‘මට මගේ නොවන මගේම උප්පැන්නයක් තිබුණා‘
ජෙල් පියා පුටුවකට බරදී ප්ලේන්ටියක් ගසමින් සින්දුවක් කියයි. භක්තියෙන් ආයිබෝං කිව්වා! කණ්ණාඩියා ඔළුව පහත්කර කැහැපට ගහලා තිබූ සරම පහළට දමමින් ජෙල් පියා ළඟට යයි. පුහ් මාර ආතල් සින්දුවක්නේ ලොක්ක කියන්නේ.
නෑ බං මේ දවස්වල අයිඩින්ටි හුටපටයක් තියනවානේ
ඒක නෙමේ මාර අප්සැට් වැඩක් වුණා බං අරුන් අපේ ගෑණිව ඉස්සුවා ජෙල් පියා කියාගෙන ගියේය.
නියමයිනේ ! පුල් ආතල්. ලොක්කට ස්වීප් එකක්නේ ඇදිලා තියෙන්නේ ආයි මොකටද රේස් බයි රේස් යන්නේ දැන් ඉතින් තව අයිඩින්ටියක් හදලා නියම කෑල්ලක් ගේමු. කණ්ණඩියා ජෙල් පියාට යෝජනා කළේය.
පිස්සු පීකුදු යකෝ, ඉස්සුවා නෙවෙයි ගෑණිව ඇතුළට දාලා ජෙල් පියා කේන්තියෙන් කීය.
අම්මට සිරි! කව්ද ඉස්සුවේ අර දතාලගේ ගෘෘප් එකද? කණ්ණඩියා පෙරළා ඇසීය.
උන්තමයි පිටිපස්සේ ඉන්නේ. හරි බලමුකෝ ගේම නම් ගේම අපිත් ඕල් රෙඩි බොක්කෙන් නම් බොක්කෙන් ඩප්පියෙන් නම් අපිත් ඩප්පියෙන් දෙන්නම්කො රිටන් එක ජෙල් පියා කියාගෙන ගියේය.
ලොක්ක ඔයාගේ කටටත් බ්‍රේක් නෑනේ. අදා ෂෝ එකේදි ඔයත් ගේම ඉල්ලුවානේ. ඒක තමයි දනා රිටන් එක දුන්නේ ඊට පහුවදාම. කණ්ණඩියා තරමක් අමනාපයෙන් කීය.
ගෑණිව මං ඉස්ප්‍රිතාලේ තිබ්බේ යන එක ෂේප් කරගන්න. ඒත මුං වර්චස් වැඩේ කළේ. ජෙල් පියා කියයි.
එදා ෂෝ එක නැගලා ගියානේ. ජනමිස්ල පුල් ආතල් එකේ චියර් එක දුන්නේ. අම්මප ලොක්ක ෂෝ එකට ඔය හතරම දැම්මේ කොහොමද? පොරවල් අහනවා නම හදපු නිර්මාණ මෑන්ස් කව්ද කියලා. කණ්ණාඩියා ජෙල් පියාගෙන් අසයි.
ඔය නම හැදුවේ මෙහෙමනේ බං දවසක් අපේ ගෑණි මට පුල් ඇටෑක් එකක් දුන්නා. ඒකෙදී මම කිව්වානේ ඔය ගෑණි මෙච්චර කල් මං උඹත් එක්ක හිටියට හිටියේ උඩනැතුව වගෙයි කියලා. ඕක මගේ බ්‍රේන් එකට දාගෙන තිබුණේ බොසාගෙ කේස් එක ආවට පස්සේ මට හිතුණා ගෑණිගේ අයිඩියා එක මස් කරන්න. බොසා හිටියෙත් ඒ විදියටමනේ. ඒ හින්ද තමයි මම ෂෝ එකට නම දැම්මේ ‘බොස් නැතුව බොසුත් එක්ක‘ කියලා. ජෙල් පියා උජාරුවෙන් කීය.
පට්ට එළිකිරි තමයි. නැගලම ගියා. එදා හවුස් පුල් එකේ ජනම්සල වහලවල් උඩ හිටිය කණ්ණාඩියාට හරි ගැසීය.
එදා ලොක්කගේ කථාව මාරයි. අර කැප්පෙටිපොළ පුරන් අප්පු බුවාල ගැන ටෝක් එක දෙනකොට කොහොමද ජනම්ස්ලගෙන් ආපු චියර් එක. උන් මාර පන් එකක් ගත්තා. පැයක් විතර යනකන් මගේ ඇඟෙත් මයිල් කෙලින් වෙලා තිබුණේ කණ්ණාඩියාට හෙණ ජොලිය අනේ බොසා මොකද දැන් කියන්නේ කණ්ණඩියා පෙරලා ඇසීය.
බොසා අපි දෙන්න ගැන පුල් රෙක්මන්ට් ඇයි අනිත් එවුන් ඔක්කොම ජිරාමාර් වෙලානේ. බලපන් අර අලි සොයිසා කියපු මස්ත බාල්දු කථාව බොසා ඉඳිද්දීම කිව්වනේ බොසා මලා කියල. ජෙල් පියා කීවේය.
ඕකා ඒ කාලේ ඔය කථාව කිව්ව නම් බොසා ඕකට දෙනව නියම ගේමක් අර පොනියට දුන්න වාගේ ජම්පරය ෂුවර් එහෙනම්. කණ්ණඩියා කීය.
අපේ ෂෝ එක පෙන්නුවට පස්සේ දතාල සේරම අප්සට් වෙලා. වෙන ප්ලෑනක් ගහලා. දතා ආප්ප කඩයක් දාලා දතා කිව්වලු තාච්චියෙන් බාන ආප්පයකට එකෙක් ගානේ අපේ එවුන් බානවා කියලා. කණ්ණාඩියා පැමිණිල්ලක් කළේය.
ඕකෙන් ආප්ප කාපු එවුන් තමයි බොසාට විරුද්ධව ගුස්පි අදින්නෙ. එකෙක් බදුල්ලෙ බඩාකොට අනිකා පානදුරේ කුරා. ඕකුන් ෂුවර් එකටම දතාගේ ආප්ප කාලා තියෙන්නේ ජෙල් පියා කියයි.
බොසා තමයි ඔය ආප්ප කැවිල්ල පටන් ගත්තෙ එදා ආප්ප කවන්නේ නැතුව ඕකුන්ට මස්කට් බූන්දි හරි දීල ප්ලෙන්ටිය ගානේ දුන්නනම් ‘සිරා‘ තාමත් අපේ බජාර් එකේ ඇලිලා ඉන්නවා. සිරා මාරුවෙච්ච නිසා දමයි දතාත් වාෂ්ප වුණේ. කණ්ණාඩියා නෝක්කඩුවක් සේ කියාගෙන ගියේය.
වයිපර් තාමත් ඇතුළෙදෙ ? කණ්ණාඩියා ඇසුවේ යමක් අමතකවී ආපසු මතක් කරන විලාසෙන්.
පුහ් එක දවසයි ඇතුලෙ හිටියේ. අපේ උසාවි බුවාල ටික ගැණිව එළියට ගත්තා. වැඩ කිඩ පෙන්නල එළියට ගත්තා ගෑණිට අප්සට් පස්සේ මම ආයිත් ස්ප්‍රිතාලේ නැවැත්තුවා කියල මං ගෑණිව බලන්ඩ ඇතුළට ගියාම මට පුල් පෝරියල් බර බරේ ‘තමුසේ කිව්වේ ලොකු මිනිහෙක් කියලා‘ කෝ කරාද? ඇතුලේ ඉන්න ඕන එකා එළියේ එළියේ ඉන්න ඕන අහිංසක මං ඇතුළට ගියා කියල. බර බරේ ඉන්න බෑ බං පස්සේ මං බොසාට කිව්වා පොඩ්ඩක් ස්ප්‍රිතාලෙට ඇවිල්ලා ගෑණිව ෂේප් කරල දෙන්න කියලා.
අපේ ගෑණි බොස්ට ටිකක් සල්ලම්. ජෙල් පියා කීය.
හදිසි පණිවිඩක් ජෙල් පියා අතට ලැබෙයි.
ජෙල් පියා කලබලයෙන් මාරුවෙමු මාරුවෙමු. බොසා එනවා ස්ප්‍රිතාලෙට.
දෙදෙනාම ස්ප්‍රිතාලෙට යයි.
ජෙල් පියා ඕං දැන් වයිපරේගෙ බර බරේ මං ඉවර කළා. උඹලා දෙන මේ ගේමට මාත් මොකක් හරි රිටන් එකක් දෙන්න එපායැ. වයිපරේ දැන් ෂේප්. ඕවා සේරම දනාලගේ වැඩ කියල වයිපරේට මං තේරුම් කරල දුන්නා බොක්කෙන්ම. දැන් ඉතින් ෂේප් එකෙන් යන්ඩයි තියෙන්නේ වයිපරේ ළඟට. ජෙල් පියා අර සාස්තර සුමනයා එහෙම දැක්කේ නැද්ද? බොසා ජෙල් පියාගෙන් ඇසීය.
නෑ බොස් ඌ ගෙදරත් නෑ. සද්දෙ වහලා ඉන්නේ. ජෙල් පියා කීය.
මං මේ දවස්වල ඇවිද ඇවිද ඉන්නේ ඕක යන එන දිහාවල් බල බල. සාක්කුවෙ ස්ටොක් එකේ තිබෙනවා ඩයිනමයිට් ඩප්පි තුන හතරක්. සාස්තර සුමනයා මගකදී හම්බවුණොත් ගහනවා ඕකට ඩප්පි ටික ඉවර වෙනකන්. ඕක මාව නන්නත්තාර කළා. බොසා කේන්තියෙන් කියාගෙන යයි.
බලාගෙන බොස් දතාගේ ටාගට් එක තියෙන්නෙම බොස්ට. ජෙල් පියා අනතුරු ඇඟවීමක් කළේය. නෝ ප්‍රොබ්ලම් බැරිම වුනොත් සර්ප්‍රයිස් ගේමක් දෙනවා. බොසා උජාරුවෙන් කීය.
ෂෝ එකට දතාල බකට් පාර දානවා කියලා ආරංචියි. බොසා ජෙල් පියාගෙන් ඇසීය.
පුහ් ඒව කොහෙද අපිත් එක්ක. බොස් අරවෙලේ කුමාරයයි නාඩි ප්‍රසන්නයයි මාර ආතල්. බොස්ට බොක්කෙන්ම උන් දෙන්නා ස්ට්‍රේට් ෆෝවඩ් ගේමක් දෙන්නේ. ඒත් බොස් ඕකුන් කවුරු නැතිවුණත් මේ ජෙල් පියයි කණ්ණාඩියයි බොසාට බොක්කෙන්ම ආ. බ්‍රේරේන් එකට දාගත්තා ආ. ජෙල් පියා කීය. එහෙනම් ජෙල් පියා අපි වාෂ්ප වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඟේ ලේ පිරිසිදු වෙන්න කාලෙකට පස්සේ ලිපියක් කියෙවුවා. (නි)
ඇත්තමයි. කාලෙකට පස්සේ අපි හරියට විනෝද වුණා (නි)
මම උපන් රෝහල් සාත්තු සේවිකාවගේ අත්වැරැද්දක් නිසා මට "නියම උප්පැන්න සහතිකයක්" ලබාගන්න මගේ දෙමාපියන් විඳි දුක මට දැන් තේරෙනවා. (වරදවා හිතාගන්න එපා. අපි ඉල්ලුවේ හොර උප්පැන්න සහතිකයක් නම් නෙමෙයි) දිව්රුම් සහතික, ග්‍රාමසේවක සහතික වගේ අනම් මනම් සියගණනක් දීලා, වයස අවුරුදු 13 දී මට "නීත්‍යනුකූල උප්පැන්න සහතිකයක්" ලැබුණා. ඒ මම මගේ 3 වන පාසලට ඇතුළත් වුණාටත් පස්සේ... (නි)
නියමයි. මසුරන් කියමන්... (නි)
කවුරු කළත් මට මගේ නොවන මගේම උප්පැන්නක් තිබුණා කියන කතාව ඇත්තනේ. කවුරු කළත් වැරැද්ද වැරැද්දමනේ. (නි)
මටත් මගේ නොවන මගේම බිරිඳක් සිටියා (නි)
මින් කියවෙන්නේ කවුරුන් ගැනද බව අපිට වැටහෙනවා. දේශපාලකයන්ට මේ වගේ කතා ඇසීමට පුළුවන් වියයුතුයි. එහෙත් දින 100 යහපාලනය මේ කතාවලින් වැසේද? (නි)
යහපාලනයෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ හොරුන්ට දඬුවම්දීම පමණක්මද කියා හිතෙනවා. (නි)
පොඩි සතුටක් ලැබුවා මේ ලිපියෙන් (නි)
දින 100යේ මහා වෙනස මෙයද? (නි)
දින 100 ඇතුළත ඕකද කරනවා කිවුවේ? (නි)
නියම ප්‍රවෘත්තිය.... නියමයි හොඳේ (නි)
මටත් මගේ නොවන මගේම පෙම්වතෙක් ඉන්නවා (නදී)
අපිටත් අපේ නොවන අපේම ආණ්ඩුවක් තියෙනවා (නදී)
බොක්කෙන්ම හිනා මේ ලිපිය කියවලා. එ්කේ ඇතුලේ ලොකු සත්‍ය කතාවකුත් තියෙනවා. ඒරොප්පේ ගමරාල අපිට තවත් කතා ලියන්න ලංකාදීපයෙන් (නදී)
ගොන් පාට් (නදී)
කෝ පොරොන්දු? (නි)