(යොහාන් භාසුර)
ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 1,110 ක විදුලිය ප්‍රමාණයක් එක්කර ගැනිමට මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 6ක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
එම ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවති බවත් එම ව්‍යාපෘති සඳහා පරිසර, ඉඩම් සහ අනෙකුත් අවසරයන්ට යටත්ව විදුලිය මිලදීගැනිමට ගිවිසුම් ගත වීමේ කටයුතු මේ මස නිමවීමට පෙර අවසන් කිරීමට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා කීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd