IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මට දැන් ඕනැම ස්ටේජ් එකක් ඔට්ටුයි

12316077_1516142095349509_5077793571483114589_n

12316077_1516142095349509_5077793571483114589_n001

ජනිත් මුලින්ම අපි ඔබට සුබපතනවා...

බොහොම ස්තූතියි.

deshaya-20151214-05-new

0101 කොහොමද ඉතින්...?
හොඳයි. ගොඩක් සතුටින් ඉන්නේ ඒ වගේම දැන්නම් හිතටත් ලොකු නිදහසක් දැනෙනවා.


0101 අවසන් වටයට තේරීපත් වූ ඔබ තිදෙනාම දක්‍ෂයෝ. ඒ අතරින් ඔබ කොහොමද පළමු තැනට පත්වෙන්නේ. මොකක්ද ඔබේ විශේෂත්වය?

ඇත්තටම ඒකනම් හිතාගන්න බෑ. කොහොම වුණත් මම මේ තැනට එන්න ගොඩක් මහන්සි වුණා. ඊට අමතරව ගොඩක් අය කියනවා මම හරිම නිහතමානියි කියලා. මගේ දක්‍ෂතාවය, නිහතමානී බව වගේම මගේ වාසනාවත් මේ ජයග්‍රහණය සඳහා බලපාන්න ඇති කියලා මම හිතනවා. 


0101 ජයග්‍රාහී මොහොත කොහොමද ඔබට දැනුණේ?

ඒ මොහොතේ ඇතිවුණ සතුට වචනවලට පෙරළන්න අමාරැයි. ඇත්තටම ඒ වෙලාවෙ කතා කර ගන්නවත් වචන නැති වුණා.


0101 ඔබේ පාසලට අත්පත් කර දුන් මේ කීර්තිය ගැන මොකද හිතන්නේ?

මම අද මෙතන ඉන්නේ නාලන්දා විද්‍යාලය නිසයි. මගේ මුල්ම පාසල නිකවැරටිය මාගල්ලේගම කණිෂ්ඨ විද්‍යාලය. පහ වසර ශිෂ්‍යත්වය පාස්වෙලා කටුගස්තොට රාහුල විද්‍යාලයට ගියා. ඊට පස්සෙ සංගීතමය ශිෂ්‍යත්වයක් හම්බවෙලා කොළඹ නාලන්දා විද්‍යාලයට එන්නට අවස්ථාව ලැබුණා. එතැන ඉඳන්ම මම හැදුණෙ වැඩුණෙ නාලන්දා මෑණියන්ගෙ තුරැලේ. ඉතින් මගේ පාසලට මෙවැනි කීර්තියක් අත්කර දීම ගැන මට අද තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. 


0101 පාසලෙන් ඔබට හොඳ සහයෝගයක් ලැබුණද?

නාලන්දා විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ශිෂ්‍ය නායක මණ්ඩලය, ආදි ශිෂ්‍යයන්, සියලුම ශිෂ්‍යයන්, මව්පියන් ආදී මේ හැමදෙනාම මට විශාල සහයෝගයක් ලබාදුන්නා නාලන්දා කියන නම වෙනුවෙන්. මාව දැකලවත් නැති කට්ටිය කතා කරලා උදව් කළා. මුදල් පවා දුන්නා. ඒ හැමදෙනාටම ස්තූතියි කියන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. 


0101 අවසන් තරගයේ පළමු තරගකරැවා ඔබ. මුලින්ම වේදිකාවට නගිද්දි මොනවද හිතුණේ?

ලොකු පීඩනයක් තිබුණා. ප්‍රේක්‍ෂකයන් 4000ක් විතර ඒ වෙලාවෙ බලාගෙන ඉන්නවා. ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් TV එකේ මම දිහා බලාගෙන ඉන්නවා. විශාල පිරිසක් මගේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඉතින් ඒ බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා ඒ වෙලාවෙ හිතට දැනුණු පීඩනය වචනයෙන් විස්තර කරන්න අමාරැයි. අපි තුන්දෙනාටම එහෙමයි. 


0101 කොහොමද මේ වගේ දැවැන්ත වේදිකාවක තරගයට මුහුණ දුන්නේ?

මට ලොකු ආසාවක් තිබුණා අවසාන වටයකදී තරගකරැවකුට ඇතිවන පීඩනය මොන වගේද, ඒ අත්දැකීම මොනවගේද කියලා බලන්න. මේ අති දැවැන්ත වේදිකාවෙන් ලබාගත් පන්නරයත් එක්ක මට දැන් ඕනෑම ස්ටේජ් එකක් ඔට්ටුයි. දෙරණ ආයතනයට තමයි එහි මූලිකම ගෞරවය හිමිවිය යුත්තේ. අපිව මේ තරම් ගමනක් එක්කන් ආවෙ දෙරණ පවුල. දෙරණ සභාපතිතුමාගේ ඉඳලා හැම දෙනාම අපිට පුදුම විදිහේ සහයෝගයක් ලබාදුන්නා. 


0101 අන්තිම වටයේ ගැයූ ආකාරය ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?

මට හැකි උපරිම අයුරින් ගීත තුන ගායනා කළා කියන විශ්වාසය මා තුළ තියෙනවා. මම හිතනවා මගේ වාසනාවත් එක්ක ඒ ගීත තුන හොඳින්ම ගැළපුනා කියලත්.


0101 ඔබේ ගමෙන් ඔබට විශාල සහයෝගයක් ලැබෙන්නට ඇති?

මම ගයන්න පටන් ගත්තේ ගමේ දහම් පාසලෙන්. ඒ කියන්නේ පන්සලෙන් තමයි මම මේ ගමන පටන් ගත්තේ. මගේ ගමේ පන්සලේ හාමුදුරැවන්ව මම මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා. මට කොළඹ එන්න සල්ලි නැතිව හිටපු වෙලාවල් තිබුණා. හාමුදුරැවෝ තමයි මම පොඩිකාලෙදි  මට සල්ලි දුන්නෙ කොළඹ එන්න, ඉස්කෝලෙට එන්න. ඒ වගේම මගේ ගමේ හැමදෙනාගෙන්ම මට සියයට සියයකටත් වැඩි දේවල් ලැබුණා. මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් දිවා රූ නොබලා මහන්සි වුණා. කිසිම කෙනෙක් මඟහැරියෙ නෑ.


0101 ඉතින් ඒ තරම්ම උදව් කරපු ගමේ අයට ජනිතගෙන් මොනවද ලැබෙන්නෙ?

12241301_1512507329046319_1870579769621417562_nඔවුන්ට ඇතිවෙනකම් සින්දු කියලා ඔවුන්ව සතුටු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ජයග්‍රාහී කිරැළ අරන් ගමට එන්න මම ආසාවෙන් හිටියේ. මම හිතනවා මගේ ගමේ අයගෙ විතරක් නෙමෙයි මට ආදරේ කරපු හැමදෙනාගෙම බලාපොරොත්තුව මම ඉෂ්ට කළා කියලා.


0101 ඔබ ලැබූ ජයග්‍රහණයත් එක්ක මේ වෙද්දි ලංකාවේ ජනප්‍රියම තරැව ඔබ. තරැ සංකල්පයත් එක්ක ඔබ වෙනස්ම පුද්ගලයෙක් වෙයිද?

ගමේ ඉඳන් කොළඹට ඇවිල්ලා අමාරැවෙන් ඉගෙන ගෙන සාමාන්‍ය විදිහට හැදිච්ච කොල්ලෙක් මම. මව්පියන්ගෙන්, නෑදෑයින්ගෙන්, පාසලෙන් වගේම හැදිච්ච වටපිටාවෙනුත් හොඳ ගතිගුණ මට හම්බවුණා. ඉතින් සිහින කිරැළ ලබාගත්තා කියලා වෙනසක් නෑ. මම එදා හිටපු ජනිත්ම තමයි.


0101 ඔබට ස්තූතිය පුදදෙන්නට බොහෝ පිරිසක් ඇති?

දෙරණ පවුලේ සියලු දෙනාටත්, ආදරණීය විනිශ්චය මණ්ඩලයටත්, මගෙ පාසලේ, මගේ ගමේ, මගේ මුළු රටේම මා වෙනුවෙන් වචනයෙන් හරි සහයෝගය දැක්වූ සියලුම දෙනාට මා මේ මොහොතේ මගේ ගෞරවපූර්ව ස්තූතිය පුදකරනවා.

මගේ පළවෙනි සංගීත ගුරැවරයා මගේ තාත්තා. මේ හැමදෙයක්ම මට ලැබුණේ එයාගෙන්. ජයන්ත සර්, ගාමිණි අමරදේව සර්, හේෂාන් සර්, නිමල් ගුණසේකර අංකල් යන මට සංගීත ඥානය ලබාදුන්න හැමදෙනාම මම මේ මොහොතේ සිහිපත් කරනවා.


0101 ඔබේම ගීතයක් අපි අසන්නේ කවද්ද?

දෙරණ ආයතනයත් සමඟ එකතුවෙලා මගේම ගීතයක් ඉක්මනින්ම ප්‍රේක්‍ෂකයන්ට ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා.

 

 - කුමී / සේයාරෑ - FB - 

 



අදහස් (0)

මට දැන් ඕනැම ස්ටේජ් එකක් ඔට්ටුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site