විදේශ අමාත්‍ය මංගල සමරවීර නිල සංචාරයක් සඳහා අද (04) ස්ලෝවෙනියාව බලා පිටත්ව යාමට නියමිත අතර දින හතරක කාලයක් ඔහු එරට රැඳී සිටිමට නියමිතය.
ස්ලෝවේනියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව විදේශ අමාත්‍යවරයා එරට සංචාරය කරයි.
විදේශ අමැතිවරයා එරට පැවැත්වෙන සමුළුවක් ඇමතීමට ද නියමිතය.
මෙම සංචාරය තුළින් ශ්‍රී ලංකාව සහ ස්ලෝවේනීයාව අතර පවතින දිගු කාලීන ද්විපාර්ශික සබඳතා නව මුහුණුවරක් ගනු ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ගමන්!
ස්ලෝවේනියාව යනු යුරෝපේ ඇති නොදියුණු කුඩා රටක් ආධාර ඉල්ලන්න ගියානම් හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුනා හා සමාන වෙනවා (බ)
අරණායක මිනිස්සු උන්හිටි තැන් නැතිවීමෙන් දුක් විඳිනවා. ඇමතිලා ලෝකේ වටේ සවාරි යනවා. රටේ ප්‍රශ්න විසඳන්නේ මොකටද කියලා හිතනවා ඇති. (නි)
ජනතා මුදල් වියදම් කරමින් ලෝකය වටේ ගොස් ජනතාව මුලාකරන ක්‍රමය පිළිබඳව එම රටවල්වල නායකයින් දැනුවත් කළොත් නරකද? (නි)
අනේ ඔහෙටම වෙලා ඉන්න. ඊයේ පෙරේදත් ව්‍යස්ථාව ගැන යාපනයේදී බොරුවක් කිව්වා කියලා ගියා. (බ)