මීගහතැන්න සමනළ වත්තේ නිප්පොන් බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉදිවන අසූ අට රියන් පිළිම වහන්සේ පද්මාසනය දක්වා වැඩ නිමවා තිබේ
නිප්පොන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩගම සුමගල හිමියන්ගේ මූළිකත්වයෙන් ඉදිකෙරෙන මෙහි ඇස්තමේන්තුව රුපියල් ලක්ෂ 400 කි
හම්බන්තොට ගිරිවාපත්තුවේ ජී එස් පියසේන සහ ජී එස් චන්ද්‍රසේන යන සොහොයුරෝ පිළිමය අඹති
විවේකී අවස්ථාවන් හිදී සුමංගල හිමියෝද සිසු පිරිසද මෙහි කටයුතු සඳහා සිය ශ්‍රමය කැප කරති
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාන්තයෙන්ම වටිනා පින් කමක් ...! අනේ මටත් සහ භා ගී වන්නට ඇත්නම් කොපමණ හොදද ? මේ වැඩකරන අ යට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ..! (අ)
. සදු, සදු ,සදු එත් කණු වල සක්තිය මදි නේද .(අ)
පටු විදියට හිතන්න එපා. පෙර රජවරුන් එහෙම හිතුවා නම් අද අපිට අහස සිබින දාගෙබ් වෙහෙර විහාර නෙතිවෙන්න තිබුන...ඒවා තමා අපේ සිංහල බෞද්ධ රටක් ලෙස තියෙන සලකුණු (අ)
ඔයා හරි හර්ෂ., අපි එකිනෙකා හිතන පතන විදිය ගොඩක් වෙනස්, මෙහි අදහස් බැලුවත් එහෙමනෙ., හැබැයි ගොඩක් උතුම් කටයුත්තක්, චන්දි කියන්න වගේ අපිටත් සහබාගි වෙන්න පුළුවන් නම් කොච්චර උතුම් පිනක්ද.....? (දී)
ඒකාන්තයෙන්ම වටිනා පින් කමක්. අනේ මටත් සහභාගී වන්නට ඇත්නම් කොපමණ හොදද? මේ වැඩකරන අයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නදී)
ගොඩක් හොදයි . හැබයි මේ මුදලම දුප්පත් ළමය්න්ගේ අධ්‍යාපනයට වෙන් කලොත් ඒක ආයෝජනයක් වේවි (දී)
අනේ රටේ මිනිස්සු කන්න නැතුව බොන්න නැතුව දුක් විඳින අවස්ථාවේ බුදු හාමදුරුවෝ වදාළ නැති දෙයක් කරන්නේ මොනවාටද? (දී)
බඹයක් විතර වූ මේ මේ ශරීරය තුලින් ලෝකය දකින්න කියල අපට දේසනා කලත් අපි එය නොදක රියන් 88 කින් එය දකින්න හදන්නේ කොහොමද (දී)
හැමෝම තමන්ගේ කෑම ගැන විතරක් හිතන්න එපා (දී)
මට නම් හිතෙන්නේ මේ බර දරගන්න මේ කණු ශක්තිමත් මදි (දී)
අපිටත් මේ මහානිසංස පින්කමට දායක වීම සදහා ලොකු හාමුදුරුවන් වහන්සේ සම්බන්ද කර ගැනීම සදහා අවස්ථාවක් ලබා දෙන්න (දිල්)
යහපත් දෙයක් කරන විට එයට සම්බන්ධ වෙන්න හිතින්වත් ආශිර්වාදකරන්න අකුල් හෙළන්න එපා (දිල්)
සාංඝික කරල හදන මේ පිළිම වහන්සේට යන ලක්ෂ 400 ත් ආයෝජනයක් තමයි මේ සංසාරෙට(අ)
හොඳ වැඩක්.තෙරුවන් ගුණ බලයෙන් මෙයඉක්මණින් අවසානයක් වේවා .(අ)
අත්තිවාරම ප්‍රමාණවත් නැති බව බැලු බැල්මට පෙනෙනවා (දිල්)
මටත් මුලින්ම කල්පනා වුණේ ගාමිණීගේ අදහසමි. කණු මදි වගේ බර උසුලන්න. ඉංජිනේරු උපදෙස් ලබාගෙන ඇති කියල හිතනවා. (අ)
මේ ලෝකයේ මිනිසුන් එකිනෙකා වෙනස් , හිතන විදිහ වෙනස්. අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඒක තමා පරම සත්‍ය. සුමංගල හාමුදුරුවෝ කරන්නේ උන්වහන්සේ ට හිතෙන විදිහට, කරන්න පුලුවන් විදිහට සාසනික මෙහෙවරක්. ඒක උන්වහන්සේගේ සංසාර ගමනින් එතෙරවෙන්න උන් වහන්සේ ගන්න උත්සහයක්. (දිල්)
මේ අදහස් දාන අය හිතන් ඉන්නේ මොනවත් නොකර ඉන්න මිනිස්සුන්ට නිකන් කන්න දෙන්න ඕනේ කියලද (දී)
මේ අත්තිවාරම ශක්තිමත් මදි වගේ. හැබැයි කරන එක ලස්සනට කරන්න (අ)
බොහොම පිං ඇති වැඩක් (අ)
සාධු සාධු සාධු (ත)
පිළිම විසාලෙට හදන්න පුදුම තරඟයක් තියෙන්නේ .(ත)
අපේ පන්ලේ මේ පිලිමය හැදුව කියලා හාමුදුරුවො ලමයින්ට දෙන ශිෂ්‍යත්ව, උදව් උපකාර කවදාවත් නවත්වලා නෑ. මොකද ඒක මම තරම් දන්න කෙනෙක් තවත් නැති නිසා. මම හිතන්නෙ මේ ගැන විවේචන කරනවට වඩා අපිට මේ බුදු පිළිමය හදන්න උදව් උපකාර කරොත් නරකද? පුලුවන්නම් ඇවිත් බලන්න. මුදල් හදල් නැති උනත් ඔයාලට වැඩ ටිකක් කර දීලහරි උදව් කරන්න. ඒක තමයි හොදම දේ. මම කිව්ව දේවල්වලට කාගේ හෝ හිත රිදුනනම් මට සමා වෙන්න.(දී)