පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුනට අද(24) සිට සමානව ආරක්ෂාව සලසන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා පොලිස්පතිට නියෝග කළේය.
කතානායකවරයා එසේ ප්‍රකාශ කළේ තමාට මරණ තර්ජන ඇතැයි මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව සමයේදී තමා ඝාතනයට ලක් කිරීමට සිටින බව කියන කිහිප දෙනකුගේ නම්ද සමරවීර මහතා ඉදිරිපත් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සියළුම දෙනා කැදවා පෞද්ගලිකවම සාකච්ඡාවක් පවත්වන බව කතානායකවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසකයට මරණ තර්ජන කරන්නේ කවුද හැබෑට..... (ස)
තමාගේ රටේ බියක් සැකයක් නොමැතිව කෙනෙකුට ජීවත් වෙන්න බැරි නම් එම රට රටක්ද? (නි)
මරන්න කවුරුත් නැති වුණත්, සමහරු ඉන්නේ නම් මර බයේ. (නි)
ගෝටයිම්බර අතින් මිනිස්සු මැරුනා මිසක් මිනිස්සු ගෝටයිමිබර මරන්න තර්ජනය කළා කියලා ුැහුවේ අදමයි. (නදී)
මේකත් දැන් අලුත්ම ක්‍රමයක් . මංගලව මරන්න කවුරුත් නැහැ . එයාම බිලි බෝයි උනා පහුගිය කාලයේ. මේ අයව මරන්න තරම් මෝඩ මිනිස්සු නැහැ ලංකාවේ (නදී)
කුම්බලා මාලු කෑවා නම් විදවපන් බළලෝ කියලා කියන්නත් බැහැ වගේ දැන්නම් (නි)
පහු ගිය දවස්වල අර ඉරටු කෑලි වගයක් තියාගෙන මිනිස්සු පාරේ හිටියේ, එක ශ්‍රේණියේ ගණිතය පාඩමක් කියා දෙන්න වෙන්න ඇති නේද? (ස)
දැන් අහිංසකයෙක් තමා. (ස)
මේ වගේ වෙන කෙනෙක් තාම දැකලා නැහැ. (නි)
කතානායක තුමා ගෙදර කටිටය එක්ක මුලින්ම සාකච්ඡා කළා නම් තමයි හොද.(නදී)
තමන්ගේ තිබුන වරප්‍රසාද තියාගෙන ආණ්ඩුවේ ඉඳගෙන මිනිස්සුන්ට සේවයක් කළා නම් ඉවරනේ (නි)
අර පහුගිය කාලේ කෙනෙක් කිව්වා ..මංගල අවමංගල කරනවා කියලා ඒ .ජ.පය ඕකේ මුල කෑල්ල විතරයි ඇහිලා තියෙන්නේ ....එකයි ඔය කියන්නේ ... මෙයාව මරන්න ඩෙංගු මදුරුවෙක්වත් එන්නේ නැහැ ..මදුරුවාටත් පිස්සු හැදෙයි මෙයාගේ ලේ බීලා.....(නදී)
අනේ මොකටද සමනල්ලු මරන්නේ (නදී)
නොකියා හිටියට රටේ වැඩි හරියක් ජනතාව මරණ බයේ තමයි ජීවත් වෙන්නේ!පෝෂණීය කෑම වෙනුවට තනිකරම රසායනික පොහොර,අසනීපයකට ප්‍රමිතියෙන් තොර බාල ඔෟෂධ,ඊළග අයවැය ගැන කුතුහලය,හෙට දරුවට කන්න දෙන්න බැරුව රට යන්නද, දරුවා සමග ගගට පනින්නද,පෞද්ගලික බසයකින්, ත්‍රීවිලරයකින් නොමැරී,නොතැලී ගමනක් යන්න,විශ්ව විද්‍යාලේ ගිය දරුවා පෙට්ටියෙන් එයිද,ඩෙංගු මදුරුවා අපිවත් මරයිද,තව කම්හලකින් හෙට මරණීය විෂ වායුවක් පැතිරෙයිද?....... යනාදී ප්‍රශ්න ගොඩකට බයෙන් මිරිකිලා ඉන්න ජනතාවට ආරක්ෂාවක් ඇයි සපයන්න බැරි?? (නි)
අනේ රටක් වටිනා මිනිහනේ මරන්න තරම්. (ස)
මෙයා තමන්ගේ පක්ෂේ මිනිස්සුන්ටම පොලු වලින් ගහපු කෙනානේ. (ස)
අනිත් එවුන්ට ගහද්දි ඔය බය ආපු නැති එක පුදුමයි..... (ස)
ගැරඩි මරණ මිනිස්සු ලංකාවේ නෑ....(දිල්)
මෙයා මේ කතාව කියන්නේ පුරුද්දට. අද වෙනකල් කිසි කෙනෙක් කොස්සකින්වත් ගැහුවා කියල අපිනම් අහල නෑ(දිල්)
මෙයා කරන වැඩ වලටයි. මෙයාගේ චරියා පටිපාටියටයි අරාබි රටවල නම් මරණ දඩුවම ඇති සමහරවිට..(නදි)
ගෝඨයිම්බර කියන්නේ අපේ මහා යෝධයෙක්. රට දෙමළුන්ගෙන් බේරා ගන්න සටනේ හිටිය පතාක යෝධයෙක්. ඔහුට උපමා කරන්න කෙනෙක් මේ ලංකාවේ තවම පහල වෙලා නැහැ. ගෝඨයිම්බර ට අපහාස කරන්න හොඳ නැහැ..(නදි)
සමුළුවට අප්‍රිකාවෙනුත් එනවද? (නි)
එහෙම මිනිස්සු ලංකාවේ නැහැ මහත්තයෝ. (නි)