මේ අපේ නළු නිළියන්ට මංගලයෝග උදාවෙලා තියෙන කාලයක් කියලා දැන් හැමෝම දන්නවනෙ.. නළු නිළියන්ගේ විවාහ පෝලිමේ මේ වෙද්දී අවසානය දැකගන්නට පුළුවන් වුණේ ඉෂාරා සඳමිණිගෙයි... ඔන්න ඉෂාරගෙ ඒ විවාහයෙ උණුසුම මැකෙන්නත් කලින් තවත් කෙනෙක් මේ දවස්වල විවාහයට ලහිලහියේ සූදානම් වෙනවා... ඒ, ඉෂාරත් එක්කම උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ හංසිකාගේ චරිතය රඟපාන රෂී ද සිල්වායි.
රෂිගේ විවාහය පිළිබඳ තොරතුරු දැන ගන්නයි දැන් අපි මේ සූදානම් වෙන්නෙ..
ඉතින් රෂි... ඔයාගෙ ජීවිතේ ඒ ලස්සනම ලස්සන සුභාරංචිය ඔයා අපිට කොහොමද කියන්නෙ...?
‘‘ඒ ආරංචිය මම මෙහෙම කියන්නම්කො.. විවාහය තුළ මගේ හිත ඇතුලෙ තිබුණෙ හරිම ලස්සන හීනයක්. ඇත්තම කිව්වොත් මට පෙම්වතෙක් හම්බවෙන්නත් කලින් ඉඳලමයි මම ඒ ගැන හීන මැව්වේ. ඊට පස්සෙ මගේ හිත ඇතුලෙ සැඟවිලා හිටපු කෙනා වගේම කෙනෙක් මගේ පෙම්වතා වුනාට පස්සෙ මම ඇගිලි ගැන්නෙ, මම දැකපු ඒ ලස්සන හීනය හැබෑකර ගන්නයි. දැන් ඉතින් ඒ දිනය අත ළඟටම ඇවිත් තියෙනවා.’’
කවද්ද ඒ දිනය..?
‘‘අගෝස්තු මාසෙ හයවෙනිදා.. ඔන්න මම එහෙනම් ‘සඳැල්ල’ට තමයි ඒ ආරංචිය ඉස්සරවෙලාම කියන්නේ..’’
ජීවිතේ ලස්සනම හීනය හැබෑකරන ඒ වාසනාවන්තයා ගැනත් කියන්නකො...?
‘‘එයා ෂෙහාන් ප‍්‍රනාන්දු..’’
කොහොමද ෂෙහාන්ව ඔයාට හම්බවුණේ.... ?
‘‘ෂෙහාන්ව මට හම්බවුණේ මම නොහිතපු විදිහට.., නොහිතපු මොහොතක.. තවත් දෙයක් කියන්නම ඕනෙ.., ෂෙහාන්ව ඉස්සරවෙලාම දකිද්දී.. මට දැනුනෙම එයා මම හිත ඇතුලෙ මවාගන හිටපු කෙනා වගේම කෙනෙක් කියලයි... ඒත් මම ඉස්සර වෙන්නනම් ගියෙ නෑ. (සිනා) ඒ හැඟීම හිතේ තියාගෙනම හිටියා.
ඊට පස්සෙ..?
‘‘ඊට පස්සෙ ඉතින් සිද්ධවෙන්න ඕනෙ විදිහටම.. එයාම මගෙන් ඇහුවා..’’

ඔයා පැනලම ‘හා’ කියන්න ඇති...?
‘‘පිස්සුද මම කිව්වා.. ටිකක් හිතන්න ඕනෙ කියලා.. ගෙදරින් අහන්න ඕනෙ කියලා.. ඒ වුනාට මගෙ හිත ඇතුලෙ තිබුණෙ නම්... මට හරියටම ගැලපෙන කෙනා හම්බවුණා කියලයි.
ඔයාලා දෙන්නගෙ ඒ දෛවෝපගත හමුවීම සිද්ධවුණෙ කොහොමද.?
‘‘මංජුලා කුමාරි නිෂ්පාදනය කරපු ‘‘සපුමලී’’ ටෙලි නාට්‍යයේ ෂූටින් සිද්ධවෙන අතරෙයි ඒ හමුවීම සිද්ධවුණේ..’’
ෂෙහානුත් කලා ලෝකයට සම්බන්ධ කෙනෙක්ද..?
‘‘නෑ... ෂෙහාන් කලා ලෝකයට කිසිම විදිහකින්වත් සම්බන්ධ නෑ.. එයා ව්‍යාපාරිකයෙක්..’’
‘ආදරයට කොහෙදෝ බාධා නැත්තේ’ කියන කියමන ඔයාලගෙ ආදරයට වලංගු වුණේ නැද්ද..?
‘‘නෑ... කොහෙත්ම නෑ.. හැමෝම කිව්වෙ.. හරියටම ගැලපෙන දෙන්නෙක් කියලයි... දෙපාර්ශ්වයම එක වගේම කැමතිවුණා..’’
‘සපුමලී’ ටෙලි නාට්‍යයේ ෂූටින් අතරෙ ඔයාට ෂෙහාන් හමුවුණා කියන්නෙ.. දැන් සෑහෙන කාලයකට කලින්නෙ..?
‘‘ඔව්, ඒ හමුවීමෙන් පස්සෙ අපි දෙන්නා අවුරුදු තුනක් විතර පෙම්වතුන් විදිහට හිටියා. මම ආගමට ගොඩක් නැඹුරුවුන කෙනෙක්.. මට හිතෙන්නෙම ෂෙහාන්ගෙ හමුවීම සංසාරගත බැඳීමක් කියලයි... ෂෙහාන්ව මම මුලින්ම දැකපු වෙලාවේ මට ෂෙහාන් ගැන දැනුන හැඟීමමලූ එයාටත් මම ගැන දැනුනෙ...’’
එයා කැමතිද ඔයා රඟපානවට.. එහෙම නැත්නම් විවාහයෙන් පස්සෙ ඔයාට රඟපෑමෙන් සමුගන්න සිද්ධවෙයිද..?
‘‘මම රඟපානවට ෂෙහාන්ගෙ කිසිම අකමැත්තක් නෑ.. ඒවගේම එයා කැමතියි මම රඟපාන විදිහටත්. ඒ කියන්නෙ මම එකපාර චරිත මහා ගොඩාක් බදාගෙන රඟපාන කෙනෙක් නෙවෙයිනෙ. මට ආස හිතෙන චරිතයක් ලැබුනොත් තමයි මම රඟපාන්නෙ. මම රඟපාන්න ඇවිත් දැන් අවුරුදු දහයක් වෙනවා. ඒ කාලසීමාවකදී මම සීමිත සංඛ්‍යාවක විතරයි රඟපාල තියෙන්නෙ.. ඒක ඉදිරියටත් එහෙම්මම වෙයි..’’
කවුදෝ කෙනෙක් කිව්වා, ඔයාගෙ ෂෙහාන් නළුවෙක් වගේ පෙනුම තියන කෙනෙක් කියලා...?
ඔව් මගේ ෂෙහාන් නළුවෙක් වගේ හැන්ඞ්සම් තමයි...’’
අදහසක් නැද්ද ඔහුවත් රඟපෑම පැත්තට සම්බන්ධකර ගන්න..?
‘‘... රඟපෑම පැත්තට නෙමෙයි.. රූපගත කිරීම් කරන පැත්තකටවත් මම ෂෙහාන්ව එක්කගෙන යන්න කැමති නෑ..’’
ඇයි ඒ...?
‘‘අපේ ආදරයට තියෙන ආදරය නිසා..’’


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තටම මම මෙයා දැකලා නැහැ (නදී)
අනේ ඇත්තටම මාත් හවු වුණා . (ම)
කට්ටිය නියම පැස්බරාව දැක්ක නේද?(නදී)
මම කුඩාකාලේ අපේ ගෙදරට නිතර එන නැන්දලා කීපදෙනෙක් හිටියා අපේ ගමේ. එයාල බුලත් විට කන්නයි, අපේ එළවලු මුරේ කැඩුවාම අප්පච්චි තේරෙන එළවලු තියල තියනවා ගමේ ඕන කෙනෙක්ට ගෙනියන්න. ඒවා අරන් යන්න එන නැන්දලා බුලත්විට කාල තොල් රතුපාට වෙලා, දත්ටික දිලිසෙනවා. කොන්ඩේවත් පීරලා නැහැ චීත්තයක් සහ හැට්ටයක් ඇදගෙන ගමේ ගැමි කම පෙන්වූවා ඒ නැන්දලා? අද මේ අය දකිද්දී ඒ ගැමි කාන්තාවෝ ඇත්තටම රූප සුන්දරියන් හා සමානයි. ඔවුන්ගේ ගැමිකමේ අපුරු සුන්දර පියකරු ලස්සනක් තිබුනා එදා (නදී)
හම්බ උනානම් ඉතින් ගෙදර එක්කගෙන යන්න අපට මොකෝ.(නදී)
බැඳලා මහත්තයත් එක්ක ගෙදරට වෙලා ඉන්න. අායේ නම් පළාතේ එන්න එපා.(නදී)
අනේ ඔව්. මට නම් මෙයා ගැලපෙන්නේ නැති හින්ද කැමති වුනේ නෑ අපේ ගෙදරින්. (බ)
දන්නේ නැති නිසයි අහන්නේ කලින් විවාහ වෙලා හිටියා නේද ? (නදී)
මෙයා මේ පත්තරේ සාකච්ඡාව හරියට බෝයි ෆ්‍රෙන්ඩ් ගැන පම්පෝරි ගහන්න බලෙන් ඉල්ලා ගත්තු එකක් වගේ මට නම් පේන්නේ. (නදී)
ඔබට සුබ පැතුම්! (නි)
උපන් තේකට මම නම් මෙයාව දැකලා නැහැ (නදී)
ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ ? මේ නිළියක්ද ? (ම)
ඇත්තටම මෙයා කවුද ? අවුරුදු දහයක් මොන රටේද රඟ පෑවේ (නදී)
කවුද අනේ මේ උපන් තේකට මම දැකලා නැහැ. සපුමාලි ටෙලි නාට්‍යයේ තේ අල්ලන්නද මේ නිළිය හිටියේ . මට නම් හිතා ගන්න බැහැ මොන චරිතය රඟපානවාද කියලා.(නදී)
පුබුදු, මටත් එහෙමම හිතුන අනේ. (නදී)
රූපගත කරන තැන්වලට එයාට එන්න තහංචි දැම්මොත් මඟුලේ අවසානයත් එතනින් පටන් ගන්නට ඉඩ ඇති බව ඉගෙන ගන්න. (නදී)
මටත් ඔය ප්‍රශ්නෙම ආවා (නදී)
පුබුදු.ඔබ හරි.(හේ)
සුබ පතනවා! (නි)
නිලියන් සියලුදෙනා ජනප්‍රිය නැත. ප්‍රධාන නොවන චරිත රඟපාන නිලියන් මතකයේ රැඳෙන්නේ නැත. මැය කියන ලෙස දසවසක් සීමිත නාට්‍ය ගණනක රඟපෑවා නම් වසර 10ක් ගිහිල්ලත් තවම ලැබෙන්නේ ඔය වගේ කුඩා චරිත නම් මැය බොහෝ දෙනෙකුට නිලියක් කියා හඳුනාගන්න බැරි වීම පුදුමයක් නොවේ. ඔය රඟපාන විදියට පෙම්වතා කැමතියි කියන්නේ මැය නිලිකමේ ඉහලට යනවාට ඔහුගේ ඇති අකමැත්තයි.(ම)
මම මෙයාව දැක්කේ උතුම් පැතුම් එකේ විතරයි. වෙන නම් දැකලා නැහැ (නි)
මමත් මෙයාව අදමයි දැක්කේ. (නදී)
මම නම් මේ නිළියව අදයි දැක්කේ මේ කලේ නලු නිලියෝ වැහි වැහි ඉන්නවෝ (ම)