මිරිහාන පොලිසියෙන් අත් අඩංගුවට ගත් සුදු වෑන් රිය යුද හමුදාවෙන් තමාට නිකුත් කළ එකක් බවත් තමන් මිරිහාන පොලිසියට අද පැය 5ක ප්‍රකාශයක් ලබාදුන් බවත් මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතා පවසයි.
එම වෑන්රියේ තිබූ පිස්තෝලයද තමාට හමුදාවෙන් නිකුත් කළ අවිය බවද ඔහු කියා ඇත. වෑන් රියේ ව්‍යාජ අංක තිබීම ගැන ඔහු කුමක් කීවාදැයි දැනගන්නට නැත.
මෙම සිදුවීමට අදාළ පර්යේෂණ කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මිනිසුන් ගැන සිතාසිටින විදිය වැරදි වෙන්නත් පුලුවන් (නි)
කොහොමත් ඔය වෑන් එකට හරි නොම්මරයක් නැහැනේ.ඕක කොටින්ගෙන් අල්ලාගත් එකක් කියලා නේද කියන්නේ.මෙතැන තිබෙන ලොකුම වැරැද්ද ප්‍රසන්න සිල්වාට නිකුත්කළ රාජකාරි ගිනි අවිය ඔහු ළඟ නොමැතිව වෙන පුද්ගලයෙක් ළඟ තිබුන එකයි (නි)
ප්‍රසන්න සිල්වා ඉතා දක්ෂ එඩිතර අවංක හමුදා නිලධාරියෙක්. මෙතන සමහරු ලියන දේ දැක්කහම හිතෙනවා මේ අය කොච්චර දේශද්‍රෝහීන්ද කියලා (නි)
මොහු එඩිතර රණ විරුවෙක් අවසන් සටනට දායකත්වය දුන්. සිදුවීම අපැහැදිලියි. නමුත් එක දෙයක් දන්නවා පැහැදිලිව.. ප්‍රසන්න මහත්තය කවදාවත් මේ රටට ද්‍රෝහී කමක් නොකරන බව හා එහෙම කරන්නවත් නොසිතන බව. (ර)
යහපාල ඔය මැරිලා ඉපදුන කෙනෙක්ද ? (බ)
ජිනීවා ගින්නට මිරිහානෙන් ඉන්ධන (ම)
අතීතය මෙතෙන්ට පටලවන්න ඕන නෑ. මෙතැනදී සිද්ද වෙලා තියෙන්නේ මොකක්ද කියල තමයි හරියට හොයන්න ඕන.(ම)
බොරු අංක දාගෙන ආවේ හොද වැඩකට වෙන්නනම් කීයටවත් බැහැ (බ)
හදිසි වෙන්න එපා , ඇත්ත එළීවෙයි ,ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්නේ මොකද. මිනිස්සු සදාකල් වෙනස් නොවී ඉදියයි විශ්වාස කරන එක මෝඩ කමක් (ම)
පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා , මම අහලා නැහැනේ සත්‍යපාල ඇත්ත කියනවා ,,(ම)
සහතික ඇත්ත පිවිතුරු. ප්‍රසන්න සිල්වා රට ගැන හිතපු අපට ඉන්න හොද සෙන්පතියෙක්.මෙතන අපැහැදිලි දෙයක් තියෙනවා (බ)
චන්දීම මල්ලිත් ඔය ගණයටම අයත් වෙනවනේ. බුදුදහම අදහන්නේ නේද. ප්‍රසන්න දැන් යුද හමුදාවේ 25ක් සේවය කරන කෙනෙක්. මෙපමණ කල් එයා අතින් වැරදි වෙලා නැහැ සේවය කාලේ. නිකන් මිනිසුන්ගේ ජීවිත අවුල් නොකර තම තමන්ගේ මලු වල තියෙන කුණු ටික සුද්ද කර ගත්තොත් හොඳ නේද (බ)
මෙතුමා වැරදි දෙයක් කරන්න හැදුවා කියලා මට නම් පිළිගන්න අමාරුයි (නි)
තමන්ගේ ගිනි අවිය ආරක්ෂා කරගන්න බැරි කෙනා දක්ෂයෙක් නොවේ (ම)
ප්‍රසන්න සිල්වා මහතා ගැන අපි හොඳින් දනිමු (නි)
මොහු එඩිතර මෙන්ම ඉතා ඉහළ හැකියාවක් තිබෙන නිලධාරියෙක්. යුද්ධය ගැන හරියට නොදන්නා අයගේ කතා බැලුවහම දුකත් හිතෙනවා. (නි)
ජෙනරාල් ප්‍රසන්න සිල්වා හිටපු විශේෂ බලකා අණදෙන නිලධාරියෙක්.මාවිල්ආරු ඉඳලා තොප්පිගලට යනතුරු විශේෂ බලකාය මෙහෙයවූ ඉතාම විශිෂ්ට අණදෙන නිලධාරියෙක්. හමුදාවේ හිටපු හොඳම මොළයක්. බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා (නි)
මට නම් මේ දේවල් විශ්වාස කරන්නත් අමාරුයි (නි)
මෙතන පොඩි ගෝනි සෙල්ලමක් තියෙනවා වගේ. (ර)
විජිත් මහත්තයෝ, ඔයා ඉන්නේ මොන රටේද? මම අහලා නැහැ හමුදා ලොක්කට වළ කපන්න එදා හිටපු පොඩි ලොක්කෙකුට පුළුවන් කියලා. (නි)
ඔය සජිත් මහත්තයා යමක් ලියන්න කලින් හොඳට හොයලා බලලා ලියන්න පුරුදු වෙන්න. පුරුදුවෙන්න හරි දේ දකින්න සහ හරි දේ ලියන්න. (නි)
ප්‍රසන්න නරක වැඩක් කරන්න හැදුවද කියන එක තීරණය වෙන්නේ යුධ සමයේ ඔහුගේ අතීතයෙන් නොවේ (නි)
ඔයා තමයි ෆොන්සේකා මහත්තයාට වල කැපුවේ.(අ)