශ්නය මතු කරන්නේ නැතුව දැන් කරන්නේ. මොකක්ද ඒ හේතුව කියලා පැහැදිලි කරන්න. කලින් ඔය බව දැනගෙන නිහඬව හිටියා නම් එයත් නීතියට විරුද්ධයි. (නි)
රාඩා ආයතනය කැබිනෙට් අනුමැතියෙන් පිහිටුවල ටිරාන් අලස් සභාපති කරලා එම සභාපතිට මුල්‍ය පාලන බලය දීපු ඇමති තුමත් මේකට වග කියන්න ඕනනේ. ඒ කාලේ උතුරේ ගෙවල් හදන්න බර ගත්තු රාජ්‍ය නොවන දේශීය සංවිධාන වල අය ගමන් බිමන් ගියේ එක්සත් වෙච්ච ජාතීන්ගේ සංවිධානවල ධජ රැගත් වාහන වලින්. (අ)
චම්පික පහුගිය ටිකේම රට වටේම බොරු තමා කිය කියා ගියේ.ලෙස්ටර් ජේමිස් ශූරීන්ගේ ඡායාරූපය අරගෙන කළ දේ මතකනේ. (නි)
ඉස්සර නම් අපි චම්පික රණවක නමත් අවංකකමත් අතර සම්බන්ධය පිළිගත්තා. නමුත් ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ඡායාරූපයට වුණ වැඩෙන් පසුව දෙපාරක්වත් හිතනවා. (නි)
අතීතයේ ෆයිල් - වර්තමානයේ මඩ (නි)
ඇත්ත - නැත්ත හරියටම දැනගන්න ජනතාව උනන්දුවෙන් සිටිනවා. (නි)
මෙය ඉතාම බරපතල චෝදනාවක්.ඔබ නිර්දෝෂී නම් මාධ්‍ය සංදර්ශන නොතියා නීත්‍යානුකූලව කටයුතුකරන්න. (නි)
අපිට ඔය මඩගහන කතා වලින් වැඩක් නැහැ. සල්ලි වලට මොකද. වුණේ? කිසිම කෙනෙක් කිසිම වරදක් පිළිගන්නේ නැහැනේ! (නි)
සමහරු මඩ ගොඩක ඉඳලා මඩ පිටින් ඇවිල්ලා කියන්නේ එයාලට වෙනත් අය මඩ ගහනවා කියලා? (නි)
මේ කවුරුවත් හොරකම් අල්ලන්න පුළුවන් විදියට කරන්නේ නැහැ. එහෙම කරනවා නම් ඔහු දේශපාලනයට සුදුසු නැහැ. (නි)
හරියට හරි ඩිල්ශාන්. එයාට ඕනෑ බලයම විතරයි. ඉතින් ඒ සඳහා ඕනෑම වැඩක් කරනවා. ලෙස්ටර් පිරිස් මහත්තයගේ පින්තූරයක් විකෘති කිරීම එයින් එකක් විතරයි. (නි)
ටිරාන් මහත්මයෝ, රාඩා ආයතනය සුනාමි අනාථයන්ට ගෙවල් සැදීමට ව්‍යාපෘතියක් හැදුවාද? එම සංවිධානයේ සභාපති ඔබද? ගෙවල් සැදීමට රජයෙන් මුදල් ගත්තාද? ගත්තා නම් මුදල් වලින් ගෙවල් හැදුවාද? නැත්නම් මුදල් දුන්නේ කාටද? එච්චරයි පිළිතුරු දෙන්න තිබෙන්නේ. (නි)
අලස් මහත්තයෝ, ඇයි මෙහෙම වැරදි වැඩ දැන දැන කළේ? කරුණාකර ජනතාවට මේවා ගැන පැහැදිලිකර වරද නිවැරදි කරදෙන්න. (නි)
ඉන්දික, කොහොමද මේවා බොරු කියන්නේ? ලැබුන ආධාර වලින් ඔක්කොටම ගෙවල් හදාදෙන්න තිබුනා. නමුත් ගොඩනැඟුනේ සුවිසල් හෝටල් (නි)