(කාංචන කුමාර ආරියදාස)

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක්  දඹුල්ල දිගම්පතහ අතරමැදී කඳවුර ආසන්නයේදී අනතුරකට ලක්ව එක් කාන්තාවක් මිය ගොස් තවත් නව දෙනකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි සන්ද්‍යා කුමාරි 44 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි.

බරපතල තුවාල ලැබූ අවුරුදු තුනක පමණ කුඩා ගැහැණු දරුවකු මහනුවර රෝහලට මාරුකර යැවූ බව දඹුල්ල මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය .

දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල්‍යයකට සහභාගි වී හිරිවඩුන්න ප්‍රදේශයට මෙම ඥාතීන් පිරිස ගමන් කරමින් සිට ඇත හබරණ දෙසින් දඹුල්ල දෙසට යෝගට් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවීම් ඇති බවත් අනතුරින් කැබ් රථයේ ගමන් කළ සියලු දෙනාම තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය කියයි.