IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මඟුල ගන්නත් කලින් අපට "බබෙක්"

20151221-relationship-03 new  

 

රයිනි චාරැකා ගුණතිලක (රෑකාන්ත - චන්ද්‍රෙල්කා යුවලගේ දියණිය) සහ අකිල ධර්මසේන යන දෙපළ කලාවට පෑයූ අලුත්ම කලා සුසංයෝගය ලෙස හඳුන්වාදීම නිවැරදිය. එක්සත් ජනපදයේ සිටියදී දැන හඳුනාගෙන ප්‍රේමයට මුල පිරෑ ඔවුන් දෙදෙන මේ වනවිට නීතිය ඉදිරියේ ආදරණීය සැමියා සහ බිරිඳ වී හමාරය. ඔවුන්ගේ එම සතුට බෙදාගැනීමේ මංගලෝත්සවයද නොබෝ දිනකින් උදාවන බවට පැතිර යන ආරංචි නිසාම ඔවුන් හමුවී අලුත් තොරතුරැ දැනගැනීමට හදසර අපි කල්පනා කළෙමු.

 

0101 අකිල, රයිනි ඉතින් කොහොමද ජීවිතේ? මොනවද අලුත් විස්තර?
20151221-relationship-05-new 01රයිනි - අලුත් විස්තර කියන්නේ අපි ඉතින් වෙනදා විදිහටම හොඳින් සැපෙන් ඉන්නවා. අපේ බිස්නස් එක තමා ඉතින් අලුත් දේකට කියන්න තියෙන්නෙ.


0101 ඒ කියන්නෙ දැන් ව්‍යාපාරිකයොද? ඒ ගැනත් කියමු එහෙනම්?

රයිනි - ඔව්. අපි Party People Entertainment නමින් උත්සව අවස්ථා සංවිධානය කරන ආයතනයක් පටන් ගත්තා. ඒකෙ වැඩ එක්ක දැන් ටිකක් කාර්යබහුල වෙලා තියෙන්නෙ.


0101 බිස්නස් හොඳයිද?

රයිනි - වරදක් නැහැ. හැබැයි ගොඩක් අය හිතන්නේ අපේ නම් ගෑවිලා තියෙන හින්දා ගොඩක් ගණන් ඇති කියලයි. එහෙම නෑ අපි හෝටල් හරි වෙන තැන්වලින් කමිෂන් මුකුත් තියාගන්නෙ නැතිව පුළුවන් අඩුම මුදලට Events සැලසුම් කරනවා. 


0101 ඔයාලා දෙන්නම ගිහින් ඒවායෙ වැඩකරනවද?

රයිනි - ඔව් අපි දෙන්නයි තව එක්කෙනෙක් ඉන්නවා. අපි තුන්දෙනා තමයි ගිහිල්ලා සේරම සම්බන්ධීකරණ වැඩ ටික කරන්නෙ. සියලු දේවල් පරීක්ෂා කරන්නෙත් අපිමයි.


0101 ඔයාලගෙ වෙඩින් එක ඔයාලගෙ ආයතනයෙන්ම ප්ලෑන් වෙන්නද යන්නෙ?

අකිල - එහෙම දෙයක් තාම හිතල නැහැ. අපි විවාහ උත්සවත් සංවිධානය කරනවා. විශේෂයෙන්ම ශබ්ද පරිපාලනය, සංගීතය සියල්ල ඒකට එකතු වෙනවා. ඒක තමයි අපේ බබා දැන්.


0101 ලබන අවුරැද්දෙ අපට ඒ විදිහෙ විශේෂ ප්‍රවෘත්තියක් ලැබෙයිද?

රයිනි - විශේෂ ප්‍රවෘත්තියක් හැමෝම ඉල්ලනවා. අපි ඉතින් උත්සාහ කරනවා ලබන දෙසැම්බර් වෙද්දි වගේ විවාහ උත්සවය පවත්වන්න. ලබන මාසෙදි විතර ඒක හරියටම තීරණය කරනවා.


0101 වැඩිදුර යන්න කලින් අපි මේ සම්බන්ධෙ මුලට යමු. මේක අවුරැදු හතක් අටක් පරණ ආදර කතාවක් නේද?

රයිනි - හා හා ඔව් ඔව්. මට අකිලව හම්බ වෙන්නෙ තාත්තිගෙ රෑ ඇන්ඩ් කෘ බෑන්ඩ් එකේ අකිල වාදනය කරද්දියි. ඒ දවස්වල අපේ ගෙදර නිතරම අකිලගෙ නම කියවෙනවා. අනික අනිත් වයස අය අතරේ තරැණ කොල්ලෙක් විදිහට ඩ්‍රම්ස් ගැහුවෙ අකිල. ඔහොම යද්දි අපි කතාකරන්න පටන් ගත්තා. 


0101 දැකපු මුල් ගමන්ම මොනව හරි හිතුණද?

රයිනි - එහෙම වුණේ නැහැ. අපි හොඳ යාළුවො වගේ හිටියෙ. මම මුලින්ම සින්දුවක් කියන්න තාත්තිලාගෙ ෂෝ එකකට ආවම අකිල ඇහුවා ආ ඔයාත් සින්දු කියනවද අපි අහවල් දවසෙ අර Tour එක යනවා ඒකටක් එනවද කියලා. ඔහොම පොඩ්ඩ පොඩ්ඩ තමා අපේ දැන ඇඳුනුම්කම පටන් ගත්තෙ. 


අකිල - මම බෑන්ඩ් එකෙන් අයින් වුණාට පස්සෙ තමා ඇත්තටම අපේ සම්බන්ධෙ පටන් ගත්තෙ. ඔය රයිනිලා අවුරැදු පහකට පස්සෙ ලංකාවට ආපු කාලෙ. 2009/10 විතර. 


0101 මුලදි සම්බන්ධෙ ගෙනිච්චෙ රයිනිලාගෙ ගෙදරට හොරෙන්ද?

රයිනි - අපි හිතන් හිටියෙ ගෙදරට හොරෙන් ගෙනියන්න තමා. හැබැයි මාසයක්වත් එහෙම ඉන්න ලැබුණෙ නෑ. මොකද මම ඇහිපිල්ලමක් ගැහුවත් අම්මිට තේරෙනවා. ඊටපස්සෙ කොහොමහරි එයාලා දන්නෑ වගේත් පොඩි කාලයක් රඟපෑවා. තාත්ති සෑහෙන කාලයක් දන්නෑ වගේ පෙන්නුවා.


0101 ගෙදරින් ප්‍රශ්නයක් ආවෙම නැද්ද?

රයිනි - ප්‍රශ්න නැත්තෙ කාටද? මේක ලංකාවේ ආදර සම්බන්ධයක්නෙ. ලංකාවේ ඕනම ආදර සම්බන්ධයක ගෙදර ප්‍රශ්න කියන එක සාමාන්‍ය දෙයක්. අනික අපෙ තාත්ති ඒ වගේ දේකට ලෑස්ති පිට හිටියෙත් නෑ. 


අකිල -  ඕන දෙමව්පියෙක් කැමැති තමන්ගෙ ළමයට උපරිමය ලබාදෙන්නනෙ. හැමවෙලාවෙම තවත් වැඩියෙන් දෙයක් දෙන්නනෙ. අපි කවදහරි මව්පියෝ වුණාමත් එහෙමම හිතාවි.


0101 ගෙවුණු අවුරැදු පහක හයක කාලය කොහොමද? හැලහැප්පිලි එහෙම නැද්ද?

රයිනි - අපෝ ඔය පොඩි පොඩි රණ්ඩු සරැවල් නම් ඕන තරම් තියෙනවා.


0101 විවාහයට මෙච්චර කල් ගතවුණේ ඇයි?

අකිල - ඇයි ඉතින් අපි යාළුවෙද්දි රයිනිට අවුරැදු දහඅටයිනෙ. ඉගෙන ගන්න වැඩයි අනෙත් වැඩකටයුතු සේරමයි එක්ක විවාහ වෙන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. හැබැයි මේ වෙද්දි අපි නීතියෙන් විවාහකයි.


0101 සංගීතය පැත්තෙන් රයිනි මොනවද මේ දවස්වල කරන්නෙ?

රයිනි - මෙහෙමනෙ. මම සාමාන්‍යයෙන් අවුරැද්දකට එක සින්දුවක් වගේ කරන කෙනෙක්. මම එහෙම සින්දු දෙක තුන අවුරැද්දකට නිකුත් කරන්නෙ නෑ.


0101 ඒ මොකද අගේ වැඩි කරන්නද?

රයිනි - අනේ නෑ අනේ. ඒකට හේතුව මට හිතට අල්ලන සින්දු හරි අඩුයි. අනික මම සින්දුවක් කරන්න ගොඩක් මහන්සි වෙනවා. උදාහරණයක් කිව්වොත් චංචල දෑසේ සින්දුව එන්නෙ 2014 අවුරැද්දෙ. හැබැයි මම ඒකෙ වැඩ පටන් ගත්තෙ 2010 විතර. ඉතින් ඒ වගේ. 


0101 එච්චර කාලයක් යන්නේ වීඩියෝ එක හින්දද?

රයිනි - නැහැ නැහැ වීඩියෝ හින්දා නෙමේ. මම ඕඩියෝ එකටත් සෑහෙන කාලයක් ගන්නවා. අනික මගේ වීඩියෝ අරගෙන බලන්න මම ඒවට එච්චර මහන්සි වෙලා නැහැ. බොහොම සරලයි. 


0101 එතකොට අලුත්ම සින්දුව අහන්න ලැබෙන්නෙ කොයි කාලෙ වගේද?

20151221-relationship-04 newරයිනි - දැනට මම සින්දුවක් හොය හොය ඉන්නෙ. හැබැයි ලබන අවුරැද්දෙ මැද වෙද්දි සින්දුවක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. 


0101 රයිනි චාරැකා කියන සංගීත ශිල්පිනියගේ සංගීත ශෛලිය මොකක්ද කියල ඇහුවොත්?

රයිනි - ම්ම් මට ඒකට හරි උත්තරයක් දෙන්න අමාරැයි. මොකද මම එක එක විදිහේ සින්දු කියලා තියෙනවා.


අකිල -  කමක් නැද්ද මම ඒකට උත්තරයක් දුන්නට. මේකයි ලංකාවෙ ඉන්න සංගීත ශිල්පීන්ට වෙනම ශෛලියක් විදිහට යන්න අමාරැයි. දැන් අමෙරිකාවෙ ගත්තොත් ඒ ඒ ශෛලීන්ට වෙන්වුණු අය ඉන්නවා. හැබැයි අපේ රටේ එහෙම නෙමේ. මෙයාගෙ අම්මා තාත්තා ගත්තත් එහෙමයි විවිධ ශෛලියේ ගීත ගායනා කරලා තියෙනවා.


0101 අකිල මොනවද සාමාන්‍යයෙන් කරන සංගීත වැඩ කටයුතු?

අකිල - මම එක්සෝටික් කියන සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. ගොඩක් හෝටල් සහ උත්සව අවස්ථාවලට සංගීතය සපයනවා. ඉතින් කණ්ඩායමේ වැඩ වගේම රයිනිගේ සංගීත වැඩවලටත් සම්බන්ධ වෙනවා. ඉතින් බොහොම නිදහස් ගමනක් ගතකරනවා. 


0101 කොහොමද රෑකාන්තලාගේ බෑන්ඩ් එකට එකතු වුණේ?

අකිල - රයිනිලාගෙ තාත්තා අමෙරිකාවෙ ඇවිත් බෑන්ඩ් එකක් හැදුවා. මෙයාලා හිටියෙ නිව් යෝර්ක්. මම හිටියෙ වොෂිංටන් ඩීසී. බ්ලු ෂැඩොස් සංගීත කණ්ඩායමේ මිලාන් රොද්‍රිගෝ අයියා තමා මාව රයිනිලාගෙ තාත්තට සම්බන්ධ ක‍ළේ.


0101 අකිලට අදහසක් නැද්ද සින්දුවක් කියන්න?

තවම එහෙම ලොකු අදහසක් නැහැ. මට සින්දු කියන්න පුළුවන්. හැබැයි මහා ගායකයෙක් වෙන්න තරම් කියන්න මට බැහැ. 


0101 අමෙරිකා‍ෙව ඉඳලා සංගීතය කරන්න හිතුණෙ නැද්ද?

අකිල - ඒක මෙහෙමයි. එහේ සංගීතය කරනවා නම් ඉහළටම කරන්න ඕන. එහේ තව රස්සාවක් කරගෙන සංගීතය කරන්න පුළුවන්කමක් නැහැ. ඒකම විතරයි. හඳට යන්න හිතන කෙනා හඳටම යන සංස්කෘතියක් එහේ තියෙන්නෙ. අනික මම අපේකමට ගොඩක් ආසයි. මම අමෙරිකා ගියාට යද්දිම හිතාගෙන ගියේ අහවල් කාලෙ වෙද්දි ලංකාවට ආපහු එනවා කියලා. 


0101 සංගීතය කරලා ලංකාවෙ ජීවත් වෙන්න පුළුවන්ද?

අකිල - ඔය ලොකු සංගීත කණ්ඩායම් අතාරින්නකො. කොළඹට පොඩ්ඩක් බැහැලා බලන්න ෆුල් ටයිම් මියුසික් කරන බෑන්ඩ්ස් කොච්චර තියෙනවද කියලා. කොළඹ අවට සංගීත පැත්තට ගොඩක් අවස්ථා තියෙනවා. 


0101 රයිනි කවදද පයිලට් කෙනෙක් වෙන්නෙ?

රයිනි - මට දැනටම ප්‍රයිවෙට් පයිලට් කෙනෙක්. නමුත් කොමර්ෂල් පයිලට් කෙනෙක් වෙන්න සෑහෙන කාලයක් යනවා. අනික ඒකට ලොකු ගාණක් වියදම් කරන්න වෙනවා. ඉතින්  ඒක ටිකක් අතපසුවෙලා තියෙන්නෙ. 


0101 නත්තලට මොනවද කරන්න ඉන්නෙ?

අකිල - මොනවහරි කරන්නත් ඕන තමා. හැබැයි තාම මුකුත් කල්පනා කරන්න බැරිවුණා. හැබැයි දෙසැම්බර් 27 රෑ සඳ රූ කියල මෙයාලගෙ ප්‍රසංගයක් තියෙනවා. පොල්ගොල්ලෙ මහින්ද රාජපක්ෂ රඟහලේ. ඩැඩී ගෘප් එක තමා වාදන කටයුතු කරන්නෙ. 


0101 රයිනි දැන් රඟපාන්නෙ නැද්ද?

රයිනි - සිංහාවලෝකනයෙන් පස්සෙ මට තව ආරාධනා දෙකක් විතර ආවා. හැබැයි ඒවා එකකටවත් මම කැමැති වුණේ නැහැ. මොකද ඒවායෙ අඳින පළඳින විදිහ ගැන වුණත් මට කැමැත්තක් තිබ්බෙ නෑ. පස්සෙ ඉන්දියාවේ පිරිසකුත් එක්ක බුද්ධාගමේ කතාවකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. හැබැයි මම ලංකාවෙ හිටියෙ නැති නිසා ඒකට සම්බන්ධ වෙන්න බැරිවුණා. දැන් සිතින් සිනා සිසී කියලා චිත්‍රපටයකට කතාකරලා තියෙනවා. ඒකෙ හොල්මනක චරිතයක් තමා මට ලැබිලා තියෙන්නෙ. හැබැයි ඒක තාම පටන්ගන්න පාටක් නැහැ. 

 

- රජිත -  - සේයාරෑ I  සුමුදු -
 Location I THE KINGSBURY COLOMBO 

 

 

 



අදහස් (0)

මඟුල ගන්නත් කලින් අපට "බබෙක්"

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site