එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉවත්වන්නැයි බල කරමින් දෙවි නුවර සිට පා ගමනක් සංවිධානය කළ එජාප කණ්ඩායමට පහර දුන්නැයි සැක පිට 22ක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, මාතර මහනගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත, නාගරික මන්ත්‍රීන් වන නලීන් අබේගුණවර්ධන, නුස්කි ඉබ්බාල්, එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායක එච් ආර් විමලසිරි, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර මේ පිරිස අතර වෙති.
සැකකරුවෝ 15 දෙනෙක් එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා සමග පොලිසියට භාර වූහ. සෙසු හත් දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.
නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි වූ මේ විරෝධතාවය සංවිධානය කළ පළාත් සභා මන්ත්‍රීන් වන මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්තිලක මහත්වරුන් කියා සිටියේ පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දිය යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර ගතකරන්න තරමි එය ඒ තරම් දෙයක් නෙමෙයි. පක්ෂ නායකතුමා මේ ඇත්තන්ගේ විනය පරික්ෂණයක් පවත්වලා සියල්ල සමථයකට පත්කර ගනීවි..(නදී)
යවන්ඩ සිරිකොතට .(නදී)
මෙයාල මොනවද මේ කෙරන්නේ .....(නදී)
මෙතන ප්‍රශ්නේ මේ ගොල්ල පාගමනක් යන බවක් කලින් දන්වල තිබුනේ නැහැ රනිල්ට පක්ෂව යනවා කියලා. අනෙක් කට්ටිය සතියක සිට ප්‍රධාන පුවත් පත්වල දන්වල රටටම දන්වලා ඒක කලේ. එහෙම නම් මෙයාල හදිසියේ මෙවන් ගමනක් සංවිධානය කලේ මේක කඩාකප්පල් කරන්න කියන එක දෙකේ පන්තියේ ළමයෙකුට උනත් තේරෙනවා..(නදී)
දෙයි හාමුදුරුවනේ! යු.අන්..පී එකේ ඉන්න සේරම ගෝරියට බර අය වගේ. මම හිතුවේ නැහැ එහෙම..(නදී)
අයියෝ! (නි)
සාමය කඩකිරීමේ හා මහජන දේපොළ වලට හානිකිරිම වෙනුවෙන් මේ අය රක්ෂිත බන්ධනාගාර ගතකල යුතුය . (නදී)
දිවුරලා කියන්නම්,මංගල ඔය වගේ දේවල් කරන්නේ නැහැ (නි)
මමත් කියන්නේ සජිත් නායකයාට පත් කරමු කියලා (අ)
මේ අයව දින 14ක් වත් රිමාන්ඩ් බාරයේ තිබ්බොත් හොදයි. එක ඉවරම කරලා මංගලට ඔය කණ්ඩායමත් එක්ක වෙන පක්ෂයකට බඳුනකි. මෙවර පළාත් සබා ඡන්දෙදි ඔය කියන අයට ඡන්දය නොදී ඉඳිමු. රනිල්ට ජයවේවා. (අ)
දන්නේ නැති නිසයි අහන්නේ, එතකොට අර වෙඩි තියපු එක්කෙනා අත් අඩංගුවට ගත්තේ නැද්ද? (නි)
මම නම් මංගලට කැමති නැහැ (නි)
මේ ගොල්ලෝ කලින් ලැහැස්ති වෙලාද හිටියේ ඔය පා ගමනට ගහන්න? (නි)
එක්සත් ජාතික පක්ෂය වනාහි ප්‍රජා අයිති වාසි කම් රකින මානුෂික අයිතිය රකින පක්ෂයකි . එහි හරය මංගල සමරවීර සහ ඔහුගේ හෙංචයියලා විනාශ කර ඇත . පක්ෂයේ හරය විනාශ කිරීම පක්ෂය විනාශ කිරීමකි.(නදී)
මාර මංගල්‍යයයි නේද? (නි)
නිතිය අතට ගත් සියල්ලන්ට දඩුවම් දෙන ලෙස ආරක්ෂක ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමි.(නදී)
දකුණේ අලි කෙලගනිති... උතුරේ කොටි සුදු වතින් සැරසී බුලත් කොටුවට පනියි... (නි)
මංගල මහත්තය යු අන් පී එකේ ඉන්නකම් අපි යකාටවත් බය නැහැ.. මංගල මහත්තයට ජය වේවා..දිගුකල් සුවෙන් වැජබේවා....(නදී).
'රනිල්ට බෑ' කියපු මංගල මොනවද මේ කරන්නේ?.(නදී)
මන්ගල කඩේ යන්නේ නැතිව ඉන්න රනිල් මහත්තය වැඩේ හරියට කරයි !.(නදී)
සජිත්ගේ පියා නායකත්වයේ ඉන්නකොට නේද? ලලිත්ලා. ගාමිනිල වගේ ප්‍රබල පිරිසක් පක්ෂේ හැරලා ගියේ. මෙයාට නායක කම දුන්නොත් පක්ෂයට ඉතුරු වෙලා ඉන්න පරණ ප්‍රබලයෝ ටිකත් යන්න යයි. එක්සත් ජාතික පක්ෂය වල පල්ලට යයි. දැන් ඔය එළිවෙන්නේ ඊයේ රනිල් විරෝධී පෙළපාලියේ ගියේ කවුද කියල. මොලය කලඳක් තියෙන අයට හොඳට හිතල බලන්න සුදුසු සිද්ධියක් ..(නදී)