IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මංගල සත්‍ය කොමිසමකුත් යෝජනා කරයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීයැයි කියන ප්‍රශ්නයට හොඳම විසඳුම දේශපාලන විසඳුමක් බවත්, දෙපැත්තේම පිරිස් එක්ව නව රජය විශ්වාසයට ගෙන ඒ සඳහා බියෙන් හෝ සැකයෙන් තොරව සහාය දැක්විය යුතු බවත් විදේශ ඇමැති මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය අමතමන් අද ප්‍රකාශ කළේය.

ගිය රජයේ ප්‍රකාශ හා පොරොන්දු ගැන නොව නව රජය කියන දේ විශ්වාස කරන්නැයි ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට සම්බන්ධ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

‘අප විශ්වාසයට ගන්න. අද තියෙන්නේ අලුත් රජයක්. මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ රජය. මානව හිමිකම් සම්බන්ධයෙන් නව රජය ගෙන යන වැඩ පිළිවෙළට මෙරට හා පිටරට සහාය අවැසියි. ‘

සැමට සාධාරණ හා යුක්තිය ඉෂ්ඨ කිරීමට ශ්‍රී ලංකාවේ නව රජය ඇප කැපවී සිටින බව ද සමරවීර මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ගන්නා පියවරට සහාය දෙන බවත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය ගැන සතුටට පත් වන බවත් බ්‍රිතාන්‍ය නියෝජිතයා සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සංහිඳියාවක් ඇති කර යුක්තිය, සාධාරණය හා තිරසාර සාමය ඇති කිරීමට ශ්‍රී ලංකාවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාත් ගන්නා උත්සාහයට මහා බ්‍රිතාන්‍ය සහාය දෙන බව ද ඔහු කීවේය.

මොන්ටිනීග්‍රෝ නියෝජිතයා ශ්‍රී ලංකා යෝජනාවට සහාය දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව රජය ගෙන ඇති පියවර ගැන සෑහීමකට පත් වන බවයි.

මංගල සමරවීර මහතා මෙසේ ද පැවසීය.

‘ඔබ ද දන්නා පරිදි සංහිඳියාව ලේසියෙන් ඇති කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා කල් ගත වේ. බොහෝ දෙනා කඩිනම් විසඳුම් පතා නොඉවසිල්ලෙන් සිටිනවා එය තේරුම් ගත හැකියි.

නිදහසින් පසු අපේ රට අවස්ථා රැසකදීම වැරදි කර තිබෙනවා. අපට යළිත් වරක් වැරදි කරන්නට බෑ.

උතුරු ප්‍රශ්නයට විසඳුම් වශයෙන් දැනටම රජය දේශපාලන   විසඳුමක් සඳහා වැදගත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනපති වගවීමේ ප්‍රශ්නය විසඳීමට ක්‍රියා කරන්නේ ජාතික ස්වාධීනත්වය අනුවයි.  ඒ සඳහා අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. අධිකරණ ක්‍රියාවලියේ දී සියලු ජන කොටස් අතර විශ්වාසය තහවුරු කර නීතියේ ස්වාධිපත්‍ය පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය ඇති කිරීම වගකීමේ ප්‍රශ්නයේ අත්‍යවශ්‍යම කරුණකි.

මෙම ක්‍රියාවලියේ දී අධිකරණ හා පරිපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අප පිළිගන්නවා.‘

සමාජය සෝදාපාළු කළ වගවීමේ සංස්කෘතිය හා නීතියේ ස්වාධිපත්‍ය යළි ඇති කිරීමට මෙම කරුණු මහෝපකාරී වෙනවා. වැරදි කර දඬුවම් නොලබා බේරී යෑමට ඉඩ තැබීම ගැන සිතන විට මෙවැනි තත්ත්වයක් යළි ඇති කළ යුතුයි.

සත්‍යය සොයා ගැනීමට විශ්‍රවාසවන්ත තොරතුරු පිළිගත හැකි තොරතුරු හා ස්වාධීන යාන්ත්‍රණයක් ඇති කිරීමේ වැදගත්කම ගැන  රජය ක්‍රියා කරනවා.

සත්‍ය සොයා ගැනීම සඳහා නීතියෙන්ම සත්‍ය සොයා ගැනීම සඳහා යාන්ත්‍රණ දෙකක් පිහිටවිය යුතු යැයි රජය යෝජනා කරනවා.

 එකක් වනුයේ සත්‍ය යුක්තිය සංහිඳියාව සහ වැරදි යළි ඇති නොවීමේ ක්‍රියාවලියකි.

දෙවැනි කාරණය වනුයේ අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඔවුන්ගේ පවුල්වල අයට ඇති අයිතිය ගරු කරමින් අතුරුදන් වූවන් පිළිබඳ කොමිසමක් පිහිටවීමයි.

අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීමේ දී විශේෂ උපදේශන මණ්ඩලයක් නීතියෙන්ම පත් කළ යුතුයි.

වන්දි ගෙවීම සඳහා ගානි පූරණ කාර්යාලයයක් නීතියෙන්ම පිහිටැවිය යුතුයි.

පසුගිය දේ යළි සිදු නොවීම සඳහා පරිපාලන හා අධිකරණ ප්‍රතිසංස්කරණ මෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද අවශ්‍ය වෙනවා.

බලයෙන් අතුරුදන්වූවන් පිළිබඳවත් , ක්‍රෝධය හා පිළිකුල ඇති කරන කතා  අපරාධ ක්‍රියා ලෙස සැලකීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට දැනටම පියවර ගෙන තිබෙනවා.

දෙමළ ජනයා අතර පවතින දුක්ගැනවිලි විසඳා යළි එවැනි දේ සිදු නොවීම සඳහා කළ හැකි එකම දේ දේශපාලන විසඳුමකි.‘

UNHRC-2015-sep-14-mangala

4 1 3



අදහස් (0)

මංගල සත්‍ය කොමිසමකුත් යෝජනා කරයි

හෙට්ටිගේ Monday, 14 September 2015 01:00 PM

ඒක ඇත්ත. පරණ දේවල් ගැන දැන් හිත හිත ඉඳලා තේරුමක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site