IMG-LOGO

මට බැන්නට කමක්නෑ මගේ රස්සාවට බණින්න එපා

2016-06-24-ent-135

2016-06-24-ent-131

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ වේදිකාව, පුංචි තිරය, සිනමාව අංග රචන කලාවෙන් ජයගත් හර්ෂ මංජුල සමඟයි හදසර කතාබහ.

 

2016-06-24-ent-136නම

හර්ෂ මංජුල

 

දැනට පදිංචිය

මුල්ලේරියාව නව නගරය

 

පාසල

බදුල්ල විද්‍යාලයේ 11 වසර වෙනකම් ඉගෙන ගත්තා. ඊට පස්සෙ උසස් පෙළ සඳහා වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට ගියා.

 

පවුලේ විස්තර

මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මයි, අයියලා දෙන්නයි නංගීයි මට ඉන්නේ. මම විවාහකයි. මගේ බිරිඳ පියුමි සත්සරා විතානගේ.

 

ඔබේ කලා දිවියේ ආරම්භය

පුංචි කාලේ ඉඳන්ම මම චිත්‍ර කලාවට ඇලුම් කළා. උසස් පෙළ නාට්‍ය හා රංග කලාව කළා. මම විශ්ව විද්‍යාල යන්න ලකුණු මදි වුණා. නමුත් විද්‍යාපීඨ යන්න ලකුණු තිබුණා. ඒත් ගියේ නැහැ. කැලණිය විශ්වවිද්‍යලයේ බාහිර උපාධිය කළා. ඒ එක්කම ටවර් හොල්පදනමට සම්බන්ධ වෙලා අවුරුදු 2ක් ඉගෙන ගත්තා. මට ඕන වුණේ හැදෑරීම තුළින් ගුරුවරයෙක් වෙන්න.

 

එතකොට ඔබ කොහොමද අංග රචනා ශිල්පයට යොමු වෙන්නේ?

මම ටවර් හෝල් පාඨමාලාව හදාරන කාලේ දැනහඳුන ගත්තා සමන් සොයිසා මහතා. ඔහුත් සමඟ මම අන්තිම රාත්‍රිය කියන වේදිකා නාට්‍යයේ වැඩ කළා. එතනදී ඔහුට දැනුණු දෙයක් නිසා වෙන්න ඇති මාව ශාන්ත සොයිසා හරහා අරුණ ජයසේකර ළඟට යොමු කළා. ඉඊට පස්සෙ මම පබා නාට්‍යයේ සහාය අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කළා. මුලින්ම ජීවත් වෙන්න ඕන වුවමනාවට අංග රචනා කලාව කළත් පසුකාලීනව මේ ක්ෂේත්‍රයට ඇති ආසාව උනන්දුව කැපවීම එක්ක මම වැඩිදුර ඉගෙන ගත්තා. ජයන්ත රණවක යටතේත් මා අංග රචනා ශිල්පය හැදෑරුවා. පබා, පබළු, අමා කියන නාට්‍යවල මම වැඩ කළා.

 

ඔබ සම්මානනීය අංග රචනා ශිල්පියෙක් වෙනවා.

ඔව්. මුලින්ම 2013දී අප්පච්චි නාට්‍යයට සම්මාන දෙක්ක ලැබුණා. ඒ හොඳම අංගරචනා ශිල්පියාට හිමි සම්මානය. රයිගම් සහ සිග්නිස් සම්මාන උළෙලේදී. මට ඒ නාට්‍ය ලැබෙන්නේ නාමල් ජයසිංහ හරහා කිව්වොත් හරි. ඔහු තමා ආනන්ද අබේනායක මහතාට මාව හඳුන්වා දුන්නේ. ඊට පස්සේ මේ වසරේදී මම 2015 චිත්‍රපට වෙනුවෙන් පැවති දෙරණ Film Awards හිදී උළෙලේදී ඇඩ්‍රස් නෑ චිත්‍රපටය වෙනුවෙන් හොඳම අංග රචනා ශිල්පියා බවට පත්වුණා. ඇත්තටම සතුටුයි ඒ ගැන.

 

ඔබ පුංචි තිරය, සිනමාව පමණක් නෙවෙයි වේදිකාවත් ජයගත් කෙනෙක්.

ඔව්. ඒ ගැන ඇත්තටම මම නිහතමානීව සතුටු වෙනවා. මම වේදිකාවේදී ධර්මිෂ්ඨ සමාජයක් සහ දාහක් දෙන්න වේදිකා නාට්‍යය තුළින් යෞවන සම්මාන සහ රාජ්‍ය සම්මාන දිනාගත්තා. 2013 සිට මේ දක්වා කාලය තුළ තමා මම මේ සියලු ඇගයීම් ලැබුවේ.

 

ඔබට අභියෝගයක් වුණ චරිත මොනවද?

ගොඩක් චරිත අභියෝගයක් වුණා. මොකද මම මගේ මේ රැකියාවට ගොඩක් ආදරෙයි. ගරු කරනවා. ඉතිං මට ලැබෙන චරිතවලට උපරිම සාධාරණ Makeup එකක් කරන්න මම හැමවිටම උත්සාහ ගන්නවා. ඒ නිසා වෙන්නත් ඇති මා ඇගයිමට ලක් වෙන්නේ. උදාහරණයක් ලෙස අප්පචිචි නාට්‍ය ගත්තොත් එහි ජැක්සන් ඇන්තනී මහතා නිරූපණය කරන අප්පච්චි තුළ වයස් පරාස තුනක් තියෙනවා. මම උත්සාහ කළා පිටපතේ තියෙන ඇත්තම චරිතයට ළංවෙන්න. ඒ නිසා අප්පච්චි ඇත්තටම වයසට ගිහින් කියලා දැනෙන තරමටම Makeup කරා. මම කළ දේ තුළ සාර්ථකත්වයක් තිබුණ නිසා වෙන්න ඇති මම හොඳම අංග රචනා ශිල්පියා වුණෙත්.

 

අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මටම හිතාගන්න බැහැ. මම මේ කෙටි කාලය තුළ ආපු දුර ගැන. මගේ අම්මා, මගේ වයිෆ් මම ගැන සතුටුවෙනවා කියලා මම දන්නවා. ඒ වගේම මගේ ගුරුවරු, මගේ යාළුවෝ මගේ මේ ගමන ගැන සතුටුවෙනවා. මම මගේ රුකියාව පුදුමාකාර විදියට අදාරය කරන ගරුකරන කෙනෙක්. ඕනකෙනෙක් මට බැන්නට මාව විවේචනය කළාට කමක් නැහැ. නමුත් මේ රැකියාව බාල්දු කරනවට රැකියාව විවේචනය කරනවාට මම අකමැතියි. ඒ තරමටම මගේ ජීවිතය මේ අංග රචනා කලාව කිව්වොත් හරි.

 

ඉදිරි නිර්මාණ?

ටෙලි නිර්මාණවලට කතා කරලා තියෙනවා. ඒ වගේම මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාත් ඔහුගේ ඊළඟ චිත්‍රපටය ගැන මා සමඟ කතා කළා. ලැබෙන හැම කළා කටයුත්තක්ම වේදිකාව, පුංචි තිරය සිනමාව කියලා නැහැ. උපරිම කැපවීමෙන් කටයුතු කිරිම තමා මගේ අරමුණ.

 

අනාගත බලාපොරොත්තුව?

මම තවම ආසයි මගේ හිතේ තියෙන ගුරුවරයා බිහිවෙනවා නම්. ඒ සඳහා අවශය කරන ප්‍රායෝගික දැනුම වගේ අධ්‍යාපන දැනුම මා එකතු කරගන්නවා. මම බලාපොරොත්තු වෙනවා විදෙස්ගතව හෝ මේ ශිල්පියා පිළිබඳ ඉගෙන ගන්න. මට උපාධියක් තියෙනවා තව. මම MA දක්වා ඉගෙන ගන්න උත්සාහ කරනවා. මම දන්න දේ තව කෙනෙක්ට කියා දෙන්න මම කැමතියි. ඒ දේ මම ගුරුවරයෙක් වීම හරහා ලබාගන්න උත්සාහ කරනවා.

 

අනූ

 

DESHAYA

 

2016-06-24-ent-134
2016-06-24-ent-133



අදහස් (0)

මට බැන්නට කමක්නෑ මගේ රස්සාවට බණින්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site