IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මඟුල් පෝරුව කැඩේ :මනාලිය යාල ගහක් උඩ

සුරියවැව වෙහෙරපැලැස්සේදී පැහැරගනු ලැබී යැයි කියැවුණු තරුණියක (24) යාල වනෝද්‍යානයයේ කොහොඹ ගසක් උඩ සිටියදී අද (03) අලුයම සොයා ගත් බව සූරියවැව පොලීසිය කියයි.

සූරියවැව නිමි ඇදුම් කඩයක සේවය කළ ඇය විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පෙර දිනයේ පැහැර ගන්නට ඇතැයි පොලීසිය සදහන් කරයි. ඇය පැහැර ගත් බව සැකකරන තරුණ සැක කරුවෝ තිදෙනෙක් ද වෑන් රියක් ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුහ.

බ්‍රහස්පතින්දා (02)  සවස හයට පමණ ඇය පැහැර ගන්නට ඇතැයි ද එදින රාත්‍රියේ තිස්සමහාරාම කිරින්දේදී  වෑන් රථය හා රියදුරා මුලින්ම අත්අඩංගුවට ගත හැකි වී යැයි ද පොලිසිය කියයි.

තරුණිය යාල වනෝද්‍යානයෙන්  සොයා ගන්නට දෙපැයකට පමණ පෙර  වනෝද්‍යානයේ සැඟවී සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු ප්‍රධාන සැකකරු බව සොයා ගත් බවත් පොලීසිය සදහන් කරයි.

සැකකරුවන් තරුණිය හා වෑන් රියද හම්බන්තොට මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 



අදහස් (0)

මඟුල් පෝරුව කැඩේ :මනාලිය යාල ගහක් උඩ

රූපවතී Friday, 03 October 2014 06:06 PM

එයා ඉස්නයිපර් කෙනෙක් වෙන්න ඇති? පුරුද්දට ඔය උඩට නැගල ඔත්තු බලද්දී පොලිසියෙන් අල්ලන් තියෙන්නේ (නදී)

:       0       0

සුගුණවති Friday, 03 October 2014 10:24 AM

මේ වගේ අයට ගහන්න ඕන ඉන්දියාවේ ගහනවා වගේ. (ස)

:       0       0

පින්තූ Friday, 03 October 2014 10:53 AM

කෙල්ලව දුෂණය කරලද..? (ස)

:       0       0

චමත් ඉතාලිය Friday, 03 October 2014 11:12 AM

සුගනවති, ඉන්දියාවේ අය ගැන කියලා දෙන්න අපේ අයට (නි)

:       0       0

ලලිත් Friday, 03 October 2014 09:36 PM

අවුරුදු 24 න් පැනලා නම් සම්පුර්ණයෙන්ම වැඩිහිටියෙක් නේ. දෙමවුපියෝ යෝජනාව ප්‍රතික්ෂේප කළාට දෙන්න කැමැත්තෙන් ගිහින්ද දන්නේ නැහැනේ? (නදී)

:       0       0

ලියනගේ Friday, 03 October 2014 12:00 PM

අනේ කවුරුහරි මේ පින්තුගේ ප්‍රශ්නයට උත්තර හොයලා දෙන්න. (නි)

:       0       0

දිලිප් Friday, 03 October 2014 12:10 PM

දැන් ඔක්කොම වැඩ හරිනේ. ලොක්කෝ පුරුදු කරපු ඒවා (නදී)

:       0       0

සුජිත Friday, 03 October 2014 12:19 PM

අනේ මන්දා දැන් පෙරහැර ගිහිල්ලා. ඉල්ලමක් වගේ මිනිස්සුන්ට (නදී)

:       0       0

භානු Friday, 03 October 2014 02:13 PM

දැන් ඉතින් විත්තියේ කළු කෝට් මහත්වරු කියාවි තරුණිය කැමැත්තෙන්මයි ආවේ කියලා. (නි)

:       0       0

පබසරා Friday, 03 October 2014 02:15 PM

අනේ! ගැහැණු ළමයා හොඳින් නම් එච්චරයි (නි)

:       0       0

චිරන්ති ගුණදාස Friday, 03 October 2014 02:21 PM

ගෑනු ළමයා බේරිලානම් එච්චරයි (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Friday, 03 October 2014 02:49 PM

එහෙනම් බහින්නද?ඔන්න එහනම් බැස්සා. (අ)

:       0       0

හර්ෂ Saturday, 04 October 2014 02:57 PM

සෑම්, පට්ට කතාව. (නදී)

:       0       0

නලීන් Friday, 03 October 2014 03:10 PM

නුතන පටාචාරාවෝ ඉන්නවා. නුතන කිසාගෝතමියෝ ඉන්නවා. නුතන අම්බපාලියෝ ඉන්නවා. මේ නුතන උදුම්බරාවද්ද? (නි)

:       0       0

සමන්ති Friday, 03 October 2014 04:02 PM

පිංගුත්තර උදුම්බරා කතාවේ නව අර්ථකතනයක් ? (නදී)

:       0       0

සෑම් Friday, 03 October 2014 04:07 PM

මේකට තමයි උස්සනවා කියන්නේ උඩටම උස්සල ගහක් උඩින් තියල. බිමට බහින් බිමට බහින් ස්වර්ණමාලි කුමාරියේ ඔන්න ගොරබි රන් රකුසෝ වෑන් රථයකින් එනවෝ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site