සුරියවැව වෙහෙරපැලැස්සේදී පැහැරගනු ලැබී යැයි කියැවුණු තරුණියක (24) යාල වනෝද්‍යානයයේ කොහොඹ ගසක් උඩ සිටියදී අද (03) අලුයම සොයා ගත් බව සූරියවැව පොලීසිය කියයි.
සූරියවැව නිමි ඇදුම් කඩයක සේවය කළ ඇය විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පෙර දිනයේ පැහැර ගන්නට ඇතැයි පොලීසිය සදහන් කරයි. ඇය පැහැර ගත් බව සැකකරන තරුණ සැක කරුවෝ තිදෙනෙක් ද වෑන් රියක් ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුහ.
බ්‍රහස්පතින්දා (02) සවස හයට පමණ ඇය පැහැර ගන්නට ඇතැයි ද එදින රාත්‍රියේ තිස්සමහාරාම කිරින්දේදී වෑන් රථය හා රියදුරා මුලින්ම අත්අඩංගුවට ගත හැකි වී යැයි ද පොලිසිය කියයි.
තරුණිය යාල වනෝද්‍යානයෙන් සොයා ගන්නට දෙපැයකට පමණ පෙර වනෝද්‍යානයේ සැඟවී සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු ප්‍රධාන සැකකරු බව සොයා ගත් බවත් පොලීසිය සදහන් කරයි.
සැකකරුවන් තරුණිය හා වෑන් රියද හම්බන්තොට මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා ඉස්නයිපර් කෙනෙක් වෙන්න ඇති? පුරුද්දට ඔය උඩට නැගල ඔත්තු බලද්දී පොලිසියෙන් අල්ලන් තියෙන්නේ (නදී)
මේ වගේ අයට ගහන්න ඕන ඉන්දියාවේ ගහනවා වගේ. (ස)
කෙල්ලව දුෂණය කරලද..? (ස)
සුගනවති, ඉන්දියාවේ අය ගැන කියලා දෙන්න අපේ අයට (නි)
අවුරුදු 24 න් පැනලා නම් සම්පුර්ණයෙන්ම වැඩිහිටියෙක් නේ. දෙමවුපියෝ යෝජනාව ප්‍රතික්ෂේප කළාට දෙන්න කැමැත්තෙන් ගිහින්ද දන්නේ නැහැනේ? (නදී)
අනේ කවුරුහරි මේ පින්තුගේ ප්‍රශ්නයට උත්තර හොයලා දෙන්න. (නි)
දැන් ඔක්කොම වැඩ හරිනේ. ලොක්කෝ පුරුදු කරපු ඒවා (නදී)
අනේ මන්දා දැන් පෙරහැර ගිහිල්ලා. ඉල්ලමක් වගේ මිනිස්සුන්ට (නදී)
දැන් ඉතින් විත්තියේ කළු කෝට් මහත්වරු කියාවි තරුණිය කැමැත්තෙන්මයි ආවේ කියලා. (නි)
අනේ! ගැහැණු ළමයා හොඳින් නම් එච්චරයි (නි)
ගෑනු ළමයා බේරිලානම් එච්චරයි (අ)
එහෙනම් බහින්නද?ඔන්න එහනම් බැස්සා. (අ)
සෑම්, පට්ට කතාව. (නදී)
නුතන පටාචාරාවෝ ඉන්නවා. නුතන කිසාගෝතමියෝ ඉන්නවා. නුතන අම්බපාලියෝ ඉන්නවා. මේ නුතන උදුම්බරාවද්ද? (නි)
පිංගුත්තර උදුම්බරා කතාවේ නව අර්ථකතනයක් ? (නදී)
මේකට තමයි උස්සනවා කියන්නේ උඩටම උස්සල ගහක් උඩින් තියල. බිමට බහින් බිමට බහින් ස්වර්ණමාලි කුමාරියේ ඔන්න ගොරබි රන් රකුසෝ වෑන් රථයකින් එනවෝ. (නදී)